LTTE යෙන් මෙරට Hiru tv වෙත එල්ල වූ සයිබර් ප්‍රහාරය

More like this

ලංකාවේ මාද්‍ය ආයතන අතරින් ප්‍රබලතම මාද්‍ය ජාලයක් වන හිරු මාද්‍ය ආයතනයට පසුගිය දින සයිබර් ප්‍රහාරයක් එල්ල වුණා. එය මෙරට ඉතිහාසයේ මාද්‍ය ආයතනයට එල්ල වූ පලමු සයිබර් ප්‍රහාරයයි. මෙම සයිබර් ප්‍රහාරය එල්ල වී ඇත්තේ මෙරට ත්‍රස්තවාදය පරාජය කර වසර 11 ක් ගතවන දිනයේ වීම විශේෂත්වයක්.
මෙම සයිබර් ප්‍රහාරය එල්ල වී ඇත්තේ මෙරට පුවත්පත් තොරතුරු විකාශනය යකරන ස්වාදීන වෙබ් අඩවියක් වන hirunews.lk යන වෙබ් අඩවියටයි. එයට මැදිහත්වී ඇතිතේ ඊලාම් සයිබර් ආම් නැමති සංවිධානයයි. එය සිදු කර ඇත්තේ රැට-අයිල්ඩ්ස් නැමති හැකර් කණ්ඩායම යොදා ගනිමින්.

මෙන ප්‍රහාරය එල්ල වී ක්ෂණිකව ශ්‍රි ලංකා පරිගණක ආරක්ෂණ අංශයද ,හිරු tv තාක්ෂණික අංශයටදා මෙම වෙබ් අඩවිය නැවත ඔවුන් සතු කර ගැනීමට ක්ෂණයක්වත් ගත වූයේ නැත.
යුද්දයෙන් ලද පරාජයත් සමග ඊලාම් සිහිනය බොද වූ කොටි ත්‍රස්තවාදීන් සිය අබිමථාර්තයන් මුදුන් පමුණුවා ගැනීමට සයිබර් අවකාශය යොදා ගැනීම පහුගිය වසර කීපය තුල අවස්ථා කීපයකම උත්සහා කර ඇත.
අද වන විට මෙම අන්තවාදය සිය ත්‍රස්තවාදී මුදල් යොදවමින් මාද්‍ය ආයතන මිලට ගැනීමට තරම් පුලුල් වී සිටිනවා.
මෙම සයිබර් ප්‍රහාරය පිලිබඳව හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාද, “හිරු රට හා හෙට” වැඩසටහනේදී මෙසේ අදහස් පල කලා.

” අන්තවාදයට එරෙහිව පොදු මහජනතාව වෙනුවෙන් අපක්ෂපාතීව, සිය මාද්‍ය මෙහෙවර නොබියව ඉටු කරන මෙරට ප්‍රමුකම මාද්‍ය ජාල වලට මෙවැනී හැකර්වරුන් විසින් තොරා ගන්නේ මන්ද ? “

ජතික හා ජ්‍යතන්තර වශයෙන් අන්තවාදී මත පතුරවාලීමට  ත්‍රස්තවාදී අරමුදල් ,ඩොලර් බිලියන ගනනින් වැය කරන මෙවන් යුදමය අන්තවාදීන්, පෙර පැවති ත්‍රස්තවාදය මෙන් මෙලොවෙන් අතුගා දැමිය යුතුය.

you may also like :

DARK WEB හෙවත් අන්තර්ජාල පිස්සන් කොටුව.

මොකද්ද මේ BIG DATA ?