Marvel විශ්වයට අලුතෙන්ම ආපු Eternals ලා කියන්නෙ කවුද ?

More like this

‌Marvel විශ්වයේ පෘථිවියේ ආරක්ෂකයෝ විදිහට අවුරුදු දසදහසක් ගනනාවකට පෙර සිටි superheroes ලා කොට්ටාෂයක් පිලිබදව ඔබ අසා තිබෙනවාද? ඔව් ඒ තමයි මේ මාර්වල් සිනමැටික් විශ්වයට අලුතෙන්ම් marvel සමාගම විසින් හදුන්වා දුන් eternals ලා.. මේ අය නිකන්ම නිකන් ජීවින් කොට්ඨාසයක් කියන්න බෑ, මොකද මේ අය පෘථිවියේ ආරම්භකම ජීවින්ගෙන් පැවත එන විශාල බලයක් තියන ජීවින් කොට්ටාෂයක්.
එහෙනම් මේ ලිපිය තුලුන් අපි බලමු කවුද මේ eternals කියන්නේ, කොහෙන්ද මේ අය පැවත එන්නේ කොහෙන්ද ,මේ අයට තියන විශේෂ බලයන් මොනාද ඒ වගේම විශේශම දෙයක් වන මේ eternals ලා thanosගේ ලගම නෑයෙක් වෙන්නේ කොහොමද කියලා අපි බලමු.

කොහෙන්ද මේ eternals ලා පැවත එන්නේ ?

මේ ඉටර්නල්ස්ලගේ කතාව පටන් ගන්නේ අපි හැමෝම වගේ දන්න දෙයක් වන Big Bang එකත් එක්ක.ඔව්, අපි විද්‍යාවේදි ඉගන ගන්න Big Bang එක තමයි මේ, මේ Big Bang එකම තමයි මාර්වල් විශ්වය නිර්මානය වීමටද පාදක වෙන්නේ.මේ Big Bang එක නිසා ඇති වෙච්ච cosmic event එක නිසා මේ මාර්වල් විශ්වයට ඉතාමත් බලවත් ජීවින් කොට්ටාෂයන් කීප දෙනෙක් නිර්මාණය වුනා.මේ අතරින් එක ජීවින් කොට්ටාෂයක් තමයි celestials(සෙලෙස්ටියල්) ලා කියන්නේ .මේ ජීවින් විශේෂය ඉතාමත් බලවත් වගේම ගොඩක් විශාල ජීවින් ජාතියක්, කොටින්ම කියනවන්ම් අපි ජීවත් වෙන මේ පෘථිවිය වගේ ග්‍රහලෝකවලටත් වඩා විශාලයි.මේ celestials ලටත් එක එක අරමුනු තිබ්බා. ඒ අතරින් ප්‍රදානම අරමුනක් තමයි.ජීවින්ව පරිනාමය කිරීම හා නව ජීවිනව ඇති කරන එක. ඉතින් මේ සෙලෙස්ටියල්ස්ලා අපේ පෘථිවියේ ජීවින්ව පරිනාමය කිරිමට බලාපොරොත්තුවෙන් අපේ පෘතුවියටත් එනවා. එතකොට පෘතුවියේ හිටියේ homo erectus කියන පරිනාමයෙන් ඉතාමත් අඩූ වානරයන් වගේ ජීවි කොට්ටාෂක්. මේ සෙලෙස්ටියල්ස්ලා මේ homo erectus කියන ජීවි කොට්ටාෂය යොදාගෙන නව ජීවින් කොට්ටාෂ තුනක් නිර්මාණය කරනවා, ඉතින් මේ සෙලෙස්ටියල්ස්ලා විසින් homo erectus ලව යොදාගෙන කරපු පරීක්ෂණ වලින් නිර්මාණය කල පලවෙනි ජීවින් කොට්ටාෂයක් තමයි ඩීවියන්ස්ලා(Deviant) කියනේ, මේ අය විශාල බලයක් තියන එහෙත් විකුර්ති ස්වාභාවයක් තියන trolls වැනි ජීවින් කොට්ටාෂයක්.ඒ වගේම මේ අයගේ පරික්ෂණ වලින් නිර්මාණය වුනි අනිත් සාර්ථක ජීවින් කොට්ටාෂය තමයි අපි මේ කතාකරන eternals කියන ජීවින් විශේෂය.ඒ වගේම තුන් වෙනි හා සෙලෙස්ටියල්ස්ලා මගින් පෘථිවිය තුල නිර්මානය වුන අවසාන ජීවින් විශේෂය තමයි පෘථිවියේ මේ වෙද්දී වාසය කරන Homo erectus කියන ජීවින්ගේ DNA වල ජාන වෙනසක් සිදු කර නිර්මානය කරන ජීවි විශේෂය.පසු කාලීනව පෘථිවිය තුල mutants ලා ඇති වීමට බලපාන්නේද මේ ජීවින් කොට්ටාෂයයි.

