Percy Jackson කාතාවේ ආරම්භය

More like this

Percy Jackson කිව්ව ගමන් අපි බොහෝදෙනෙකුට මතක් වෙන්නේ විවිධ බලයන් තියෙන ජීවින් ජීවත් වන විශ්වයක් ගැන. අඩ දෙවිවරුන්ගේ පාරාදීසයේ විශ්වයට අපි හැමෝම සිහිනෙන් පවා යන්න ආසයි. Percy Jackson විශ්වය කියන්නේ අපි හැමෝටම ටිකක් මඟහැරුණු විශ්වයක්. ඉතින් ඒ විශ්වයේ ආරම්භය සොයා යන ගමන මෙතැන් පටන් අපි අරඹමු. අඩදෙවිවරු, දෙවිවරු, සුළු දෙවිවරු, Cyclopes ආදී එකි මෙකී නොකී විශාල ජීවී කොට්ඨාස ජීවත් වුණු මේ පාරාදීසයේ ආරම්භය කොතනද? මේ ජීවී කොට්ඨාස වෙන්වෙන හේතු මොනවද? මේ ඔලිම්පියානු දෙවිවරු කියන්නේ කවුද? කොහොමද එයාලා බිහිවුනේ? අපි කතා කරමු අද ඒ ගැන. අපි හැමෝම දන්නවා මේ Percy Jackson විශ්වය ආදී ග්‍රීක මිත්‍යා කතා අනුසාරයෙන් තමයි නිපදවෙලා තියෙන්නේ. ඒත් මතක් කරන්න ඕන දෙයක් තමයි මේ Percy Jackson විශ්වයේ සමහර කරුණු ග්‍රීක මිත්‍යා කතා සමඟ 100% ගැලපෙන්නේ නෑ. ඉතින් මේ විශ්වයේ නිර්මාතෘ Rick Riordan මහතා ග්‍රීක මිත්‍යා මත පදනම් කරගෙන තමන්ගේ පරිකල්පනය යොදා ගෙන වෙනස් කතාවක් අපිට කියන්න උත්සාහ කරල තියෙනවා.
ඉතින් අපි Percy Jackson විශ්වයට ආරම්භයක් ගන්න කතා කරමු මේ Olympian දෙවිවරුන්ගේ මූලාරම්භය ගැන.
Olympian දෙවිවරු මූලික පරම්පරා දෙකකට අපි වර්ග කරනවා. මේ පරම්පරා වලින් පලමු පරම්පරාව ගැන අපි මුලින් සොයාබලමු. මේ ග්‍රීක ඔලිම්පියානු දෙවිවරුන්ට කලින් ටයිටන් කියලා ජීවී කොට්ඨාසයකට තමයි මේ ලෝකය යටත් වෙලා තිබුණේ. ඔලිම්පියානු දෙවිවරුන් බිහි වෙන්නෙත් මේ ටයිටන් කියන ජීවීන්ගෙන්. ඉතා ඈත අතීතයේ මේ ලෝකය පාලනය කලේ Ouranos නම් ටයිටන් පාලකයෙක්. මේ ටයිටන් පාලක සමයේ ඔහුගේ පුතා වුණු Kronos විසින් කැරැල්ලක් සංවිධානය කරලා තමන්ගේ පියාව ඝාතනය කරලා පාලනය තමන් අතට ගන්නවා. මේ අතරවාරයේ ටයිටන් පාලක Kronos, Rhea නම් තවත් ටයිටන් කාන්තාවක් විවාහ කරගන්නවා. ඉතින් මොවුන් දෙපලට දාව දරුවන් 5 දෙනෙක් ඉපදෙනවා.