මෙික කෙටි චිත්‍රපටයක්. මෙතෙක් කාලයකට ලංකාවෙි කෙටි චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්ගෙන් නොහැදුණ සහ නොදුටු විශිෂ්ට කෙටි චිත්‍රපටයක් සහ වෙනස්ම සන්දර්භයක් තියෙන කෙටි චිත්‍රපටයක් කියුවොත් නිවැරදි. ඇජෙන්ඩා 14 කෙටි චිත්‍රපට උළෙලේදී හොඳම චිත්‍රපටය වෙනුවෙන් සමිමානය දිනාගන්නට “Krimikosh” කෙටි චිත්‍රපටය හැකි වෙනවා. සැබැවින්ම මෙතෙක් ලංකාවෙි කෙටි චිත්‍රපටයක් තුළින් නොදුටු අපුර්වත්වයක් “Krimikosh” ඇතුලේ දැක්කා. ඉන්දියානු ජන සමාජය සහ එහි ඇති මානුෂ සබඳතා වගේ දේවල් චිත්‍රපටය තුළින් මුඛ්‍ය තේමාව බවට පත් වෙනවා. පරිසරය සහ මනුෂ්‍යයා අතර සබැඳියාව අමුර්ත(Abstract) ස්වරෑපයක් සැමවිටම වගේ චිත්‍රපටය තුළ පිහිටනවා. චිත්‍රපටය තුළ පරිසරය සහ මානවයා අතර ඇති සබඳතාවය කෙතරමි දුරට සමීපද සහ එහි ඇති සීමාකමි මොනවාද යන්න පිළිබඳවත් ප්‍රේක්ෂකයාගේ මනසට ආමන්ත්‍රණය කරනවා.
+ආගම {Religion}
+ලිංගිකත්වය (Sexually)
+ජීවය(Life)
+උපත(Birth)
මෙි මාතෘකා තුන චිත්‍රපටයයේ කාලය සහ අවකාශය තුළ කැකැරෙමින් විනාඩි කිහිපයක් ඔස්සේ අපුරැ දෘශ්‍යමය අවකාශයක් තුළ අදහස් රාශියක් විසිරන්නට අධ්‍යක්ෂවරයා වු තරිඳු රාමනායක සමත්වෙලා තියෙනවා. නිරැවත හරහා ඔහු ප්‍රශ්න කරන ලැජ්ජාව සහ බිය කියන චිත්‍රපටය තුළ ස්ථානගත වෙනවා.
මව,පියා සහ දරැවා කියන ත්‍රිත්වය මඟින් සංකේතීය ලෙස ඔහු දකුණු ආසියානු ජන සමාජය තුළ මුල්බැසගත් ලිංගිකත්වයේ ඇති සීමාකම පිළිබඳ සංඥාර්ථ සපයනවා. පණ ගැහෙන මාළුන්, පියෙටා මූර්තිය, දළඹුවා සහ නිල්,කොළ,රතු පැහැති සායමි ආදී සංකේත යෙදීමෙන් ප්‍රේක්ෂකයාගේ මනේද්‍රීය අවදි කරවයි. කැමරා කෝණ සහ කෙටි චිත්‍රපටය තුළ රංගනයෙන් දායක වන ඉන්දියානු නළු නිළියන්ගේ සිනමාත්මක රංගනය අපුරැ ය. තිර රචනය තුළ ඇති ශක්‍යතාව නිසාම සිනමාපටය පොහොසත් වඩ වඩාත් පොහොසත් වෙයි. “Krimikosh” තුළින් සැමවිටම දිස්වන කලාත්මක සහ සමිභාව්‍ය සිනමාත්මක බව රසයක් සපයා දෙන්නට දෘශ්‍යමය සේම ශ්‍රව්‍යමය අතින් ලබාගෙන සාර්ථකත්වය අති විශිෂ්ට බව නැවත වරක් සිහිපත් කිරීම වටී. ලංකාවෙි මෙතෙක් නොදුටු කෙටි චිත්‍රපටයක අපුර්වත්වයක් නිතැතින්ම දායද කරලු “Krimikosh” අධ්‍යක්ෂවරයා සහ තිර රචකයා වු තරිඳු රාමනායක තුළින් සාධනීයවුත් අනාගත මතු බලාපොරොත්තු තැබිය හැකි අධ්‍යක්ෂවරයකුගේ සේයාව දකින්නට ලැබීම වඩාත් සතුටුදායක කාරණයක් බව නමි කිව යුතුම ය.
-මලින්ත විතානගේ-