‘Raya and The Last Dragon’ Review

More like this

මාර්තු මාසෙ 5 වෙනිදා Disney+ හරහා නිතුත් වුන ඇනිමේෂන් චිත්‍රපටයක් තමා “raya and the last dragon” කියන්නෙ.IMDb  හි 7.4 ක අගයක් ලබා ගන්න මේ ෆිල්ම් එක සමත් වෙලා තියනවා.

කතාව ගැන කිව්වොත්,අවුරුදු 5000කට පෙර  කුමාන්ද්‍රා කියලා දේශයක් තියනවා,මේ දේශයෙ ආරක්ෂකයො වෙන්නෙ මකරු,නමුත් සිදුවන කිසියම් සිදුවීමක් නිසා මේ මකරුන් සියල්ලම ගල් බවට පත් වෙනවා,නමුත් මකරුන් සියල්ල ගල් බවට පත් වෙන්නට පෙර මේ මකරුන්ගෙන් අන්තිම මකරා වන  බලවත් සිසූ තම බලයන්ගෙන් මාණික්‍යක් නිර්මාණය කරනවා.මකරුන්ගේ නැතී වී යාමත් එක්කම කුමාන්ද්‍රා දේශය වෙන් වෙලා කොටස් 5කට බෙදෙනවා ගෝත්‍ර 5 ක් විදිහට.මෙයින් එක ගෝත්‍රයක් තමයි හාට් කියන්නෙ.රායා කියන්නෙ මේ හාට් ගෝත්‍රයේ නායකතුමාගෙ දුව,ඒ එක්කම මෙයාලා ලග තමා සිසූ විසින නිර්මාණය කරපු මැණික තියෙන්නෙ.අනිත් ගෝත්‍ර මේ මැණික ලබා ගන්න උත්සහ කරනවා,ඔවුන්ගේ විශ්වාසය මේ මැණිකෙන් වාසනාව ගේනවා කියන එක.ඒ එක්කම හාට් දේශයේ නායකතුමා තවමත් විශ්වාස කරනවා,මකරු නැතත්  මිනිස්සුන්ට නැවතත් කුමාන්ද්‍රාව විදිහට සමගියෙන් ඉන්න පුලුවන් කියන එක.ඒ නිසා නායකතුමා තමන්ගෙ දේශයට අනිත් ගෝත්‍ර වලට භෝජන සංග්‍රහයකට ආරාධනා කරනවා,නමුත් මේ උත්සවය අතරතුර එක් ගෝත්‍රයක් මැණික ගන්න උත්සහ කරනවා,ඒ එක්කම අනිත් ගෝත්‍රත් මේකට මැදිහත් වෙලා සටනක් ඇති වෙනවා,මේ නිසා මකර මාණික්‍ය කොටස් 5කට කැඩෙනවා ඒත් එක්කම මැණිකෙ බලය නිසා යටපත් වෙලා තියන අදුරු බලවේගයක් ආපහු මතු වෙනවා,රායාගෙ තාත්තා ඇතුලුව මිනිස්සු බොහොමයක් මේ නිසා ගල් බවට පත් වෙනවා,ඉතුරු වෙන අය මැණික් කැබලිත් අරගෙන තම තමන්ගෙ දේශයන් වලට පලා යනවා එතනින් පස්සෙ මොකක්ද වෙන්නෙ?කුතුහලයක් තියාගෙන බලන්න.

ඒ එක්කම මන් දැකපු දෙයක් තමා මේ කතාව පුරාම ලොකු පණිවිඩයක් දෙනවා ඒ තමා “විශ්වාසය” කියන දේ කොච්චර වැදගත්ද කියන එක, ඒ වගෙම මන් පෞද්ගලිකව ආසයි රායගෙ වාහනේට..