ඔවුන් තමයි Poseidon, Hades නම් පිරිමි දරුවන් දෙදෙනා සහ Hestia, Demeter, Hera නම් ගැහැනු දරුවන් තිදෙනා. මොවුන් ඉපදුනාට පස්සේ Kronos බිය වෙනවා, තමන් තමන්ගේ පියාව මරා දමා රජ කිරුළ සොරා ගත්තා වගේ කවදා හෝ දවසක මේ දරුවන් පස්දෙනාත් තමාව මරා දමා රජකම පැහැරගනීවි කියලා. ඉතින් මේ බලයට තියෙන කෑදරකම නිසා මේ දරුවන් ඉපදුණු මොහොතේදී ම Kronos විසින් මේ දරුවන්ව ආහාරයට ගන්නවා. ඉතින් හැමෝම හිතනවා මේ දරුවන් ටික මරණයට පත් වෙන්න ඇති කියලා. නමුත් මේ දරුවන් අමරණීයයි. මොවුන් තම පියා වුණු Kronos ගේ ආමාශය ඇතුලේ මොවුන්ව බේරාගන්නකම් ම ජීවත් වෙනවා. මෙහෙම කාලය ගෙවිලා යද්දී Kronos ගේ බිරිඳ වුණු Rhea ඉතා කලකිරීමකින් ජීවත් වෙන්නේ. මෙහෙම වෙද්දී Rhea හට Kronos ට දාව සයවෙනි දරුවෙක් ඉපදින්න යනවා. ඉතින් මේ දරුවා තමයි අපි හැමෝම දන්න Zeus. Rhea බය වෙනවා Kronos විසින් මේ දරුවවත් ආහාරයට අරගෙන මරා දමාවි කියලා. ඉතින් මේ නැතිවීමේ වේදනාව දරාගන්න නොහැකි නිසා Rhea විසින් Gaea නම් භූමියට අධිපති දේවතාවිය වෙතට ගිහින් Creed නම් වූ දූපතේදී Zeus ට උපත ලබා දෙනවා. ඉතින් Zeus ඉපදුණු වහාම Gaea විසින් කුඩා ළදරුවෙකුගේ ප්‍රමාණයට සමාන පාෂාණයක් Rhea ට ලබාදෙනවා, Kronos ට ගිහින් දෙන්න කියලා. Kronos කිසිම සෙවීමක් නැතුව මේ තමයි තමාගේ සයවෙනි දරුවා කියා සිතාගෙන පාෂාණය ආහාරයට ගන්නවා. Rhea විසින් කුඩා Zeus ව නිසි කලවයසට එනතෙක් හදාවඩාගන්න nymph කියන ජීවී විශේෂයට භාරකරනවා. සියුස් නිසි කල වයසට පැමිණි පසු ටයිටන්වරුන්ගේ මූලස්ථානය වුණු Othrys කඳු මුදුනටගිහින් Kronos රවටා ඔහුට අබ සහ පැණි මිශ්‍රණයක් ආහාරයට දීලා සියුස්ගේ සොයුරු සොයුරියන් සියල්ල Kronos ගේ ආමාශයෙන් එලියට රැගෙන බේරාගන්නවා. ඒත් සමඟම ඔවුන් සියලු දෙනා Creed දූපත වෙත ගිහින් සැඟවෙනවා. සියුස් තමන්ගේ සහෝදරයන් බේරාගැනීමට ගිය ගමනේදී ටයිටන්වරු විසින් යටත් කරගෙන හිටපු ජීවි කොට්ඨාස කිහිපයකුත් මේ කෲර ටයිටන් පාලනයෙන් ගලාවාගෙන පලා යන්න සමත් වෙනවා. මේ අතර Hekantonkheire හෙවත් අත් දහසක් ඇත්තන්, Cyclopes වැනි ජීවී කාණ්ඩත් ඉන්නවා. මේ නිදහස් කරගැනීමට කෘතගුණ වශයෙන් Cyclopes හමුදාව විසින් සුවිසල් තිදෙනාට එහෙම නැත්නම් Zeus, Poseidon, Hades වෙතට ඔවුන්ගේ බලයේ සංකේත පිරිනමනවා.

