නැවත අපායට යන්න සැරසෙන නාසා ආයතනය

More like this

මීට හරියටම මසකට පමණ ඉහත දි නාසා ආයතනය අලුත් මෙහෙයුමක්‌ ගැන ප්‍රකාශයක් සිදු කලා. ඇත්තෙන්ම අපි කණගාටු වනවා මෙම ලිපියෙ ප්‍රමාදය ගැන. නමුත් මසකට පසුව හෝ මෙම මෙහෙයුම පිලිබදව ඔබ සමග බෙදා ගන්න හිතුවේ මෙම පුවත තිබෙන විශේෂත්වය නිසාමයි. නාසා ආයතනය ප්‍රකාශ කරන අයුරින් ඔවුන්ගේ නවතම මෙහෙයුම් දෙකක් ඉදිරි වසරක දි දියත් කිරීමට සුදානම් කර තිබෙනවා.

davinci and Veritas mission

යන්නේ අපායට ද?

ඇත්තටම ඔව්, නමුත් අපායක් කීවට මෙහි තිබෙන විශේෂත්වය වන්නේ මෙය අපිට පෙනෙන අපායක් වීමයි. නාසා ආයතනය මෙය අපායක් ලෙස සදහන් කලත් අපි සාමාන්‍යයෙන් මෙය හදුන්වන්නේ සිකුරු කියායි. ඇත්තටම මෙම මෙහෙයුම් දෙකම දියත් වන්නේ සිකුරු ග්‍රහය වෙතටය. ඔබ සිකුරු ගේ භෞතික සාධක දන්නවනම් ඔබ දන්නවා මෙය අපායක්‌ ලෙස පැවසිම කිසිම වරදක් නොමැති බව. ඇත්තටම කිවොත් සිකුරුට අපේ යානයක් වුවත් ඉතාමත් සුළු මොහොතකදි සුනු විසුනු කිරීමේ හැකියාව තිබෙනවා. එයට හේතුව සිකුරු වල අධික උෂ්ණත්වයයි. මේ උෂ්ණත්වය ට හේතුව තමයි සිකුරු සතුව තිබෙන අධික වායුගෝලය. මේ වායුගෝලය හරිම ඝනකම් වගේම කාබන්ඩයොක්සයිඩ් අධික ලෙස අඩංගු වි තිබෙනවා. සිකුරු මතුපිටට වැටෙන ආලෝකය නැවත අභ්‍යවකාශයට පිට වීමට නොහැකි වන්නේ මෙම වායුව නිසයි. මෙම නිසාම සිකුරු වල උෂ්ණත්වය අසාමාන්‍ය ලෙස ඉහල යාමට ප්‍රභල හේතුවක් වනවා. කොටින්ම කිවොත් එහි වයුගොලීය පීඩනය පෘතුවියේ වායුගෝලය මෙන් සිය ගණනක් වනවා.

සිකුරු හමුවට යන නිවුන්නු

Davinci+ සහ Veritas යනු මෙම නව මෙහෙයුම් දෙකයි. එහිදී Davinci + සිකුරුගේ ඝනකම් වායුගෝලය අධ්‍යනය කරනු ඇති අතර Veritas එහි ගමන් ගන්නේ භූ විද්‍යාත්මක ඉතිහාසය ගැන විපරම් කිරීමටයි.

ඉදිරි මෙහෙයුම්

Nasa විසින් ඉදිරියට අපගේ චන්ද්‍රයා වෙතට මිනිසුන් ගෙනයාමට Artimes නම් මෙහෙයුමක් දියත් කිරීමට නියමිතයි.තවද ඉන්දියාව විසින් සිකුරු වෙත තවත් මෙහෙයුමක් දියත් කිරීමට නියමිතයි. Astro Planet අපද ඉදිරි මසකදී අපගේ ප්‍රථම model රොකට් යානය දියත් කිරීමට බලාපොරොත්තු වනවා. ඉදිරියට මෙම මෙහෙයුම් තුන සදහාම articles නිකුත් කරන්න අපි සුදානම්. එම නිසාම රැදී සිටින්න geeks.lk සමගම.