කොරෝනා වලින් බේරෙන්න Google එක හදපු AI එක.

More like this

මේ වන විට අප මුහුණ දෙමින් සිටින ගෝලීය වසංගත හේතුවෙන් අපට පුද්ගලික දුරස්ථතාව තබා ගැනීමට සිදුවී ඇත. මෙම සමාජ දුරස්ථතාව පවත්වගෙන අප මෙම covid-19 වෛරසය සමග මාස දෙකක පමණ කාලයක් ගත කර ඇති නමුත්  මේ වන විට අපට නිවසින් බාහිර පරිසරයට ආවරනය වීමට අවස්ථාව ලැබී ඇත. මෙසේ බාහිර පරිසරයට විවර වීමේදී අපට විවිධ නීතින් සදහා යටත් වීමට සිදු වී ඇත. විශේෂයෙන් අපට වෙනෙදාට මෙන් නොව අද වන විට සමාජදුරස්තතාව තබා ගැනීමට සිදු වී ඇත.
වසංගත වෛද්‍යවරුන් පවසන ආකාරයට එකිනෙකා අතර මීටර 2 ක අවම පරතරයක් වත් පවත්වා ගත යුතුය. මෙම දුරස්ථතාව අපට නිරන්තරයෙන් පවත්වා ගත නොහැකි නිසා google ආයතනය මෙයට විසදුමක් ලබා දී ඇත.

Google sodar

මෙය ඇන්ඩ්‍රොයිඩ් දුරකතන සදහා ලබා දෙන පහසුකමකි. සෝඩාර් නමින් හදුන්වන මෙය බ්‍රව්සරය මත පදනම් වූ යෙදවුමකි. මෙයට google chrome  බ්‍රව්සරය මගින් සම්බන්ධ විය හැක. එතැන් සිට ඔබට අවශෂ වන්නේ ඔබගේ ජංගම දුරකතන පොලව දෙසට යොමුකරමින් ගමන් කිරීම පමණයි.

මේ තුලින් ඔබ සිටින ප්‍රදේශයේ සිට මීටර් දෙකක දෘශ්‍ය පරිමිතියක් පෙන්නුම් කරයි. covid-19 වෛරසය  පැතිරීම වැලැක්වීම සදහා CDC නිර්දේශිත දිග ,පලළ අනුව මෙය නිර්මාණය කර ඇත. google සමාගම පවසන ආකාරයට මෙම සෝඩාර් නම් යෙදවුම, අවශෂ වන්නේ නම් ඉදිරියේදී ස්මාර්ට් ඔරලෝසු හා ස්මාර්ට් කණ්නාඩි සදහා දියුණු කිරීමට නියමිතයි. 

You may also like :