ලෝකයම වෙනත් මගකට යොමු කරන quantum computing

More like this

ඩෝල්ටන්ගේ පරමාණුක වාදය බිදහෙලමින් පරමාණුව තුල උප පරමාණුක අංශු පවතිනවා යැයි සොයාගැනීමත් සමගම ලෝකයේම විද්‍යාඥයින් පිස්සුවෙන් මෙන් ඒ පිළිබදව පර්යේෂණ කිරීමට යොමු විය

ඩොලර් මිලියන ගණන් වැය කරමින් particle accelerator , large hadron collider වෑනි උපකරණ නිපදවමින් මෙලෙස ඇසටවත් නොපෙනෙන තරමේ කුඩා අංශු පිළිබදව පර්යේෂණ කිරීමෙන් ඇති ප්‍රයෝජනය කුමක්දැයි ලෝකයා විමසද්දීත් ඔවුන් තම කාර්යය ඉතාමත් උවමනාවෙන් සිදුකරන්නට යොමු විය. ඔවුන්ගේ මහන්සිය කිසිසේත් අපතේ ගොස් නැත ඒ බව quantum computer වැනි උපකරණ මගින් මැනවින් පැහැදිළි වෙයි.

ඉතින් අපි අද කතා කරමු මොකක්ද මේ quantum computer කියන්නෙ කියල.

විද්‍යාඥයින් මෙම උප පරමාණුක අංශු හෙවත් quantum ලෝකය පිළිබද අවබෝද කර ගැනීම සදහා බොහෝ පර්යේෂණ සිදුකරනු ලැබුවා .  එම පර්යේෂණ මගින් ඔවුන් හට මේ පිළිබදව මනාව අවබෝද කරගත හැකිවනු ඇතැයි ඔවුන් විශ්වාස කලා . නමුත් සිදුවූයේ ඊට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක්.

ඔවුන් තමන්ගේ පර්යේෂණ වඩ වඩාත් දියුණු කරන විට ඔවුන් හට තමන්ගේ ගැටලු සදහා විසදුම් ලැබෙනු වෙනුවට ඔවුන් හට තවත් ගැටලු මහා පරිමාණයෙන් මතු වීමට පටන් ගත්තා. ඔවුන් හට පැහැදිලි කිරීමට නොව සිතා ගැනීමට පවා නොහැකි නිරීක්ෂණ ඔවුන්ට දැකීමට හැකි උනා. ලෝක ප්‍රසිද්ධ double slit පර්යේෂණය මීට කදිම නිදසුනක්. මෙම ක්වන්ටම් අංශු තුලින් ඉතාමත් අත්භූත හැසිරීම් දිගින් දිගටම නිරීක්ෂණය කිරීමට විද්‍යාඥයන්ට හැකි වුනා. උදාහරණයක් ලෙස ඉලෙක්ට්‍රෝනය ගතහොත් අප සියලු දෙනා දන්නා පරිදි ඉලෙක්ට්‍රෝනය යනු අංශුවකි ඉතින් අප දකින භෞතික ලෝකයට අනුව අංශුවක් නම් යම් නිශ්චිත පිහිටීමක් තිබිය යුතුය එමෙන්ම චලනය වීමේදි යම් නිශ්චිත වේගයක් තිබිය යුතුය . භෞතික ලෝකය එසේ වූවත් quantum ලෝකයට අනුවනම් එය ඊට හාත්පසින්ම වෙනස් ය . විද්‍යාඥයින්ට ලැබුනු නිරීක්ෂණ වලට අනුව ඉලෙක්ට්‍රෝනයක් ගත් කල ඊට එකම මොහොතක දිශා කිහිපයකට වෙනස් වේග වලින් චලනය විය හැකිය තවද ස්ථාන කිහිපයක එක විට පැවතිය හැකිය . මෙය quantum superposition ලෙස හදුන්වයි මෙය තවමත් විද්‍යාඥයින්ට අභිරහසකි . මෙහි ඇති තවත් අභිරහසිගත සිද්ධියක් නම් අංශුවකට මෙලෙස quantum superposition අවස්තාවේ සිටිය හැක්කේ අප විසින් එය නිරීක්ෂණය නොකරන තාක් කල් පමණි . එනම් අප විසින් එම අංශුව නිරීක්ෂණය කිරීමට ගත් සැනින් එම අංශුව නැවත එම අත්භූත හැසිරීම් වලින් තොරව සාමාන්‍ය අංශුවක් ලෙස හැසිරීමට පටන් ගනියි. මෙය සිදුවන්නේ කෙසේදැයි තවමත්  කිසිවෙකුට නිශ්චිතව පැහැදිලි කිරීමට හැකිවී නැත.

