මොකද්ද මේ නැනෝ තාක්ෂණය ?

More like this

නැනෝ තාක්ෂණය යනු වර්තමානයේ අප හට බහුලව අසන්නය දකින්නය ලැබෙන මාතෘකාවකි නමුත් බොහෝ දෙනා මේ වන විටත් මේ පිළිබදව නිවැරදි වැටහීමකින් පසුවන බවක් නොපෙන්වයි .නැනෝ තාක්ෂණය යනු කුමක්ද එහි භාවිත මොනවාද යන්න මදක් හෝ දැනුමක් තිබීම වර්තමානයේ ඉතා  වැදගත් කරුණකි.

nano

නැනෝ තාක්ෂණය ගැන කතා කරන්න කලින් අපි නැනෝ යන්නෙහි තේරුම දැනගත යුතුයි . නැනෝ කියන්නෙ ග්‍රීක භාශාවෙන් කුරුමිට්ටා කියන අර්තයට. විද්‍යාවට අනුව නම් නැනෝ කියන්නෙ 10-9   යන පරිමාණයට . ඒ කියන්නෙ ඉතාමත් කුඩා ප්‍රමාණයක් 

නැනො පරිමාණය පිළිබදව පැහැදිළි අදහසක් ලබාගැනීම සදහා උදාහරණයක් ඉදිරිපත් කලහොත් අපගේ හිසකෙස් ගසක විශ්කම්භයද නැනෝ මීටර 100000 පමණ වෙනව.

නැනෝ තාක්ෂණයට පිවිසීමට පෙර පරමාණුව පිලිබදවද යම් කිසි දැනුමක් අප හට තිබිය යූතුයි. අතීතයේ මිනිසුන් විශ්වාස කලේ පදාර්තය කොටස් වලට බෙදා වෙන්කල නොහැකි බවයි. නමුත පදාර්තය පරමානු වලින් සෑදී ඇති බව පසුව විද්‍යාව මගින් සොයා ගන්නා ලදී.

මෙම පරමානු සෑදී ඇත්තේ මූලික වශයෙන් ඉලෙක්ට්‍රෝණ ප්‍රෝටෝන හා න්‍යුට්‍රෝන වලින් බවද පසුව සොයාගන්නා ලදී. එනම් පරමාණු යනු පදාර්තය බෙදා වෙන් කල හැකි එක් කොටසක් බව දැන් ඔබට වැටහෙනු ඇත.

දැන් අප නැනෝ තාක්ෂණය පිළිබදව විමසා බලමු. නැනෝ තාක්ෂණය යනු නැනෝ පරිමාණයේ අංශු නොහොත් පරමාණු ක්‍රමවත්ව හසුරවමින් ප්‍රයෝජනවත් නිර්මාණ කිරීමයි. සාමාන්‍ය ජීවිතයේදී අපට හමුවන දේ වල පරමාණු ඇසිරීමේදී ක්‍රමවත් රටාවක් නොපෙන්වයි. එනම් පරමාණු ඇසිරීමේදී ඒ අතර විශාල හිඩස් ඇතිව අක්‍රමවත්ව ඇසිරී ඇත . ඉතින් අපට එලෙස අක්‍රමවත් ව ඇසිරී ඇති පරමාණු ක්‍රමවත් ව ඇසිරිය හැකිනම් බොහෝ ප්‍රයෝජන ලබාගත හැකියි නේද්? . ඉතින් නැනෝ තාක්ෂණය අවශ්‍ය වන්නේ මේ කරුණ නිසා . මෙම නැනෝ තාක්ෂණය උපයෝගී කරගනිමින් වර්තමාන ලෝකයේ බොහෝ නිර්මාණ සිදුවෙමින් පවතී.

මෙලෙස පරමාණු අතර හිස් අවකාශ අවම කර ගනිමින් පරමාණු ඇසිරීම මගින් අපට ඉතාමත් කුඩා ප්‍රමාණයේ උපකරණ නිම කර ගැනීමට වර්තමානයේ හැකිවී ඇත. මුල් යුගයේ පාපන්දු ක්‍රීඩා පිටියක් තරම් විශාල වූ පරිඝණකයක් වර්තමානයේ සාක්කුවේ දමාගෙන යා හැකි ජංගම දුරකතනයක් දක්වා කුඩා වීම මීට කදිම නිදසුනකි.

යම්කිසි පෘශ්ඨයක දුහුවිලි රැදෙන්නේ එම පෘශ්ඨයේ දුහුවිලි අංශු රැදිය හැකි තරමේ හිස් අවකාශ ඇති විටය . ඉතින් මෙලෙස හිස් අවකාශ අවම කර ගනිමින් අපට ඒවා නිපදවිය හැකිනම් ඒවා තුල දුහුවිලි රැදීමට ඇති හැකියාව අවම වනු ඇත නැනෝ තාක්ෂණය මගින් වර්තමානය වන විට එලෙස දූහුවිලි නොරැදෙන තීන්ත ,ඇදුම් ,පාවහන් වැනි දෑ නිශ්පාදනය කිරීමට හැකි වී ඇත.

නැනෝ තාක්ෂණය මගින් අත්වී ඇති තවත් විශාල ජයග්‍රහණයක් නම් නැනෝ රොබෝවරු නිපදවීමයි . මෙම නැනෝ රොබෝවරුන් මගින් අද වන විට වෛද්‍ය ක්ෂේත්‍රය තුල විශාල දියුණුවක් ඇති කිරීමට සමත් වී ඇත 

මෙම නැනෝ තාක්ෂණය තවමත් දියුනු වෙමින් පවතින තාක්ෂණයකි මෙය සමාජයේ යහපතට මෙන්ම අයහපතටද යොදාගත හැකි අවස්තා බොහෝ ඇත . එම නිසා එය නිවැරදිව පරිහරණය කිරීම මිනිසා සතු යුතුකමකි.