  • Zeus ට Master Bolt හෙවත් අකුණුසැරය
  • Poseidon ට The Great Trident හෙවත් මහා ත්‍රිශූලය
  • Hades ට Helm of Darkness හෙවත් අන්ධකාරයේ හිස්වැස්ම

මේ අවියන්ගේ සහ Cyclopes හමුදාවේ උදව් ඇතිව මේ සුවිසල් තිදෙනා විසින් ටයිටන් පාලනයට විරුද්ධව කුමන්ත්‍රණයක් සංවිධානය කරනවා. මේ කුමන්ත්‍රණයේදී Lapetus, Krios, Koios, Hyperion සහ Atlas ආදී ප්‍රධාන ටයිටන්වරුන් හැරුණු විට බොහොමයක් ටයිටන්වරු මධ්‍යස්ථව කටයුතු කරනවා. මුලදී මේ සටනේ වාසිය අත්දැකීම් වැඩි ටයිටන්වරුන් හට තිබුණද කෙසේ හෝ අවසානයේ මේ පලමු පරම්පරාවේ ඔලිම්පියානු දෙවිවරු ප්‍රමුඛ පෙරමුණ ජයග්‍රහණය කරනවා. මෙහිදී සියුස් විසින් තමන්ගේ පියාගේ අවියක් වුණු Scythe යොදාගෙන තම පියා නැත්නම් Kronos ව කොටස් දහසකට වෙන් කරනවා. පසුව ඒ කොටස් ටාටරස් මහා ආගාධයට දමා Kronos නැත්නම් තමාගේ පියා නැවත කෙදිනකවත් නැගී සිටීම වළක්වාලනවා. මේ සටනේදී සියුස් විසින් අකුණුසැරය යොදා ගෙන ටයිටන්වරුන්ගේ අන්ධකාරයේ සිංහාසනය Othrys කඳුමුදුනෙන් ගලවා ප්‍රපාතයට හෙලා දමනවා. මේ සටනෙන් පසු ඇට්ලස් ටයිටන්වරයා හැර යුදයට සම්බන්ධ වූ සියලුම ටයිටන්වරුන්ව මේ ඔලිම්පියානු දෙවිවරුන් විසින් ඝාතනය කරනවා. ඇට්ලස්ට දඬුවමක් වශයෙන් සදාකාලයටම අහස දරාගෙන ඉන්න කියනවා. මේ සියල්ලට පසුව සුවිසල් තිදෙනා විසින් ලෝකය කොටස් තුනකට වෙන්කරගෙන පාලනය ඉදිරියට ගෙනයාමට කටයුතු කරනවා. මෙහිදී

  • Zeus විසින් අහස ද
  • Poseidon විසින් මහා සාගරය ද
  • Hades විසින් පොලොව යට වූ අපාය

වශයෙන් පාලනයට වෙන් කරගන්නවා.