සාමාන්‍ය පරිඝනකයක් ක්‍රියා කරන්නේ ඩයෝඩ ට්‍රාන්සිස්ටර වැනි අර්ධ ස්න්නායක උපාංග මගිනි . මෙම තාක්ෂණයට යම්කිසි  මට්ටමකට වඩා ඉදිරියට යාමට නොහැකිය ඊට හේතුව නම්  මේවා තුල ඇති gate යම් කිසි භෞතික් මට්ටමකට වඩා කුඩා කලහොත් එක අර්ධයකින් ඉලෙක්ට්‍රෝණයක් අතුරුදහන් වී ඊට අනෙක් අර්ධයෙන් මතුවීමට ඇති  අත්භූත හැකියාවයි එය Quantum Tunneling ලෙස හදුන්වයි .එම නිසා මෙම තාක්ෂණයට යම්කිසි මට්ටමකින් ඉදිරියට දියුණු විය නොහැකි බව දැන් ඔබට වැටහෙනු ඇත . නමුත් quantum  පරිඝණක සදහා භාවිතා කරන්නේ මීට වෙනස් තාක්ෂණයකි . මේ තුල භාවිතා වන්නේ quantum අංශු ය. ප්‍රායෝගිකව නම් මේ සදහා මේ වන විට භාවිතා කරන්නේ පොස්පරස් පරමාණුවේ ඇති බාහිරතම  ඉලෙක්ට්‍රෝණයයි.

Quantum computing තාක්ෂණයට මූලික පදනම වූ සංකල්පය මෙම quantum superposition නම් සංකල්පයයි අප සාමාන්‍ය පරිඝණක තුල දත්ත නිරූපණය කරන්නේ bit නැමති ඒකකයයි. මෙම bit එකක් තුල 0 හෝ 1 යන අගයන් පැවතිය හැක මෙලෙස bit 2ක් යොදාගත හොත් අපට එකිනෙකට වෙනස් අගයන් 4 ක් නිරූපණය කිරීමට හැකිවනු ඇත . නමුත් quantum computer තුල භාවිතා කරන්නේ Qubit නැමති ඒකකයකි මෙම Qubit එකක් මගින් 1 හෝ 0 යන ආකාර වලට අමතරව මෙම ආකාර දෙකම එක වර නිරූපණය කල හැකිය මෙසේ සිදුවන්නේ quantum අංශු වලට ඇති quantum superposition නැමති අත්භූත හැකියාව නිසායි. එම නිසා Qubit 2 ක් සැලකූ කල කලින් අවස්තා 4 ට අමතරව එම අවස්ථා 4 ම එක වර පෙන්වීමටද හැකිය මෙ අනුව Qubit 50  ක් ඇති පරිඝණකයක් තුලින් එකවර අවස්ථා  253   ක් වැනි ඉතා විශාල ප්‍රමාණයක් එකවර නිරූපණය කල හැක. මෙ නිසා මෙම පරිඝණකයට අති විශාල processing power එකක් ලැබී ඇත. එනම් සාමාන්‍ය පරිඝණකයක් එක වරකට එක ගණිත ගැටලුවක් විසදද්දී quantum පරිඝණකයකට එකවර ගණිත ගැටලු විශාල ප්‍රමාණයක් විසදිය හැකිය. ලොව බලවත්ම super computer එකක් අවුරුදු 100 ක් වැනි කාලයක් තුල විසදන ගණිත ගැටලුවක් quantum පරිඝනකයකට තත්පර කිහිපයක් ඇතුලත විසදිය හැක . දැන් ඔබට මෙම සුපිරි පරිඝණක සතුව ඇති බලය කොපමණදැයි මැනවින් වැටහෙනු ඇත .

මෙලෙස quantum computers සතුව අති විශාල බලයක් තිබුණද එය අප සාමාන්‍ය ජීවිතයේ භාවිතා කරන පරිඝණක සදහා ආදේශකයක් ලෙස භාවිතා කල නොහැක . ඊට හේතුව මේවා නිපදවා ඇත්තේ parallel processing මගින් එකවර  ඉතා විශාල කාර්යයන් ප්‍රමාණයක් සිදුකිරීමටය . ඉතින් අප සාමාන්‍ය ජීවිතයේ සිදුකරන දේ quantum පරිඝණකයක් මගින් සිදුකිරීමට ගියහොත් එයින් සාර්ථක ප්‍රතිඵල ලබාගැනීමට නොහැකි වනු ඇත සමහර විට එය ඔබේ පරිඝණකයටත් වඩා බොහෝ සෙයින් වේගයෙන් අඩු වීමට ඉඩ ඇත .

