කොවිඩ් එන්නතේ සුල මුල

More like this

“Corona”………..ආපෝ මේ නම අහලම එපා වෙලා නේද දැන් තියෙන්නෙ?

චීනයේ වූ-හාං ප්‍රදේශයෙන් ආරම්භ වෙලා දැන් මේ රෝගය ලෝකය පුරාම පැතිරිලා හමාරයි.දැන් ඉතින් අපිට කරන්න වෙන්නෙ මේ වැටිච්ච තැනින් නැගිටින එක විතරයි.ඒත් ඒකට අපි corona ඉවර වෙනකන් ඉදලා හරියන්නෙ නෑ.Corona එක්කම ජීවත් වෙන්න පුරුදු වෙන එකයි අපිට ඉතුරු එකම විකල්පය.

ඉතින්,මේ දවස් වල ඔබට ඇහෙනවා ඇති ප්‍රජාශාලාවට එහෙමත් නැත්තම් ලගම ඇති රජයේ වෛද්‍ය මධ්‍යස්ථානයට ඇවිත් Corona Injection එහෙමත් නැත්තම් vaccine එක ලබාගන්න කියලා PA vehicle එකකින් announce කරගෙන යනවා.

අපි මුලින්ම බලමු මේ vaccine එකේ තොරතුරු.

මේ විදිහට අපිට එන්න කියල ලබාදෙන්නෙ AstraZeneca Covishield එන්නතයි.ඉන්දියානු රජය මගින් අපට මේ vaccine එකේ doses 500,000 පරිත්‍යාග කරනු ලැබුවා.රජය ඊට අමතරව තවත් doses මිලියන 10 ඉන්දියාවෙන්ද ඉන් පසුව doses මිලියන 3.5 එක්සත් රාජධානියෙන්ද ගෙන්වීමට නියමිත බවයි කියවෙන්නේ.

මොකක්ද මේ එන්නතෙන් සිද්දවෙන්නෙ?

තවමත් Corona නිට්ටාවටම වැලක්වීමට හැකි එන්නතක් නිපදවී නෑ.මෙම එන්නතෙන් සිද්දවෙන්නෙ ශරීරයට අවශ්‍ය අමතර ප්‍රතිශක්තීකරනයක් ලබා දීමයි.ඉතින් මේ vaccine එක ලබාදෙන්නෙ වයස 30-60 අතර අයටයි.corona වල බලපෑම වැඩිපුරම දැනෙන්නේ මෙම වයස් කාණ්ඩයේ අයට වීමයි මේකට හේතුව.

Vaccine එක ලබාගත්තට පස්සේ මද හිසේ කැක්කුමක්,ඇගට උණ ගතියක් සහ ඇතමුන්ට ශරීරයේ රිදීම් දනෙනවා කියලයි කියන්නෙ.එවිට පැය 6න් 6ට Panadol හෝ එවැනි වෙනත් painkiller එකක් ගත් විට සාමාන්‍ය පරිදිම වැඩකටයුතු කරගන්න පුලුවන්.

සමහරුන් හිතන් ඉන්නේ vaccine එක ලබාගත් පමනින් corona වලින් බේරෙන්න එහෙමත් නැත්තම් රෝගය හැදෙන එක prevent කරගන්න පුලුවන් කියලයි.මම කලිනුත් කිව්ව වගේ මේ එන්නතට රෝගය සෑදීම 100% වලක්වන්න බෑ.එමනිස vaccine එක ගත්තත් පෙර සේම අපි පෞද්ගලිකව ආරකශා වෙන්න ඕනේ ඒක අපිට වගේම අපි ආශ්‍රය කරන යහලු හිත මිත්‍රාදින්ටත් හොදයි. ඉතින් මානසිකව වැටෙන්නෙ නැතුව අපිට පුලුවන් විදිහට නැවතත් පරන පුරුදු lifestyle එකටම යන්න වැඩ කරන්න ඕනේ.ඒක අපි හැමෝගෙම වගකීමයි.එහෙනම් health category එකේ තවත් informative article එකකින් geeks.lk අපි ඔයාලා වෙතට ලගදීම එන්නම්.