රොබෝ තාක්ෂණයේ පෙරලිකාර විප්ලවය “ක්ලවුඩ් රොබෝටික්ස්”

More like this

මේ වන තෙක් රොබෝවරු ක්‍රියා කරන ලද්දේ ඔවුන් තුල ස්ථාපිත කර තිබූ දුර්වල පද්ධතියක් මගිනි. ඔවුන් , ආරම්භ කරන්න , නවත්වන්න වැනි උපදෙස් ලබාගනී ඉන්පසු ඒවා ක්‍රියාත්මක කරයි .
එපමණක් නොව, ඔවුන් හට ක්‍රියා කල හැක්කේ කර්මාන්තශාලා ගබඩාවන් වැනි ඔවුන් වෙනුවෙන්ම විශේෂයෙන් නිශ්පාදනය කල ස්ථාන වල පමණි.

‘cloud robotics’ තාක්ෂණය ඊට සහමුලින්ම වෙනස් තාක්ෂණයකි. මෙම රොබෝවරු ක්‍රියාත්මක වෙන්නේ ‘cloud’ නමින් හැදින්වෙන අන්තර්ජාල දත්ත ගබඩා තුල ගබඩා කර ඇති
සුපිරි මොල පද්දතියක් මගිනි.එනම්,මෙම රොබෝවරු, ඔවුන්ගේ බුද්ධිමය ශක්තියෙන්, ඔවුන් කරන රැකියා සහ ඔවුන්ට වැඩ කළ හැකි ස්ථාන සදහා වඩාත් නම්‍යශීලී වනු ඇත

ගූගල් ක්ලවුඩ් සහ ඇමේසන් ක්ලවුඩ් යන දෙවර්ගය තුලම මෙම සුපිරි මොළ ඇති අතර ඒවා ඉගෙන ගෙන වර්ධනය වේ. එනම් ස්වයoව දත්ත රැස්කරගෙන විශ්ලේශණය කිරීම මගින්
තොරතුරු ගොඩනගාගෙන එම තොරතුරු අනුව ස්වයoවක්‍රීයව ක්‍රියාත්මක වීමයි . වලාකුළු රොබෝ තාක්ෂණය පිටුපස ඇති සිහිනය නම් ස්වාභාවික භාෂාව දැකීමට, ඇසීමට, තේරුම් ගැනීමට සහ
අවට ලෝකය තේරුම් ගත හැකි රොබෝවරු නිර්මාණය කිරීමයි.

වලාකුළු රොබෝ විද්‍යාව පිළිබඳ පර්යේෂණයේ ප්‍රමුඛයන් වන්නේ එක්සත් ජනපදයේ ස්ටැන්ෆර්ඩ් සහ කෝර්නෙල් විශ්වවිද්‍යාලවල පර්යේෂකයන්ගේ නායකත්වයෙන් යුත් ව්‍යාපෘතියක් වන
“Robo brain” පර්යේෂණ කණ්ඩායමයි. ගූගල්, මයික්‍රොසොෆ්ට්, රජයේ ආයතන සහ විශ්ව විද්‍යාල විසින් අරමුදල් සපයනු ලබන මෙම කණ්ඩායම
‘Amazon cloud’ මත රොබෝ මොළයක් ගොඩනඟමින් විවිධ මෘදුකාංග පද්ධති හා විවිධ දත්ත ප්‍රභවයන් ඒකාබද්ධ කරන්නේ කෙසේදැයි අද්‍යනය කරමින් සිටියි.

මේ අතර ගූගල් හි මව් සමාගම වන ඇල්ෆාබෙට් හි ‘moonshot factory’ ආයතනය විසින් ක්‍රිය්‍යාත්මක කරන ‘The Everyday Robot Project’ නැමති ව්‍යාපෘතියද
මෙම ක්ලවුඩ් රොබෝටික්ස් තාක්ෂණ‍යේ උන්නතිය සම්භන්ධයෙන් මහත් මෙහෙවරක් ඉටු කරයි. අප ජීවත්වන හා වැඩ කරන ස්ථාන පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට තරම් බුද්ධිමත්
රොබෝවරු සංවර්ධනය කිරීම ව්‍යාපෘතියේ අරමුණයි. ඔවුන් ද ප්‍රගතියක් ලබමින් සිටී.

රොබෝ ක්ෂේත්‍රයේ මහත් පෙරලියක් ලෙස හැදින්විය හැකි මෙම “ක්ලවුඩ් රොබොටික්ස්” තාක්ෂණය නුදුරු අනාගතයේම එදිනෙදා භාවිතයට එක් කිරීමට හැකිවෙතැයි යන්න
පර්‍යේශකයන්ගේ අපේක්ෂාවයි.

You may also like :