ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දකුණු අප්‍රිකාව මුහුණ දුන් අදුරු අදුරුතුම මතකය

More like this

90 දශකයේ කියලා කියන්නේ ශ්‍රි ලංකාවේ ක්‍රිකට් වල ස්වර්ණතම යුගය බවට කිසිම සැකයක් නෑ. මේ කාලයේදී ම බිහි වුණ සුපිරි දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෙක් පිලිබඳ ව තමයි අද article එකෙන් අපිට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔහු නමින් හැන්සි කොන්ජේ නම් විය. කලක් දකුණු අප්‍රිකාවේ කණ්ඩායමේ නායකයා වි සිටි නිසාත් ඔබ‍ට මේ නම හුරුපුරුදු ත් ඇති.1969 සැප්තැම්බර් 25 වනදා දකුණු අප්‍රිකාවේ දි උපන් ඔහු නායකත්වයේ වගකිම තම දෑතට ගන්නේ 1994දි නවසිලන්තයට එරෙහිවයි. ඔහු ටෙස්ට් තරග 3,714කටද, එක්දින තරග 5,565කටද, පළමු පෙළ තරග 12,103 කටද ක්‍රීඩා කර තිබුනා. පිතිකරණ අංශයේ න් මෙන්ම පන්දු යැවීමේ අංශයෙන්ද මනාව පදම් වී සිටි කොන්ජේ දෙයන්ශයෙන්ම තම දක්ෂතාවය පෙන්වීමට උපන් හපනෙකු බව තම පළමු තරගයෙන්ම පෙන්වීමට ගත් උත්සාහය මානව සාර්ථක විය.

අමතක නොවන පළමු තරගය…

එක්දින තරගාවලිය පැවැත් වුනේ 1993 දි ඉන්දියාවට එරෙහිවය. ප්‍රථම තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ඉන්දීය කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කලත් පන්දුවාර 50අවසානයේ සියළුම දෙනා දැවී ඔවුන්ට ලබාගත හැකි වුයේ ලකුණු 184ක්‌ පමණය.ලෙහෙසියෙන් තරගය අත් නොහරී ඉන්දියාව දකුණු අප්‍රිකාවේ කඩුලු 4ක්‌ ලබාගන්න සමත් වුනත් අවසානයේ ජයග්‍රහණය සදහා දකුණු අප්‍රිකානු කණ්ඩායමට  පන්දු හතරකින් ලකුණු 6ක්‌ ලබා ගැනීමට තිබු අවස්ථාවේ ක්‍රියාත්මක වූ කොන්ජේ හතර වන පන්දුවෙන් දැවැන්ත හයේ පහරක් එල්ල කරමින් ගෞරවාන්විත තරගයේ ජයග්‍රහණය තම කණඩායමේ නම ඉදිරියේ සටහන් කරගැනීමට ඔහු සමත් විය. අවසන් ප්‍රතිපලය වුයේ  තරග හතකින්  සමන්විත තරගාවලියේ ප්‍රථම තරගයෙන්ම දකුණු අප්‍රිකානු කණඩායම අද්විතීය ජයග්‍රහණයක්‌ කරා යාමය. තරගාවලියද අවසන් වුයේ දකුණු අප්‍රිකානු කණ්ඩායමට 5-2ක්‌ ලෙස විශිෂ්ට තරගාවලි ජයක් අත් කර දෙමින්.

ඉතින් මොකද වුනේ?

ඉතින් ටික කලකින් මොහු ලෝකයේම සිත් ඇදගන්නා ක්‍රීඩකයෙකු වුණා. නමුත් අවසානයේ ඔහුට විදීමට සිදුවුයේ මුළු ලෝකයම නොසිතු මහත් ඛේදජනක ඉරණමකටයි.