eternals, deviants, inhumans mutants

ඉතින් මේ celestials ලා විසින් මේ ගොල්ලන්ගේ පරික්ෂණ ඉවර කරලා පෘතුවියේන් යනකොට ‘ඉටර්නල්ස්ලා’ සහා ‘ඩීවියන්ට්ස්’ ලට කොන්දේසියක් දානවා. ඒ තමයි මේ පෘථිවියේ මුල් ජීවින් කොට්ටාෂයේ පැවැත්මට ඒ කියන්නේ homo erectus ලගේ පැවැත්මට හා පරිනාමයට මේ eternals ලා සහා deviant ලගෙන් කිසිම බලපැමක් සිදු නොවිය යුතුයි කියලා.

ඉතින් මේ හේතුව නිසා මේ ජීවීන් කොට්ටාෂ දෙකම තමන්ගේම ජීවි ශිෂ්ටාචාරයන් මේ විශ්වගේ එක එක ස්ථාන වල පිහිට ගන්නවා.

මේ අතරෙ තමයි eternals ලගේ පලමු වන පරම්පරාවේ බලවත්ම ජීවින් දෙන්නෙක් වන ක්‍රෝනෝස් හා යුරේනස් අතර සටනක් ඇති වෙන්නේ.මේ සටනේ ප්‍රතිපලයක් විදිහට යුරේනස්ට සිදුවෙනවා සෞරග්‍රහ මන්ඩලයේම තියන වෙනම ග්‍රහලෝකෙට යන්න,ඒ ග්‍රහලෝකය තමයි පසු කාලිනව යුරේනස් කියන නම වැටුනේ. ඉතින් මේ සිදුවීම් සියල්ල සුදුවන අතරේ ක්‍රෝනෝස් පෘථිවියේම නැවතිලා ඉන්නවා.මේ ක්‍රෝනෝස් ගේ පුතාලා දෙන්නෙක් තමයි අලාර් හා සූරාස් කියන්නේ.ඉතින් මේ අලාර්ට ඕන වෙනවා පෘථිවියේන් පිට ග්‍රහලෝක හා ජීවය ගැන පරීක්ෂණ කරන්න. ඒ නිසා ඔහූ eternals ලගේ සහෝදරයන් සිටින ග්‍රහලෝකයක් වන titan කියන ග්‍රහලෝකයට යනවා.ඉතින් මේ ආලාස්ගේ මේ titan ගමනත් එක්ක තමයි මාර්වල් විශ්වයට කරදරකාරයෙක් වෙච්චා thenos ගේ උපත සිදු වන්නේ.

thanos in eternals comic

ඉදිරියට එන Eternal Movies හරහා අපිට දැක ගන්න පුලුවන් චරිත මොනාද?