මෙහිදි ඔලිම්පියානු දෙවිවරුන්ගේ මූලස්ථානය බවට පත්වෙන්නේ ඔලිම්පස් කඳු මුදුන. මේ ඔලිම්පස් කඳුමුදුන පොලොව හා සම්බන්ධ වුනේ නෑ. ඔලිම්පස් කඳුමුදුන උසින් දෙවෙනි උනේ Othrys කඳු මුදුනට පමණයි. මේ කඳුමුදුන මීදුමෙන් වැසී තිබුනු නිසා පොලොව මත ජීවත් වුණු අමරණීය නොවන මනුෂ්‍යයන්ට කවදාවත් දර්ශනය වුනේ නෑ. මෙහිදි ඔලිම්පස් කඳුමුදුන විවිධ කාලවලදී විවිධ රටවලට ඉහළින් පිහිටලා තිබුණා. මුලින්ම ග්‍රීසියට🇬🇷 ඉහළින් ද, ග්‍රීසිය රෝම අධිරාජ්‍යයට යටත් වූ පසු රෝමයට🇮🇹 ඉහළින් ද පසුව පිලිවෙලින් එංගලන්තය🇬🇧, ජර්මනිය🇩🇪, ස්පාඤ්ඤය🇪🇸 ද අවසානයේ ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව් යෝර්ක් නගරයට ඉහළින් ද ස්ථානගත වීම සිදුවිය. අවසානයේ මේ ඔලිම්පස් කඳු මුදුනට පෘථිවි භූමියේ සිට ළඟාවීමට හැකියාව තිබෙන්නේ Empire State ගොඩනැඟිල්ලතුල ඇති විශේෂ විදුලි සෝපානයක් හරහා පමණයි. මේ සෝපානයේ 600 වෙනි මහලට ඇතුල් වුනු පසු පමණයි ඔලිම්පස් කඳුමුදුනට ළඟාවෙන්නට හැකියාව තිබෙන්නේ. මේ ආකාරයට ඔලිම්පස් කඳුමුදුන සැකසී ඇති අතර එහි ප්‍රධාන අංගයක් තමයි, දෙවිවරුන්ගේ ශාලාව. මේ ශාලාව තුළ ප්‍රධාන දෙවිවරුන් රැස්වීම් සිදුකරනු ලබනවා. මේ දෙවිවරුන්ගේ සභාවේ ප්‍රධානියා තමයි, සියුස් දෙවියන්. මේ දේව සභාව තුළ ප්‍රධාන දෙවිවරුන්ට ආසන වෙන් කරලා තිබෙනවා. මෙම දේව සභාවේ අසුනක් මුලින් Poseidon විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවත් පසුව ඔහු මේ දේවසභාවට දායකත්වය ලබා දෙනවා. නමුදු Zeus ගේ තවත් සොයුරෙකු වන Hades මෙම දේව සභාව ප්‍රතික්ෂේප කරනු ලබනවා. ඔහු කෙදිනකවත් මෙම සභාවට පැමිණෙන්නේ නෑ. මේ පලමු පරම්පරාවේ ඔලිම්පියානු දෙවිවරුන් විවිධ අංගයන්ට අධිපතීත්වයන් දරනවා.

  • Zeus – ආකාශයට අධිපති දෙවියන්, දේවමණ්ඩලයේ ප්‍රධානියා
  • Poseidon – මහා සමුදුරට අධිපති දෙවියන්
  • Hades – අපායට අධිපති දෙවියන්, මරණයේ දෙවියන්
  • Hera – විවාහයට අධිපති දේවතාවිය
  • Hestia – භූමියට සහ වාසස්ථානයට අධිපති දේවතාවිය
  • Demeter – අස්වැන්නට සහ කෘෂිකර්මයට අධිපති දේවතාවිය


මෙහි දී Zeus දෙවියන් විසින් තම සොහොයුරිය වූ Hera ව විවාහ කරගන්නවා. ඔලිම්පස් කඳු මුදුනේ දෙවිවරු, සුළු දෙවිවරු, අඩදෙවිවරු, Cyclopes ආදී විවිධ ජීවීන් සාමාන්‍ය ආකාරයට ජීවිකාව ගතකරනවා. මේ පලමු පරම්පරාවේ ඔලිම්පියානු දෙවිවරුන්ට දාව බොහොමයක් දෙවන පරම්පරාවේ ඔලිම්පියානු දෙවිවරුන් බිහිවනවා. මේ දෙවන පරම්පරාවේ දෙවිවරු විශාල පිරිසක් ඉන්නවා, ඉතින් ඒ අතරින් වැදගත් කිහිපදෙනෙක් ගැන පමණක් මේ ලිපියෙන් සටහන් කරන්නම්

  • Hephaestus – Hera දේවතාවිය විසින් තනිවම මවාගන්නා පුතා වන මොහු පියෙක් නොමැතිව මැවීම නිසා විරූපී ලක්ෂණ සහිතව ඉපදීම සිදුකරනු ලබනවා. Hera විසින් Hephaestus ගේ මේ විරූපි බව නිසා ඉපදුණු වහාම ඔලිම්පස් කඳුමුදුනෙන් පහළට තල්ලු කරනවා. මොවුන් අමරණීය වන නිසා මෙයින් නොමැරුණු Hephaestus පසුකලෙක ගින්නට සහ කම්මලට අධිපති දෙවියන් බවට පත් වෙනවා.
