මුල සිට තාරකා විද්‍යාව මුල සිට හදාරමු (01)

More like this

තාරකා විද්‍යාව යනු නිශ්චිත හැඳින්වීමක් දිය නොහැකි කෙදිනකවත් අධ්‍යනය කර නිම කළ නොහැකි ඉතා පුළුල් පරාසයක විහිදුන විෂයක්. තාරකා විද්‍යාව යනු ලොව ප්‍රථම විද්‍යාවයි. එ වගේම නිතරම යාවත්කාලීන වන විෂයක් විදිහටත් හඳුන්වනවා. උදාහරණයක් ලෙස යුරේනස් ග්‍රහලොව 1781 වර්ෂයේදී සොයා ගනු ලැබුවා. එ් වනවිට සෞරග්‍රහ මණ්ඩලයේ අවසන් ග්‍රහලොව ලෙස පිළිගනු ලැබුවා. නමුත් 1846දී නෙප්චූන් ග්‍රහලොව සොයාගැනීමත් සමඟ සෞරග්‍රහ මණ්ඩලයේ අවසන් ග්‍රහයා ලෙස නෙප්චූන් හැඳින්වූවා.එම නිසා තාරකා විද්‍යාව අධ්‍යනය කිරිමේදී නවතම තොරතුරු සොයාගැනීම වැදගත් වනවා.

                  තාරක විද්‍යාව තවත් විෂයන් බොහෝමයක එකතුවකි. සාමාන්‍ය තාරකා විද්‍යාව, භෞතික තාරකා විද්‍යාව,නිරික්ෂණ තාරකා විද්‍යාව, විශ්ව න්‍යාය විද්‍යාව හා රොකට් තාක්ෂණය ඉන් කිහිපයකි. මේ අතරින් අද නිරික්ෂණ තාරකා විද්‍යාව ගැන මූලික අධ්‍යනයක් කිරීමට බලාපොරොත්තු වනවා. 

පියවි ඇසින් රාත්‍රි අහස නීරික්ෂණය

පියවි ඇසින් අහස නිරික්ෂණය කිරීම ඉතා ප්‍රියජනක කාර්යයකි.ඔබ කරන නිරික්ෂණය සටහන් කරගන්නවානම් උපකරණ කිහිපයක්ද ඔබට අවශ්‍ය වනවා. තරු සිතියම එ් අතරින් ප්‍රමුඛ තැනක් ගන්නවා.තරු වල නිවැරදි පිහිටීම ලබා ගැනීමට එය ඉතා ඉවහල් වනවා. එලිමහනේදි ඔබ මෙම නිරික්ෂණ සටහන් කරන්නට බලාපොරොත්තු වනවානම් එ් සඳහා රතු පැහැති ආලෝකයක්  සහිත විදුලි පන්දමක් භාවිතා කිරීම වඩාත් යොග්‍ය වනවා. නිරික්ෂණයට පෙර ඇස අඳුරට හුරු කර ගැනීම මගින් වඩාත් සාර්ථක නිරික්ෂණයකට ඔබට ළඟා විය හැක.

රතු ආලෝකය  ඇසට වඩාත් සංවේදි ආලෝකයක්. එම නිසා කිසි බාධාවකින් තොරව සාර්ථක නිරික්ෂණයක් අත්කර ගත හැකි. නිරික්ෂණය සටහන් කිරීමේදි  දිනය හා වේලාව සටහන් කිරිමට වග බලා ගන්න.මෙ සඳහා ඉතා හොඳ අත්දැකිමක් ලබාගැනීමට දිනපතා අහස නිරීක්ෂණය කරන්න. අහස නිරික්ෂණය ඉතා හුරුපුරුදු ක්‍රියාවක් කරගත් පසු දුරේකෂයක් ආධාරයෙන් නිරීක්ෂණය කළහැකි.

ඉහතින් සඳහන් කළේ නිරීක්ෂණ තාරකා විද්‍යාවේ මූලිකාංග කිහිපයක් පමණි.තවද තාරකා විද්‍යාව මුල සිට හදාරන්නෙකුට නවීන තාක්ෂණය හා මුද්‍රණ මාධ්‍ය යොදාගත හැකි.තනිවම මෙය හදාරන්නේකුට Nasa,Spacex,Ultrex5,Deep Astronomy,Tharulowa digital වැනි යූටියුබ් නාලිකා යොදා ගත හැකි. තරුලොව මාසික සඟරාද ඔබට උපකාර කර ගත හැක. තාරකා භෞතික විද්‍යාව ගැන හා කෙප්ලර් නියම ගැන කුඩා අධ්‍යනයක් කිරිමට ඊළඟ දිනයේදී බලාපොරොත්තු වනවා.

You may also like :