Ingenuity : පෘතුවියෙන් පිට ප්‍රථම වතාවට drone යානයක් සාර්ථකව ගුවන් ගත කරයි.

More like this

පසුගිය පෙබරවාරි මාසයේ 18 වැනිදා නාසා විසින් අගහරු වෙත යැවූ Perseverance rover යානයේ තිබු ඩ්‍රෝන යානය නැතිනම් හෙලිකොප්ටරය පසුගිය දා අගහරු උඩුගුවනේ පියාසර කරේ  වෙනත් ග්‍රහ ලොවක පියාසර කල පළමු යානයට හිමි වාර්තාවද තමන් සතු කරගනිමින්. ඉතින් මේ වගේ යානයක්‌ අගහරු මත පියාසර කරවීම ඉතාමත් අසීරු කාර්යයක්‌. අගහරුගේ වායුගෝලය පෘතුවියේ වායුගෝලය මෙන් 1% පමණ වනවා. මෙම හේතුව නිසාම පෘතුවියේ වගේ ලොකු තෙරපිමක් සොයාගන්න ඉතාමත් අපහසුයි. මෙයට පිලියමක් වශයෙන් NASA විසින් පිළියම් කිහිපයක්ද යෙදීම විශේෂත්වයක්‌. එනම් ingenuity  ඉතාමත් සැහැල්ලුවට නිර්මාණය කිරීම හා මෙහි පියාපත් සැහැල්ලුවට සහ තරමක් දිගින් නිර්මාණය කිරීමද වනවා.

Ingenuity

මෙම ingenuity හෙලිකොප්ටර් යානයත් නිර්මාණය කර තැම්පත් කරලා තිබුනේත් Perseverance ගේ කොටසකමයි. මෙහි ප්‍රථම පියාසැරිය ලෙසින් මෙය අගහරු මත මීටර් තුනක් ඉහලට ගමන් කර තත්පර කිහිපයක් රැදී සිටියා. ඉතින් මෙහි බාහිර පෙනුම බැලුවොත් එය හරියටම කුඩා පෙට්ටියකට කුඩා කකුල් සතරක්‌ සවි කරලා වගෙයි. ඇත්තටම කිවොත් මෙහි ස්කධය 1kg ක් පමණයි වන්නේ. නමුත් මෙහි වියදම මිලියන ගානක් වෙනවා.

මේකේ වාසි මොනවද?

ඇත්තටම කිවොත් මෙය තාමත් අගහරු මත “ටෙස්ට්” කරමින් තමයි පවතින්නේ. ඉතින් මේවයේ ප්‍රතිපල අපිට බලන්න තවත් ටික කලක් බලා ඉන්නට සිදුවේවි. මොකද කිවොත් මේක සාර්ථක වුනොත් අගහරුගේ ගුවනේ සිටම අගහරු ට සමීප චායාරූප සමුහයක්‌ ලබාගන්නත් මෙතෙක් සංචාරය නොකළ වැදගත් ස්ථාන වලටත් ගමන් කිරීමට මෙයට හැකි වේවි.  මෙහි ප්‍රථම චායාරූපය ත් ingenuity  එවල තිබුනේ ingenuity පියාසර කරද්දී Ingenuityගේම සෙවනැල්ල අගහරුගේ පෘෂ්ටයට වැටිලා තිබුණු ආකාරයයි. නමුත් තවත් පියාසැරින් කිහිපයක් ඉදිරියට සිදුවීමට නියමිතයි.