හැරී පොටර් live-Action tv series එකක් එලිදැක්වෙන පෙර සලකුනු?

More like this

අපගේ ලමා කාලය අතිශයින්ම සුන්දර කරපු Film Series එක තමයි Harry Potter.මායා ලෝකයකට අපිව ගෙනියලා අමුතුම ආශ්වාදයක් මේ කතා මාලාව අපිට ලබාදුන්නා.කොලයක මායා බන්දන ලියාගෙන ඒවා කට පාඩම් කරගත්ත,මහාචාර්ය ස්නේප්ට එක වගේ වෛර කරලා අන්තිමේදි එයා ගැන මාර විදිහට දුක හිතුන,වොල්ඩෙමෝර්ට්ට නහයක් නැත්තේ ඇයි කියල කල්පනා කෙරුව,අපේ කෝච්චි ඉස්ටේශමෙත් බිත්ති අස්සෙන් යන්න පුලුවන්ද කියල කල්පනා කරපු ලස්සන මතකයන් රැසක් අපිට ලබ දුන්නේ මේ කතා මාලාවයි.

ඉතින් මෙම කතා මාලාවේ අවසාන film එක එහෙමත් නැත්තම් Harry Potter and the deathly hallows part 2 Film එක එලිදක්වලා අවුරුදු 10කට පස්සේ ආපහු Harry Potter කරලියට ඇවිල්ලා තියෙනවා.

ඇයි ඒ?මොකක්ද මේකට හේතුව?

Harry Potter series එකේ නිශ්පාදකයා වෙන Warner Bros. සමාගමට තියෙන ලොකුම වත්කම මේ Harry Potter Series එක කියන දේ අද වෙනකොට ප්‍රසිද්ධ රහසක්.ඉතින් Warner Brosලගේ ප්‍රදාන Steaming platform එක ඒ කියන්නේ HBO Max වලට Harry Potter Live Action TV Series එකක් එනව කියන එක කට්ටියව අවුස්සලා තියෙන එක පුදුමයක් නෙමෙයි නේද?

එහෙම අලුතෙන් Harry Potter Live action Tv series එකක් ආවත් මේකෙදි copyrights සම්බන්දව ලොකු සංකීර්ණභාවයක් එන්න පුලුවන්.මේකට හේතුව Harry Potter Franchise එකේ copyrights මෙම කතාවේ කර්තෲ J.K.Rownling ,Film series එකේ නිශපාදක warner Bros සමාගම ඇඨ්හුලු තවත් කිහිප දෙනෙකු අතරම බෙදී ගිහිල්ල තියෙන එකයි.

කොහොම වුනත් Officialy නම් තාම tv series එකේ වැඩ  පටන් ගන්නවද කියන එක ගැන හරියට එලියට ප්‍රකාශයක් දීලා නෑ.එහෙම වුනත් ගොඩක් අය නම් කියන්නේ මේක ඇත්තක් වෙන්න පුලුවන් කියලයි.ඉතින් අපි බලමු මොකද වෙන්නෙ කියල.

මේ වගේ තවත් දේ ගැන ඉක්මනින්ම තේරෙන සිංහලෙන්ම දැන්ගන්න Geeks.lk අපිත් එක්ක දිගටම රැදී සිටින්න.