  • Athena – Zeus සහ Metis නම් ටයිටන් කාන්තාවට දාව Athena උපත ලබනවා. Zeus Hera සමඟ විවාහ වීමට පෙර විවාහ වී සිටියේ Metis සමඟය. එනම් Zeus ගේ පළමු බිරිය Metis වේ. Metis ට දරුවා ලැබීමට පෙර සියුස් හට ඒ ගැන අනාවැකියක් දැනගැනීමට ලැබෙනවා. ඒ අනාවැකියේ සඳහන් වෙන්නේ Metis ට ගැහැනු දරුවෙකු හා පිරිමි දරුවෙකු ඉපදෙන බවත් , එහිදී ඉපදෙන පිරිමි දරුවා Zeus ට වඩා බලසම්පන්න පුද්ගලයකු වන බවත් ය. මේ අනාවැකියකට බිය වූ සියුස් විසින් Metis ව මැස්සකු බවට පත් කර ගිල දමනවා. නමුත් Zeus ගේ ආමාශය තුළදී Metis විසින් Athena ට ජීවය ලබාදෙනවා. පසුව ඇතීනා සියුස්ගේ හිස් කබල වෙත ගමන් කර එහි ජීවත් වනවා. පසු කලෙක සියුස්ට දැඩි හිසේ රුදාවක් ඇති බව පැවසූ විට Hera විසින් Hephaestus ලවා Zeus ගේ හිස්කබල පලනු ලබනවා. ඒ සමඟම ඇතීනා ජීවී ලෝකයට ඇතුල් වනවා. Athena පසුව ප්‍රඥ්ඥාවට හා උපාය මාර්ගවලට අධිපති දේවතාවිය බවට පත් වනවා.
  • Ares – Zeus සහ Hera ගේ පුතුනුවෙකු වේ. යුද්ධයට අධිපති දෙවියා ලෙස හැඳින්වේ Apollo සහ Artemis – මොවුන් නිවුන් දරුවන් වන අතර Zeus ට දාව Leto නම් ටයිටන් කාන්තාවට මේ දරුවන් දෙදෙනා බිහිවිය. මේ කරුණ මුලින්ම දැනගන්නා Hera විසින් Leta හට ශාප කරනු ලබන්වා මේ දරුවන්ව ශාක මුල් නොමැති බිමක ප්‍රසූත කළ නොහැකි වන ලෙස. කෙසේ හෝ Leto විසින් දූපතකදී මේ දරුවන් දෙදෙනා ප්‍රසූත කරනු ලබනවා. මෙහිදී Apollo සූර්යයාට අධිපති දෙවිදුන් වන අතර Artemis සඳට අධිපති දේවතාවිය බවට පත් විය
  • Dionysus – Zeus ට දාව අමරණීය නොවන ජීවියෙකු වන මනුෂ්‍ය කාන්තාවක් වන Emily ට ඉපදෙන දරුවා වේ. අමරණීය නොවන ජීවියකු තම මව වන එකම ඔලිම්පියානු දෙවියන් වන්නේ Dionysus පමණි. මේ සම්බන්ධයෙන් ද Hera දැනගත් පසු මහළු වෙස් ගෙන Emily හමුවට ගොස් ඇයගේ පුතුගේ පියා වන්නේ ඔලිම්පියානු දෙවියකු බව සැකයක් Emily හමුවේ ජනිත කරවනවා. මෙහිදී Emily එය සත්‍යයක්ද බව Zeus ගෙන් විමසූ විට සියුස් තම නියම ස්වරූපයෙන් පෙනී සිටිනවා. ඒ සමඟම Emily දැවී අළු වී යන අතර Zeus විසින් කෙසේ හෝ Dionysus පුතුව බේරාගනු ලබනවා. ඔහු වයින්වලට අධිපති දෙවියන්බ වට පත්වනවා. පසුකලෙක Dionysus අතින් සිදු වූ වරදකට ඔහුව ඔලිම්පස් කඳු මුදුනින් නෙරපා අඩදෙව් කඳවුරේ ප්‍රධානියා ලෙස වසර සියයකට නම් කර එවනු ලබනවා
