තව සුලු මොහොතකින් පෘතුවියට කඩාවැටෙන චීන මාරයා

More like this

Long March (Chang Zheng) CZ-5B හෙවත් පසුගිය දා එනම් පසුගිය අප්‍රියෙල් 27 වනදා කක්ෂගත කල චීන  රොකට් යානයේ කොටසක්‌ මේ වන විට පාලනයෙන් ගිලිහි යමින් පවතින අතර මේ යානාව අප්‍රියෙල් මස 29 වැනිදා සාර්ථකව Tianhe මොඩියුලය නියමිත පරිදි කක්ෂ ගත කිරීමට සමත් වුනත් මෙය පාලනයක්‌ සහිතව නැවත ගෙන්වා ගැන්වීමට තිබු යාන්ත්‍රනය ක්‍රියාත්මක නොවීම නිසා මෙම තත්වය උදා වී ඇති බව චීන විශේෂඥයෝ පවසනවා. නමුත් මෙය බටහිර විශේෂඥයෝ පවසන තරම් පෘතුවියට හානියක් සිදුනොකරනු ඇති බව වැඩිදුරටත් අදහස් දක්වමින් ඔවුන් සදහන් කර තිබුනි.

ගැටෙන්නේ කවදාද, කොතැනටද ?

චීන විශේෂඥයෝ පවසන අන්දමට මේ සදහා නිශ්චිත පිළිතුරක් දීමට තවමත් හැකි වී නැත. නමුත් අවසන් පැය කිහිපය තුල මෙය පත්තිත වන ස්ථානය නිශ්චිතව පැවසීමට හැකි බව ඔවුන් තවදුරටත් පැවසුවා. මෙම කඩා වැටීමට නියමිත කොටස මීටර 33 ක දිගකින් යුක්ත වන අතර මීටර 5ක පළලකින් යුක්තයි. මෙම කොටසේ ඇලුමිනියම් ප්‍රතිශතය ඉතාමත් වැඩි බැවින් ඉහල වයුගොලයේම දැවී යනු ඇති බව විශේෂඥයෝ පවසනවා. මෙම කොටස ටොන් 18කින් යුක්ත වෙනවා(ඉන්ධන නොමැතිව). දැන් ඔබ‍ට හිතෙන්නට පුළුවන් මෙපමණ ස්කන්දයක්‌ ගොඩබිම ප්‍රදේශයට කඩා වැටුනොත් කුමක් සිදු වේවිද කියා. නමුත් මෙහි ඇලුමිනියම් කොටස වයුගොලේම දැවී ගියහොත් ඒම කොටස ටොන් 8ක ස්කන්දයක්‌ දක්වා අඩු වීමට හැකිබව විශේෂඥයෝ පවසනවා. නමුත් වසරකට ටොන් 150ක ස්කන්දයක්‌ පෘතුවියට පතිතවන බවත් මෙතෙක් ඉන් කිසිදු ජිවත හානියක් සිදවී නොමැති බවත් ඔවුන් පවසනවා. මෙහි අධික ප්‍රවේගය නිසාම මෙය කැබලි කැබලි වලට වෙන් වී කිලෝමීටර් ගණනක් පුරා විසිරෙනු ඇත.නවතම අනාවැකි

දැනට අනාවැකි පල කර ඇති ස්ථානය –

  • පැසිපික් සාගරය
  • වේලාව- පෙ.ව 6ත් මධ්‍යම රාත්‍රී 12ත් අතර
  • දිනය- මැයි මස 09