colombian drug lord හෙවත් පැබ්ලෝ එස්කොබාගේ කතාව

More like this

කවුද මේ පැබ්ලෝ කියන්නේ?

බොහෝ දෙනෙක් දැනටමත් දන්නවා කවුද මේ අමුතු පුද්ගලයා කියල. 80-90 දශකයේ වැඩිහිටි තරුණ පරපුර නම් දන්නවා මේ කවුද කියල. මෙහෙම කියන්නම්. ඇමෙරිකාවට පවා හිසරදයක් උන කෙනෙක් කිව්වොත්? එහෙමත් නැත්තන් ඇමෙරිකානු ඩොලර් බිලියන 55 ක වත්කමක් වර්මාන තක්සේරුවට තිබුන කෙනෙක් කිව්වොත්? ඇමෙරිකාවේ වර්ග අඩි 6500ක පමණ විශාල වෙරළබඩ නිවසක් සහ කොලොම්බියාව තුල විවධ ස්ථාන වල නිවාස, මන්දිර 800 කට අධික ප්‍රමාණයක හිමිකරුවෙක් කිව්වොත්?

ලෝකය පුරා ඉන්න සත්ව විශේෂ 1000 කට අධික වෙසන පුද්ගලික සත්ව උද්‍යානයක හිමිකරුවෙක් කිව්වොත්? සතියක ආදායම ඩොලර් මිලියන 420ක් හෙවත් වසරකට ඩොලර් බිලියන 22ක් හොයපු පුද්ගලයෙක් කිව්වොත්? ඔව් ඒ තමයි පැබ්ලෝ එස්කොබාර් හෙවත් කොකේන් රජු ලෙසින් කොලොම්බියාවට කළු පැල්ලමක් එකතු කල ග්‍රාමීය දුප්පත් ගොවියෙකුගේ පුත්‍ර රත්නය

pablo escobar sinhala

හැබැයි පැබ්ලෝ කියන්නේ නිකම්ම නිකම් මත්ද්‍රවය නිෂ්පාදයෙක්ද? නැහැ. පැබ්ලෝ කියන්නේ ඊට එහා ගිය අපරාධකාරයෙක්.

ඔහු විසින් සිදු කල ප්‍රසිද්ධ ඝාතන ලැයිස්තුගත කලොත්,

  1. 1989 වසරේදී ලෝක පාපන්දු සුදුසුකම් තරඟයක් අතරතුර ජනාධිපති අපේක්ෂක Luis Carlos Galán ඝාතනය.
  2. 1985 වසරේදී කොලොම්බියානු ශ්‍රේෂ්ඨාධිකරණය වැටලීමකට ලක් කල එහි සිටින විනිශ්චයකරුවන් භාගයක් පමණ මරා දැමීම.
  3. Avianca ගුවන් යානා බෝම්බය මගින් මගින් 107 දෙනෙක් මරා දැමීම. මෙහිදී අරමුණ වුයේ ලුයිස් කාර්ලොස්ට පසුව අපේක්ෂක වූ පසුකාලින ජනාධිපති වූ César Gaviria මරා දැමීමයි.
  4. 4000 පමණවූ රජයේ සේවකයන් මරා දැමීම. අධිකරණ විනිසුරුවන් 200ක් පොලිස් නිලධාරීන් 1000 සහ මාධ්‍ය වේදීන් මේ අතර වෙනවා.

ඒ වගේම පැබ්ලෝ එස්කොබාර් චරිතය ගැන කිව්වම පහත දැක්වෙන කරුණුත් විශේෂිත වෙනවා.