මෙම quantum computers මිනිසාට ඉතාමත් ප්‍රයෝජනවත් අන්දමින් භාවිතා කිරීමට හැකිවී ඇත . විද්‍යාගාර තුල කෙරෙන පර්යේෂණ වලදී සමහර සංකීර්ණ අණු වර්ග වැනි දෑ පිළිබදව ගණනය කිරීම් කිරීමේදී විද්‍යාඥයින් බොහෝ දුශ්කරතා වලට මුහුණ පායි ( DNA අණු මීට කදිම නිදසුනකි). මන්ද එම සංකීර්ණ ගණනය කිරීම් සදහා super computers පවා ඉතා විශාල කාලයක් ගන්නා බැවිනි. මේ සදහා quantum computers භාවිතා කිරීමට පෙලබුනහොත් එම කාලය ඉතා විශාල පරතරයකින් අඩු කර ගැනීමට අපට හැකි වනු ඇත . ඒ මගින් ලෙඩ රෝග සදහාද ඉක්මනින් ඖෂධ වර්ග නිපදවීමට හැකිවනු ඇත . කොරෝනා වසංගතය මීට කදිම නිදසුනකි. එය ආරම්භ වී මේ ලිපිය ලියන විට අවුරුද්දක් පමණ ගත වීමට ලගා වී ඇතත් තවමත් මේ සදහා නිශ්චිච ඖෂධයක් සොයාගැනීමට විද්‍යාඥයින් හට නොහැකි වී ඇත . ඊට හේතුව දැනට ඇති තාක්ෂණයේ පවතින දුර්වල තාවයයි. ඉතින් quantum පරිඝණක තවත් දියුණු කිරීමට අපට හැකි වුවහොත් මෙම දුර්වලතා වලට ඉක්මනින් විසදුම් සපයාගැනීමට අපට හැකිවනු ඇත .

වර්තමානයේදී අප දත්ත සුරක්ෂිත තාවය සදහා භාවිතා කරන්නේ encryption code ය . මේවා hack කිරීම සදහා භාවිතා කරන්නේ brute force නැමති ක්‍රමයයි. එනම් එම code ඒක සදහා තිබිය හැකි සියලුම අගයන් දමා පරීක්ෂා කිරීමයි.   Whatsapp වැනි වෙබ් අඩවියක් මෙම ක්‍රමයට hack කිරීමට උත්සාහ කලහොත් super computer එකකට පවා අවුරුදු දහස් ගණනක් ගත වනු ඇත . නමුත් quantum computer එකකට නම් ඉතාමත් සුලු කාලයකින් මෙය නිම කල හැක . එනම් මෙම තාක්ෂණය වැරදි පුද්ගලයන් අතට පත් වුවහොත් ලෝකයට සිදුවන විනාශය අති විශාලය. කෙසේ වෙතත්  මෙම තාක්ශණයේ දියුනුවත් සමගම අපගේ data protection සදහා නම් නව මගක් සොයා ගැනීමට සිදුවන බව නම් නොඅනුමානය. නමුත් අපට දුක් වීමට කරුණක් නැත එයට විසදුම quantum computer තුලින්ම අපට ලබාදී ඇත . quantum computer තුලින් අපට hack කිරීමට සිතියවත් නොහැකි ඉතා සංකීර්ණ code නිපද වීමට මේ වන විට හැකිව තිබෙ.

තවද විද්‍යාඥයින් මෙම විශ්වයේ ස්වභාවය හදුනාගැනීමට කරන පයේෂණ වලදීද , කාලගුණ අනාවැකි ප්‍රකාෂ කිර්‍ර්මේදී කරන ගණනය කිරීම් වලදීද මෙම තාක්ෂණය මගින් නිවැරදිව හා කාර්යක්ෂමව ප්‍රථිඵල ලබාගත හැකි වනු ඇත

මෙම පරිඝණක භාවිතා කිරීමද පහසු නැත මක්නිසාදයත් මෙම පරිඝණක සදහා යම් නිශ්චිත පරිසර තත්ව අවශය මෙම පරිඝනකයක් නඩත්තු කිරීමට වැයවන වියදමද සුලුපටු නොවෙ. මන්ද මෙම පරිඝණකයක් ක්‍රියාකිරීමට -273Co   පමණ උශ්ණත්වයක් අවශය . සාමාන්‍යයෙන් මේ සදහා භාවිතා කරන්නේ  liquid nitrogen ය . මෙම හේතුව නිසාවෙන් මෙම පරිඝණක තවම ලෝකයටම ඇත්තේ ඉතා සුලු ප්‍රමාණයකි.තවද මෙම පරිඝණක ක්‍රියාකරන විට අපට එම පරිඝනකය ඇතුලත පරීක්ෂා කල නොහැක . මන්දයත් මෙහි ඇති quantum superposition අවස්ථාව පවතින්නේ අප එය නිරීක්ශණය නොකරන තාක්කල් පමණක් වන නිසාවෙනි.

කෙසෙ වෙතත් මෙම තාක්ෂණය අද වන විටත් පවතින්නේ ඉතාමත් ප්‍රාථමික මට්ටමකය. විද්‍යාඥයින් දිගින් දිගටම මෙම තාක්ෂණය දියුණු කිරීම සදහා පර්යේෂණ වල නියැලෙමින් සිටියි. අනාගතයේදී මෙම තාක්ෂණය . දියුණු වූ පසුවනම් ලොව වෙනස්ම මගකට යොමු වෙන බව නොඅනුමානය

You may also like :