hansie cronje

Centuruon හිදී ඇරඹී මරණින් නිම වූ තරගය

2000 ජනවාරි 14 එදා සිකුරාදා දිනක් දකුණු අප්‍රිකානු ක්‍රිකට් ලෝලීන්ට නම් මේ කාලවකවානුව සතුට රජ කල කාල වකවානුවක්. ඒ මන්ද යත් එංගලන්තයට එරෙහි තරග 5කින් යුතු ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තරග 2-0 ලෙස විශිෂ්ට ජයක් ඒ වනවිටත් ලබා තිබීමයි. එම නිසා තීරණාත්මක තරගය නැතහොත් අවසාන තරගයට දකුණු අප්‍රිකානු කණ්ඩායම පිවිසියේ ඉතා හොද ජයග්‍රාහී මානසිකත් වයෙන්. සුදු ජාතික කණ්ඩායමේ නායකත්වය නසාර් හුසෙයින් හිමි වී තිබුන අතර දකුණු අප්‍රිකාවේ නායකත්වය කොන්ජේ හට හිමි වී තිබුණි. කාසියේ වාසිය දිනාගත් සුදු ජාතික එංගලන්ත කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කලා. ඒ අවසරයෙන් තම පිත්ත රැගෙන පිටියට පැමිණි දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු 8ක්‌ දැවී ලකුණු 248 ක්‌ ලබා සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා. තරගයේ 2වන 3න් වන සහ 4 වන දින තුනම වර්ශාවටම සේදී ගියා. අවසානයේ ක්‍රීඩා කිරීමට ඉතිරි වු 5 දිනය එලඹිය. මේ අතර කොන්ජේ ගෙන් සුදු ජාතික කණ්ඩායමට යෝජනාවක් පැමිණියා.

“අපි මේ තරගයෙන් කොහොමහරි ප්‍රතිපලයක් ගමු. අපේ කණ්ඩායම මේ වන විටත් ලකුණු 248ක්‌ ගහල තියෙනවා. අපි මේ ඉනිම declare කරන්නම්, ඉන් පසු ඔබේ පිලත් පලවෙනි ඉනිම ක්‍රීඩා නොකරම declare කරන්න. ඉන් පසු අපි අපේ දෙවැනි ඉනිමත් ක්‍රීඩා නොකරම  forfeit කරන්නම්. ඉතින් ඔබේ පිලිට අවසානයේ ජයග්‍රහණය සදහා හිමි වෙන්නේ ලකුණු 249ක්‌…..”

කොන්ජේ මෙලස තම යෝජනාව සුදු ජාතික පිලේ නායක නසාර් හොසෙයින් ට ඉදිරිපත් කල විට ඔහු එම අදහසට එකග විය. කොන්ජේ ගේ මෙම යෝජනාව ක්‍රිකට් ක්‍රීඩාවේ නීති වලට බලපෑමක් නොවුණු බවක් බැලු බැල්මට පෙනෙනවා. නමුත් මෙම තරගය ක්‍රිකට්  ඉතිහාසයේ ඉනිමක් අත් හැරි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය බවට පත් විය.

අවසන් ප්‍රතිපලය

අවසාන ඉනිම ක්‍රීඩා කිරීමේ අරමුණින් පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායම පන්දුවාර 75ක්‌ අවසානයේ කඩුලු 8ක්‌ පමණක් දැවී අදාළ ඉලක්කය පසු කලා.

කොන්ජේ ට අත් වූ ඉරණම

තරගය අවසන් වීමෙන් අනතුරුව ඔහුගේ මේ ක්‍රියාකලාපය පිලිබඳ ක්‍රිකට් ලෝලීන් ගෙන් පැමිණියේ මහත් දෝෂාරෝපනයකි. අනතුරුව ඔහුට විරුද්ධව විශේෂ පරීක්ෂණ යක් පැවැත්වුනා. එහිදී කොන්ජේ තමා තරග පාවාදීම් වලට වක්‍රව සම්බන්ධ බව හෙළි වීමත් සමගම ඔහුට ජීවිතාන්තය දක්වා ක්‍රිකට් තහනම් වුණා. ඔහු කිහිපවරක් මෙයට විරුද්ධව අභියාචනා වක් ඉදිරි පත් කලත් ඒවාත් ප්‍රතික්ෂේප වුණා. කෙසේ හෝ 2002 වර්ෂයේ කොන්ජේ ගුවන්  යානයකින් ගමන් කරමින් සිටියදී ගුවන් යානය කඳු වැටියක හැපීමෙන් මොහුට තම ජීවිතයත් අහිමිවුණා. කවුරුන් කෙසේ කිවත් ඔහු තවමත් දකුණු අප්‍රිකානු ක්‍රිකට් ලෝලි්න්ගේ හදෙහි රැදුන පුදගයෙක් බව නොරහසකි.

“මම තේරුම් ගත්තා මම ලොකු වැරැද්දක් කර ඇති බවත් මට එය නැවත ලබා ගත හැකි නම් මම එය වඩා වෙනස් ආකාරයකින් කරන බවත්.”

හැන්සි කොන්ජේ