  1. පැබ්ලෝ කොකේන් ගුවන්යානා ටයර් වල සඟවා ඇමෙරිකාවට ප්‍රවාහනය කරනු ලැබුවා. ඒ වෙනුවෙන් ඔහු ගුවන් නියමුවෙකුට ඩොලර් 500,000ක් එක ගමනක් සඳහා ගෙවා තිබුනා.
  2. පැබ්ලෝ එස්කොබාර් වරක් කොලොම්බියානු කොංග්‍රස් සභාවට පත්වී තිබුනා. ඔහුගේ මූලික අභිප්‍රාය වුයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඇමෙරිකාවට නෙරපීමේ නීතිය ඉවත් කරගැනීමයි.
  3. පැබ්ලෝට මුහුණ දෙන්න සිදු වූ අමුතු ගැටළුවක් උනේ කොකේන් ව්‍යාපාරය දියුණු වෙනවත් සමඟ එයින් උපයන මුදල් නැවත ඇමෙරිකාවේ සිට කොලොම්බියාවට රැගෙන ඒමේ ගැටළුවයි. විශාල මුදල් ප්‍රමාණයක් නැවත කොලොම්බියාවට රැගෙන එන්න අපහසු වූ කල ඔහු කලේ Learjet නමැති ගුවන් යානය මුදල් ප්‍රවාහනය සඳහාම මිලට ගැනීමයි.
  4. රටින් නෙරපීමේ නීතිය ඉවත් කිරීම වෙනුවෙන් පැබ්ලෝ රජයට අරුම පුදුම යෝජනාවක් ගෙන ආවා. ඒ තමයි ඔහු විසින් කොලොම්බියානු රජයේ ජාත්‍යන්තර ණය ප්‍රමාණය වූ ඩොලර් මිලියන 10 ක මුදල ගෙවා දැමීමේ යෝජනාව.
  5. රජය සමඟ වසර කීපයක් දරුණු යුද්ධයක නිරතවූ එස්කොබර් අවසානයේ තම මිතුරා වූ ගුස්තාවෝගේ මරණය හමුවේ රජයට යටත් වෙන්න තීරණය කලා. එත් ඔහුගේ කොන්දේසි යටතේ. ඒ කොන්දේසිය උනේ කිලෝමීටර් කීපයක සීමාවකට පොලිසියට පැමිණිය නොහැකි ඔහු විසින්ම නිර්මාණය කරගත් සුඛෝපභෝගී සිරගෙයක ඔහු වෙනම ජිවත් වීමයි. la catedralනමින් හැඳින්වූ මේ සුපිරි සිපිරිගෙය කැසිනෝ, රාත්‍රී සමාජ ශාලාවක්, ස්පා එකක් පිහිනුම් තටාක සහ පාපන්දු පිටියකින් සහ හෙලිකොප්ටර් නවත්වන ස්ථානයකින් සමන්විත උනා.
  6. මත්ද්‍රව්‍ය ජාවාරම් සහ මිනීමැරුම් හැරුනුකොට ඔහු තමන්ගේ නගරය වූ මෙඩලින් වැසියන් වෙනුවෙන් පාපන්දු ක්‍රීඩාංගන, නිවාස විශාල වශයෙන් තනාදී තිබෙනවා. වරක් ඔහුව මෙඩලින් වැසියන් රොබින් හුඩ් නම් අනුවර්ථ නාමයකින් හඳුන්වනු ලැබුවා. එහෙත් ඔහු විසින් කල විශාල බෝම්බ පිපිරීම් සමඟින් ජනතාවගේ ඔහුට පක්ෂව තිබු අදහස් වෙනස් වුවා.
  7. තවත් අපූරු කරුණක් වුයේ මුදල් මිටි බැඳීම වෙනුවෙන් පැබ්ලෝ එස්කොබාර් මසකට ඩොලර් 2500 ක මුදලක් රබර් පටි වෙනුවෙන් වැයකොට තිබෙනවා.
  8. වරක් තම දියණිය උණුසුම් කිරීමට ඔහු විසින් ඩොලර් මිලියන 2ක් මුදල් නෝට්ටු ගිණි තබා ගිනිමැලයක් නිර්මාණය කර තිබෙනවා.
  9. අධික කළු සල්ලි ප්‍රමාණයක් ගලා ඒමත් සමඟ ඒ මුදල් වලට කිරීමට කිසිවක් නැතිකොට ඒවා විවිධ ස්ථාන වල අපූරු විදිහට ගබඩා කරන්න පැබ්ලෝ උපදෙස් දෙනු ලැබුවා. සමහර මුදල් බිත්ති වශයෙන් ඔහුගේ නිවාස වලත්, මෙට්ට තුලත්, විශාල වශයෙන් ඔහු සතු වගාබිම් වල වළලා දමන්නත් උපදෙස් දී තිබුනා. ඒ වගේම ඔහුගේ ගිණුම්කරු ප්‍රකාශ කරන අන්දමට 10% සෑම මසකම ජලය හෝ මීයන් කා දැමීම නිසා ගිණුම් වලින් ඉවත් කර තිබෙනවා. එම අගය ඩොලර් බිලියන 2.1 වූ අතර පැබ්ලෝ හට එය එතරම් දෙයක් වුයේ නැත.
  10. පැබ්ලෝ සැපයු කොකේන් ප්‍රමාණය කොතරම්ද කියතොත් එකල ඇමෙරිකානුවන් පස් දෙනෙකුගෙන් හතර දෙනෙක්ම භාවිත කලේ පැබ්ලෝ සැපයු කොකේන් කුඩුයි.
  11. 1980 වනවිට ලෝක කොකේන් සැපයුමෙන් 80%ක් සපයනු ලැබුවේ පැබ්ලෝ එස්කොබාර් විසිනුයි.
  12. 1987 දී ෆෝබ්ස් සඟරාවේ ලොව ලොකුම ධනවතුන්ගේ ලැයිස්තුවේ රැඳී සිටි ඔහු 1993 දී මරණයට පත් වනතෙක්ම ඔහු එහි රැඳී සිටියා. 1989 දී ඔහු එහි 7 වෙනි ස්ථානය දක්වා පැමිණියා.
  13. 1980 මැද බාගයේදී ඔහුගේ සතියක ආදායම ඩොලර් මිලියන 420 ක් වූ අතර වසරක ආදායම බිලියන 22ක් වුවා.
  14. ඔහුට වෙනම ඝාතකයන් පිරිසක් වූ අතර ඔවුන් සිකාරියෝ නමින් හඳුන්වනු ලැබුවා. මේ පිරිස පැබ්ලෝ පවසන ඔහුට එරෙහි පුදගලයන් ඝාතනය කල අතර එහි ප්‍රධානියා වුයේ පපායි නම්වූ ඝාතකයෙක්. මේ ඝාතකයන් සඳහා සෑම මිනි මැරුමක් වෙනුවෙන් මුදල් ලබා දී තිබෙනවා.
  15. පැබ්ලෝ සතුව ඇති ධනස්කන්ධයට අමතරව ඔහු සතුව රථ වාහන, ගුවන් යානා, හෙලිකොප්ටර්, බෝට්ටු සහ සබ්මැරින පවා ඇතුලත් වෙනවා.

මෙම අපරාධකරු පසුපස හඹා ගිය ඇමරිකානු DEA නියෝජිත හැවියර් පෙන්‍යා සහ ස්ටීව් මර්ෆි සම්බන්ධ කොට නිර්මාණයක් වූ නාකොස් කතා මාලාව Netflix මහින් ඔබට නැරබිය හැක