අනවසරයෙන් පුද්ගලයන්ගේ location track කිරිම නිසා google වෙත නඩු පවරයි

More like this

මේ වන විට google අපගේ ජීවිතයේ අත්‍යවශ්‍ය කොටසක් බවට පත් වී තිබේ.youtube ඔස්සේ වීඩියෝ නැරඹීමේ සිට google maps ඔස්සේ අප යනඑන තැන් පවා google සමාගම දැන සිටියි.එක් අතකින් අපගේ තොරතුරු ,අපට වඩා google දනී.google සමාගම පවසන ආකාරයට මෙම  තොරතුරු ඔවුන් භාවිතයට ගන්නේ අපගේම අවශෂතාවයන් සදහා බවත් තමන්  අකමැතිනම් තමන්ගේ තොරතුරු google වෙත නොපෙන්වන ලෙස සකස් කල හැකි බවත් google ආයතනය පවසයි.එහෙත් පසුගිය දිනක ඇමරිකාවෙන් ඇසීමට ලැබුනු පුවතක් සමග එය අසත්‍යක් බවට පත් විය.

වොෂින්ටන් පොස්ට් කල වාර්තාවකට අනුව,
ඇමරිකාවේ ඇරිසෝනා ප්‍රන්තය Google වෙත නඩු පවරා ඇත්තේ Google පරිශීලකයන් සිටින ස්ථාන අනවසරයෙන් track කිරීම සම්බන්ධයෙනී.

Google ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය තුල location track පහසුකම අක්‍රිය කිරීමට පහසුකම් සලසා ඇත.ඇරිසෝනා ප්‍රන්තයේ නීතිපතිවරයා ගොනුකර ඇති නඩුවට අනුව,
පරිශීලකයන් මෙම Location track අක්‍රිය කලද,කාලගුණය,ගමන් කරන ස්ථාන,සෙවුම් යෙදවුම් වල ස්ථාන වැනි දෑ පරිශීලකයන් දැනුවත් කිරීමකින් තොරව නොකඩවා සටහන් කරගෙන තිබේ.

මේ වන විට දිනපතා පැමිනෙන  Google නිෂ්පාදන හා සේවාවන් පිලිබදව විශ්වාසය තැබීමට google පරිශීලකයන් පෙලබී ඇත.
එහෙත් මේ ආකාරයෙන් අසාධාරණ හා රැවටිලිකර ලෙස තම පාරිභෝගිකයන්ගේ දත්ත භාවිතා කලහොත් Google නිෂ්පාදන තම ප්‍රාන්තයෙන් ඉවත් කරන බවට එහි නීතිපතිවරයා සදහන් කර ඇත.

ඇරිසෝනා නීතියට අනුව එක් පුද්ගලයෙකුගේ දත්ත සොරකම් කිරීමකට ,එක් පුද්ගලයෙක් සදහා ඩොලර් 10 000 මුදලක් google වෙතින් අය කාරගත හැකිය.එවිට සෑම පුද්ගලයෙක් සදහාම මුදල් අය කරගත් පසු Google ආයතනයට ඩොලර් බිලියන ගණනක පාඩුවක් සිදුවිය හැකි බව එරට මාධ්‍ය වාර්තා කරයි.

You may also like :