තව සුලුමොහොතකින් සිදු වන perseverance අගහරු මෙහෙයුම.

More like this

තාරකා විද්‍යාවට ආදරේ කරන ඔබ අප හැමදෙනාටම ඉදිරි පැය කිහිපය තීරණාත්මක වැදගත් අවස්ථාවක්. එ අගහරු ගවේෂණයට සුදානම් වන perseverance rover එකේ ගොඩබැස්සවීම තවත් පැය කිහිපයකින් සිදුවන නිසා. ඉතින් සමහරඅයට මේක වැදගත් කියලා නොහිතෙන්න පුළුවන්. හැබැයි කවද හරි ඩයිනොසිරස්ලාට වුන වැඩේ අපිටත් වෙන්න යන දවසක මේ මෙහෙයුම් වල වැදගත්කම අපිට තේරෙයි. මොකද මේ හැම මෙහෙයුමකම අරමුණ තමයි අනාගතේ අපිට ලෝක ව්‍යවසනයක්, උලකාපාතයක බලපෑමක් ඇතිවුනෝත් අපිට සුදුසු  වෙනත් වාසස්ථානයක්‌ සෙවීම. ඉතින් මෙහි තවත් අදියරක්‌ විදිහට තමයි perseverance  අගහරු  බලා යන්නේ. මේ අත්හදා බැලීම කරන්නේ NASA මගිනි.

මොකක්ද මේ perseverance කියන්නේ?

ඉතින් අගහරු වලට යවන යානා කොටස් කිහිපයකට බෙදන්න පුළුවන්. 
Orbiter, lander, rover missions මේ අතරින් ප්‍රධානයි. ඉතින් මේ lander මෙහෙයුමක්‌ නැත්තම් යානයකට අගහරු මතට ගොඩබැස පෘතුවියට තොරතුරු එවන්න හැකියාව තිබුනත් මේකට ගමන් කිරීමට හැකියාවක්‌ නැහැ. Orbiter එකක් කියන්නේ satellite එකක් වගේ දෙයක්. ඔබ දැකලා ඇති අගහරු මතුපිට යන රෝද හයේ කාර් එකක් වගේ දෙයක් ඉතින් මේකට තමයි අපි rover එකක් කියලා කියන්නේ. ඇයි අපිට මේකත් පෘතුවියේ තියෙන කාර් එකක් වගේ හදන්න බැරි? අගහරු මතුපිට සාධක වලට ඔරොත්තු දෙන විදිහට තමයි මේක හදලා තියෙන්නේ. එකයි හේතුව.

කොහොමද perseverance කියලා නම ලැබුනේ?

මේ මෙහෙයුමට නමක්‌ හොයාගන්න ඇමරිකා එක්සත් ජනපදයේ සිසුන් 28, 000 ක්‌ ඉදිරිපත් කළ නම් අතුරින් වඩාත්ම සුදුසු නම තෝරාගැනීම මගින්. ඉතින් මේ අභියෝගය ජය ගැනීමට ඇමරිකාවේ වර්ජිනීයාවේ ලේක්‌ බ්‍රෑඩොක් ද්විතික පාසලේ හත්වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන   ඇලෙක්සැන්ඩර් මාතර් කියන ශිෂ්‍යයා සමත් වුණා. තවද අවසන් නාමයන් 9 න් නමක් තෝරාගන්න ජන්දයක්‌ පැවැත්වූවා. Tenacity, Edurance, Ingenuity යන නාමයන් පෙරමුණ ගත්තා. නමුත් අවසානයේ ජයග්‍රහණය කලේ perseverance යන නමයි.

ඉතින් mars perseverance මෙහෙයුම 2020 ජුලි මාසයේ ඇට්ලස් V රොකට් එක  භාවිතය කරමින් ගමන පටන්ගත්තා.

අපිට මේක සජිවීව බලන්න විදිහක් නැද්ද?

මේ අවස්ථාව ලංකාවේ වේලාවෙන් 19 වෙනිදා පාන්දර 1ට ගොඩබැස්ස වීමට නියමිතයි. ඉතින් මේ අවස්ථාව  SEDS MORA(youtube and facebook)ඔස්සේ සිංහලෙන් සජීව විකාශනය වන බව දැනගන්නට ලැබෙනවා. Ultrex5 Youtube නාලිකාවෙන් පසුගාමි විකාශනයකුත් සුදානම් කර තිබෙන බවට වාර්තා වෙනවා. Nasa Tv (නසා app එක)හෝ නසා youtube නාලිකාව ඔස්සේද විකාශනය වීමට නියමිතයි.

Perseverance එකේ අළුත් උපාංග මොනවාද?

මේකට කැමරා 23ක්‌ අඩංගු වෙනවා. ඉතින් මේ කැමරා අතරට Sherlock සහ Watson ලෙසත් කැමරා දෙකක් තිබෙනවා කියලා වාර්තා වෙනවා. මේ Watson කියන කැමරාවේ ප්‍රධාන කාර්ය ද්‍රව්‍ය වල වර්ණනාවලිය පරික්ෂා කිරීමයි. මෙහි සියළුම සන්නිවේදන කටයුතු වෙන්නේ රේඩියෝ තරංග මගිනි. මේකේ arm එක ගොඩක් වෙනස් එකක්. මේක 10kg බරින් යුක්තයි. මෙහි විශේෂ drill එකක් අඩංගු වෙනවා. මේකේ කාර්ය තමයි පස් සාම්පල් එකතු කිරීම. ඊට පසුව containers  වලට දාල ඒවා තැන තැන දාල එනවා. ඊට පසුව ඒවා එකතු කරන්නත් වෙනම මෙහෙයුමක්‌ දියත් කරනවා. Perseverance එකේ computer එකේ CPU එක 200MHz, RAM එක 256 MB සහ Flash memory එක 2GB වෙනවා.

ඉතින් අපි ප්‍රාර්ථනා කරමු මේක අපේ අනාගතේ මෙහෙයුම් වලට එක මුල් පියවරක් වේවා කියලා.