computer මොලයට එලිය වැටෙයි, සාමන්‍ය processor එකකට වඩා 50% වේගවත් processor එයි.

More like this

සමාන්‍ය processer  එකක් වැඩ කරන්නේ එම processer එක තුලින් විදුලි දාරාවක් ගමන් කරලා ඒත් දැන් අලෝක දාරා මගින් ක්‍රියාත්මක වෙන අලුත් පන්නයේ චිප් මදිලියක් සොයාගෙන තියනවා. මේවා සමාන්‍ය processer එකක් ක්‍රියාත්මක කරන්න යන විදුලි බලයට වඩා අඩු බලයක් යොදාගෙන ක්‍රියාත්මක කරන්න පුලුවන් .

ඇමරිකාවේ කැලිෆෝනියා විශ්ය විද්‍යාලයේ මහචාර්ය ව්ලැඩ්මිර් ස්ටෝනෝවික් ඇතුලු පරික්ෂණ කණ්ඩායම් විසින් සොයාගෙන ඇති මේ චිප්ස් සැදිමේ තාක්ෂණය optical computing යටතට ගැනෙයි.එනම් තොරතුරු හුවමාරු කිරීමට විදුලි ස්පන්දන යොදා ගෙන පරිගණක උපාංග තැනීම පිලිබදව හදාරාන විශයයි.

මෙවැනි ආලෝකය පාදක කරගෙන කරන micro-processer වලදී අඩූ ශක්තිය යොදාගෙන අඩු ඉඩ ප්‍රමානයක් තුල විශාල දත්ත ප්‍රමානයක් හුවමාරු කර ගන්න පුලුවන් . දැනට හොයාගෙන ඇති තාක්ෂණය අනුව එය ඝන මිලිමීටරයක් තුල තප්පරයට ගිගාබයිට් 300 හුවමාරු කර ගන්න පුලුවන් .එනම් ඝන මිලිමීටරයක් දිග-පළල-උස ඇති processer  කැබැල්ලක් තුල ගිගාබයිට් 300 පමණ දැවැන්ත දත්ත ප්‍රමානයක් හුවමාරු කර ගන්න පුලුවන් .එය සමාන්‍ය processer එකකට වඩා 50% ටත් වඩා වැඩි.
මෙයට ආලෝක ස්පන්දනය නිපද විමට විනා තොරතුරු හුවමාරු කර ගන්න විදුලි දාරාවක් අවශ්‍ය නොවේ .එම නිසා විදුලි පරිභෝජනද අඩු වේ.

“Processer එකක් තුල වෙගය හරියටම ලබා ගන්න බෑ. මොකද processer එක රත් වී වේගය අඩු වන බැවිනි “

ච්පයක මූලිකම ස්විචය වන්නේ ට්‍රාන්සිස්ටරයි අර්ධ සන්නායක සිලිකන් කැබැල්ලක හෙවත් චිපයක මේවගේ ට්‍රාන්සිස්ටර් ස්විච මිලියන ගනනක් තිබෙයි. මෙම ච්පයක් තුල කුඩා ඉඩක පවා ට්‍රාන්සිස්ටර් පරිපථ විශාල ප්‍රමනයක් නිපදවීමතුලින් ප්‍රොසෙසරය තුල බලසම්පන්න බව වැඩි කර ගන්න පුලුවන්.

මෙම සිලිකන් ච්පයක් මත ට්‍රාන්සිස්ටර් පරිපථ  සාදනවා වෙනුවට පරමාණු කීපයක් එක් කර එනම් පරමාණුක මට්ටමින් ට්‍රාන්සිස්ටර් ස්විච සාදා , ඒ ඇසුරින් චිප් තැනිමෙ තාක්ෂණක්ද වෙයි. මෙය ක්වන්ටම් පරිගණක (quantum computing ) නමින් හදුන්වයි. මෙම පරමාණු මගින් නිර්මාණය කරන චිප් තුලින් ආලෝක ස්පන්ද සම්ප්‍රේෂණය තුලින් ,තොරතුරු හුවමාරු කර ගන්න පුලුවන් .

ඒ අයුරින් මෙම ආලෝක ස්පන්ද සම්ප්‍රේෂණ තාක්ෂණය ,සාමාන්‍ය ච්පයක් සමගත් සම්බන්ධ කල හැක .එම optical computing processer සාමාන්‍ය processer නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලා වලම විශේෂ යන්ත්‍ර උපයෝගී කර මෙම ෆෝටෝනික ප්‍රොසෙසර් නිශ්පාදනය කරන්න පුලුවන්. එවිට නිශ්පාදනය වන්නේ විදුලිය හා ආලෝකය එක්ව නිශ්පාදනය වන වඩා වේගවත් බලසම්පන්න දෙමුහුන් (hibrid) ප්‍රොසෙසර් මාදිලියකී.