  • Aphrodite – මැයගේ විශේෂත්වය වනුයේ මැය පළමු හෝ දෙවන ඔලිම්පියානු දේව පරම්පරාවලින් පැවත නොඑන නිසාය. Zeus ගේ පියා Kronos විසින් ඔහුගේ පියා වන Ouranos ව ඝාතනය කළ පසු සයුරට සිරුර එක් කරනු ලබනවා. මෙහිදී සිරුරෙන් මතුවූ බුබුළු තුළින් Hermis උපත ලබනවා. එතැනින් උපත ලැබූ Aphrodite සයිප්‍රස් දූපතට ගොඩ ගසනු ලබනවා.මෙහි ඉතා ලස්සන දුටුවන් වශීකෘත වන සුන්දර ලලනාවක් බවට හැදී වැඩෙන Aphrodite පසුව ඔලිම්පස් කඳු මුදුනේ දේව මූලස්ථානය වෙත යනවා. මෙහිදී Aphrodite ගේ සුන්දරත්වයට Zeus, Poseidon, Ares, Apollo, Hermes ආදී සියලුම දෙවිවරුන් වශී වෙනවා. මේ හේතුවෙන් Hera විවාහයට අධිපති දේවතාවිය නිසා මෙයට විසඳුමක් ලෙස තම විරූපී පුතා වන Hephaestus ව Aphrodite ට විවාහ කරදෙනු ලබනවා. මේ සුන්දරත්වය හේතුවෙන් Aphrodite ආදරයට හා සුන්දරත්වයට අධිපති දේවතාවිය බවට පත් වෙනවාLost Olympian සිඳුවීමෙන් අනතුරුව Percy Jackson විසින් යෝජනා කරනු ලබනවා දේව සභාවට සුළු දෙවියන්ගේ දායකත්වය ද ලබා ගන්නා ලෙස, මේ නිසාම පසුව දේව සභාවට සුළු දෙවියන් එහෙම නැත්නම් Minor Gods ලගේ සහයෝගය ද හිමි වෙනවා.
දේව සභාවට දායකත්වය තවත් බොහොමයක් ඔලිම්පියානු දෙවිවරුන් සහභාගි වුනත් අපි එයින් කිහිපදෙනකු පිළිබඳව සොයා බලමු.
  • Hebe – යෞවනයට අධිපති දේවතාවිය
  • Hekete – මායාවට අධිපති දේවතාවිය
  • Hypnes – නින්දට අධිපති දෙවියන්
  • Iris – දේදුන්නට අධිපති දේවතාවිය සහ ඔලිම්පික් දේව සභාවේ පණිවුඩකරු
  • Nemesis – පළිගැනීමේ හා විශ්වීය සමතුලිතතාවයට අධිපති දේවතාවිය
  • Nike – ජයග්‍රහණයට අධිපති දෙවියන්
  • Tyche – වාසනාවට අධිපති දේවතාවිය
  • Triton – ඇට්ලැන්ටිස් මුහුදු රාජ්‍යයේ පණිවුඩකරු දෙවියන්