මේ eternal ෆිල්ම් එක ගැන කතා කරනකොට අපිට අනිවාර්ටෙන්ම මතක් කරන්න ඔනේ චරිතයක් තමයි Richard Madden කියන නලුවා විසින් නිරූපනයකරන ‘ඉකරස්’ කියන චරිතය. මේ ඉකරස් කියන්නේ කොස්මික් බලය ගොඩක් තියන heat vision වගේ විශේෂ බලයන් තියන superman වගේ ඉතාමත් බලවත් eternal කෙනෙක්.ඊලගට අපිට කතා කරන්න පුලුවන් විශේෂම චරිතයක් තමයි Angelina Jolie විසින් රංගනයෙන් දායකත්වය දෙන තීනා කියන චරිතය.මෙයා ඔලිම්පියා කියන ඉටර්නල් කොට්ටාෂයෙන් පැවත එක ඉතාම බලවත් වගේම සුරූපී චරිතයක්.ඒ වගේම තවත් බලවත් ඉටර්නල් කෙනෙක් තමයි Lauren Ridloff කියන නිලිය විසින් දායකත්වය ලබා දෙන මකාරි කියන චරිතය.මෙයා comic වලදි පිරිමි කෙනෙක් වුනත් MCU එකට එනකොට මේ චරිතය ස්ත්‍රි චරිතයක් බවට පත් කරලා තියනවා.මේ මකාරිගේ විශේෂම බලය තමයි flash වගේ වේගයෙන් දුවන එක.ඒ වගේම Kumail Nanjiani විසින් නිරූපනය කරන කින්ග්ගෝ චරිතත්,Brian Tyree Henry විසින් ‍රගදක්වන ෆැස්ටෝස් කියන චරිතයත්,Salma Hayek විසින් රගදක්වන ඒජැක් කියන චරිතයත් අපිට මෙම eternals ෆිල්ම් එක හරහා බලාගන්න පුලුවන්.මේවැනි නව චරිත විශාල ප්‍රමානයක් අපිට මේ නවතම eternal ෆිල්ම් එක හරහා දැක ගැනීමට හැකී වේවි.

ඒ වගේම තවත් විශේෂම දෙයක් තමයි සෑම ඉටර්නල්ට පොදු බලයන් කීපයක් තියන එක.ඉතාමත් වේගයෙන් ඕනෑම දෙයක් සිදු කිරිමට ඇති හැකියාව,Super man, vonder vision ට වගේ චරිත වලට තියන flight ability එක,Self healing ඒ අතරින් කීපයකි.

>

ඉතින් මේ marvel ආයතනයේන් නිකුත් කරපු නවතම teaser triler එකත් එක්ක ඔයා මාර්වල් රසිකයෙක්නම් ඔයාට අනිවාර්යයෙන්ම එන ප්‍රශ්නයක් තමා මෙච්චරකල් මේ MCU එකට ආපු තේනෝස්ගේ ,අල්ට්‍රෝන්ගේ වගේ සිදුවීම් වලදි ඇයි මේගොල්ලෝ මැදිහත් වුනේ නැත්තේ කියලා.
මේකට විවිධාකාර උත්තර තියනවා ඒත් අපිට ෆිල්ම් එක බලනකම් හරියටම කියන්න අමාරුයි.ඒත් මේ අතරින් තියන ප්‍රධාන prediction එකක් හා comic mini series වල කතා වෙන දෙයක් තමයි.මේ ඉටර්නල්ස්ලගේ මතකය යම් සිදුවීමක් නිසා නැති වෙලා වර්තමාන time line එක තුල සමාන්‍ය මිනිස්සු වගේ ජීවත් වෙනවා කියන එක.ඒ වගේම මේකට තියන තවත් fan theory එකක් තමයි මේගොල්ලෝ celestial ලගේ කීමට ඕනකමින්ම මේ සදහා මුහුනනොදී සිටීම.

මේ ප්‍රශ්න සියල්ලටම මීලගට පැමිණිමට නියමිත eternals චිත්‍රපටය මගින් අපට හරි පිලිතුරක් ලබාගන්න පුලුවන් වෙයි.