Perseverance පසු දැක්ම
පසුගිය දා article එකෙන් ගෙනාවා perseverance මෙහෙයුමේ පෙර දැක්ම. ඉතින් NASA හිතපු විදිහටම මේ රෝවරය 99.9% සාර්ථක වුණා. ඉතින් ශ්‍රී ලංකිකයන්ටත් මේ ගැන හිතුවට වඩා වුවමනාවක් තිබුණු බව පේන්නට වුණා. මේ ගොඩබැසිම හරියටම ශ්‍රී ලංකා වේලාවෙන් අලුයම 2.25ට සිදුවුණා. මේක සජීවීව NASA ඇතුළු YouTube නාලිකා ගණනාවක විකාශනය වුණා. ඉතින් ඔබ මේ අපූරු අවස්ථාවේ ඇසින් දුටු සාක්ෂිකරුවන් වුණා කියලා හිතනවා.
තීරණාත්මක අවසන් විනාඩි හත…
මේ අවසන් විනාඩි හත ලොවක තාරකා විද්‍යාවට ආදරේ කරන අයගේ හද ගැස්ම මොහොතක් නතර කරන්න සමත් වුණා.
ඉතින් මේ මෙහෙයුමට NASA ඇමරිකන් ඩොලර් බිලියන 2.8ක් වියදම් කරලා තිබුනා. එතකොට මේ ඩොලර් බිලියන 2.8ක වටිනාකම රැදිලා තිබුනේ තීරණාත්මක විනාඩි හතක කාලයක් තුලයි. මොකද කියනවනම් මේ විනාඩි හත වැරදුනොත් වියදම් කළ ඩොලර් බිලියන 2.8ක්ම අපතේ යනවා. ඉතින් මේ විනාඩි හත කියලා සදහන් කලේ වායුගෝලයට ඇතුළු වීමේ සිට ගොඩ බැස්සවීම දක්වා. මේ විනාඩි හත ඉතාමත් විශිෂ්ට ලෙස ජයග්‍රහණය කරන්න නසා ආයතන සමත් වුණා. ඉතින් ඔබ මේ මෙහෙයුම සජීවීව නැරබුවනම් දකින්න ඇති නාසා සතුට සෑමරු ආකාරය.
ඇයි තොරතුරු එන්න ප්‍රමාද වුණේ..?
ඇත්තටම කියනවා නම් අපිට පෘතුවියේ ඉදන් ඔක්කොම බලද්දී අගහරු වල සියල්ල වෙලා ඉවරයි. මොකද කියනවනම් අගහරු ඉදන් පෘතුවියට තොරතුරුක් එන්න විනාඩි 11ක වගේ ප්‍රමාදයක් තියෙනවා කියලා ඔබ දන්නවා ඇති එකයි හේතුව. ඒවුනාට ගොඩබස්වල ටිකක් වෙලා එ සජීව විකාශනය බලන් හිටියනම් දකින්න ඇති රවුම් කළු සුදු ජායා රුපයක් ඔබේ පරිගණක තිරයෙ වැටෙනවා. මේක තමයි perseverance රෝවරයෙන් පෘතුවියට ලැබුන ප්‍රථම ජායා රූපය. මේකනම් හැබැයි ගොඩක් ප්‍රමිතියක් සහිත ජායා රූපයක් නෙමෙයි. මොකද මේක අරන් තිබුනේ මේ රෝවරයේ රෝද ආසන්නයේ සවිකරලා තිබුණු කැමරාවකින් කියලායි අපිට දැනගන්නට ලැබුනේ.
පෙර දැක්මේ මොකක්ද අමතක වුණේ..?
ඇත්තටම පසුගිය දා ගෙනාපු article එකේ පොඩි වැරද්දක් සහ කරුණක් මගහැරී තිබුනා. එහි සදහන් කරලා තිබුනා මේ rover එකේ drill එක්කක් තියෙනවා කියලා එකෙන් ඇත්තටම කරන්නේ අගහරු ගල් කැණීම මගින් පස් සාම්පල් එකතු කිරීම. තවද මේ rover එක තනියම නෙමෙයි අගහරුවලට ගියේ තව යාලුවෙක් එක්ක තමයි මේ rover එක ගියේ. එ යාළුවා drone එකක්. ඒ වුනාට ඇත්තටම කිවුවොත් මේක හෙලිකොප්ටර් එක්කක් මොකද මේකේ තටු දෙකක් පමණයි තියෙන්නේ. ඉතින් මේක අගහරු වල ගුවන් ගත කිරීම පෘතුවියෙදී වගේ ලේසි වැඩක් නම් නෙමෙයි. මොකද මෙහි ගොඩක් භෞතික සාධක පෘතුවියට වඩා හාත්පසකින්ම වෙනස්. මේ සාධක එකින් එක සදහන් කරන්නම් තවත් article එකකකින්.
මොකක්ද මේ රටකජු කතාව?
ඇත්තටම එදා මේ event එක බැලුවනම් දකින්න ඇති මෙතන හිටපු සමහරු රටකජු කනවා. ඇයි එ කියනවනම් 1960 ගණන් වල නසා ආයතනය කරපු මෙහෙයුම් ගණනාවක් පිට පිට අසාර්ථක වෙද්දී මේතන හිටපු කෙනෙක් අහම්බෙන් වගේ රටකජු ගෙනැවිත් මේ කාර්යමණ්ඩලය කැවලු. එදායින් පස්සේ මේ රටකජු කමින් කරපු ගොඩක් මෙහෙයුම් සාර්ථක වෙන්න ගත්තලු එකයි මේකට හේතුව. බැලු බැල්මටනම් මේක ටික්කක් හාසය උපදින කරුණුක්.