මුල සිට තාරකා විද්‍යාව හැදෑරීම-(2)

More like this

නිරීක්ෂණ තාරකා විද්‍යාවේ මුලික කොටස් කිහිපයක් පසුගිය සතියකදී අධ්‍යනය කලා. මෙම පරිච්චේදය තුලින් අධ්‍යනය කරන්නට බලාපොරොත්තු වන්නේ රොකට් තාක්ෂණය පිලිබඳවයි. ඇත්තවශයෙන්ම අද දිනයේ අධ්‍යනය කිරීමට බලාපොරොත්තු වුයේ තාරකා භෞතික විද්‍යාව පිලිබඳවයි. නමුත් රොකට් තාක්ෂණය පිලිබඳ බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවන බව පෙන්නේනට තිබෙනවා. ඒම නිසා අද මාතෘකාව රොකට් තාක්ෂණය ලෙස වෙනස් කිරීමට සිදු වුණි.

මොකක්ද මේ රොකට් තාක්ෂණය?

රොකට් තාක්ෂණයේ ඉතිහාසය ගත් කලා 1926 දී ඇමරිකන් ජාතික රොබෙට් ගොඩාර්ඩ් ද්‍රව ඉන්ධන වලින් ක්‍රියාත්මක වන ලොව ප්‍රථම රෝකෙට්ටුව ගුවන් ගත කළේය. මෙම අත් හදා බැලීමට ප්‍රධාන හේතුවක් වුයේ 1903 දී කොන්ස්ටන්ටයින් සියෝල්කොව්ස්කි නම් රුසියානු ජාතිකයාගේ “Exploration of cosmic space by means of reaction” නම් ග්‍රන්ථයයි. මෙම රොකට්ටුව අඩි 200 පමණ ගමන් කළ  බව පැවසෙනවා. 1920 දී  ද ජර්මන් ජාතිකයෙකු වන ලුඩ්විග් තියෝෆිලස් විසින් ග්ලයිඩර් නම් රොකට්ටුව ගුවන් ගත කළ බව සදහන්. 1940 පමණ සිට මේ දක්වා බොහෝ රොකට්ටු අභ්‍යවකාශ ගත කර තිබෙනවා.

රොකට්ටුවක ක්‍රියාකාරිත්වය

රොකට්ටුවක් ඉහලට එසවීම සදහා විශාල තෙරපුම් බලයක් අවශ්‍ය නිසා මේසදහා ඉන්ධන ඝන(solid )හො දියර(liquid)ලෙස යොදාගත හැක. මෙම ඉන්ධන දහනයෙන් අදාළ තෙරපුම් බලයක් ලබා ගනි. ඝන ඉන්ධන දැවීම සදහා ඝන ඔක්සිකරකද, ද්‍රව සදහා ද්‍රව ඔක්සිකාරකද යොදා ගනී. හයිඩ්‍රජන් පෙරෝක්සයිඩ්, දියර ඔක්සිජන් යනු එවැනි ඔක්සිකාරක කිහිපයක්. සෑමවිටම රොකට්ටුවකින් ජනනය වන බලය රොකට්ටුවේ බරට වැඩ වැඩි විය යුතුය. රොකට්ටුව තුළ ඇති ඉන්ධන දහනය වනවාත් සමගම ඒම උණුසුම් වායු ධාරා nozzles තුලින් පිටවන විට රොකට්ටුව ඉහලට එසවේ. 

Space Shuttles

වර්ෂ 2003 පමණ පෙර කල රොකට් අභ්‍යවකාශ ගතකිරීම් වලදී අභ්‍යවකාශ ෂටල නැත්තම් space shuttle බොහෝ විට භාවිතය වුණා. මේවා භාවිත කළ හැක්කේ එක වතාවක් පමණයි. මේවගේ වර්තමානයේ වන විට ඉවත් කිරීමට ප්‍රධාන හේතු වී ඇත්තේ අනතුරු බහුල වීම හා අධික වියදමක් දැරීමට සිදුවිමයි. කොලොම්බියා හා චැලෙන්ජර් ෂටල යනු එවැනි අනතුරු වලට මුහුණදුන් ෂටල කිහිපයකි.

ඉහතින් කෙටියෙන් අධ්‍යනය කලේ රෝකෙට් තාක්ෂණයේ මුලිකාංග කිහිපයක් පමණයි. ඔබ‍ට මෙම රොකට් තාක්ෂණය පිලිබඳ ගැටළු ඇති බව පෙන්නුනත් ඒවා මේ හරහා කතා කිරීමට ප්‍රයෝගිකව අපහසුයි.රොකට් තාක්ෂණය පිලිබඳ ලොලීන්ට geeks.lk අප වෙබ් අඩවිය සම්ගින් නිරන්තරයෙන් සම්බන්ද වීමෙන් රොකට් තාක්ෂණය,තාරකාවිද්‍යාව වැනි විශය ශේෂත්‍රයන් පිලිබඳ නවතම පුවත් ලබා ගතහැක.

You may also like :