රොකට් යාන්ත්‍ර විද්‍යාව පළමු කොටස (ROCKET SCIRNCE)

More like this

ඉතින් අද article එකෙන් කථාකරන්න බලාපොරොත්තු වෙන්නේ ටිකක් වෙනස් මාතෘකාවක්‌. එනම් මීට කලින් මේ සම්බන්දව වැඩි දෙයක් මේ හරහා අපි කථා කරලා නැහැ. රොකට් තාක්ෂණය දවසින් දවස දියුණු වෙනවා. නමුත් ශ්‍රීලංකා වේ මේ සම්බන්දව දැනුම තිබෙන බොහෝ දෙනෙක්‌ සිටියත් ප්‍රයෝගිකව යමක් සිදුවන බවක් තවමත් පෙන්න්ට නැහැ. ඉතින් මේ පිළිබදව ශ්‍රීලංකිකයින් ට කිසියම් උනන්දුවක් දැක්වීම මෙයින් බලාපොරොත්තු වෙනවා. මෙහි පළමු article එක ලෙස අද ගෙනෙන article එකෙන් කථා කතාකරන්න බලාපොරොත්තු වෙන්නේ රොකට් එකේ ප්‍රධාන කොටසක් වෙන මේ Turbopump එක කියන්නේ මොකක්ද කියලා.

Turbopump එක කියන්නේ මොකක්ද ?

Turbopump එකක් සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ ඉතින් high-pressure එක්කක් Combustion Chamber (දහන කුටිරය) එකට ලබාගන්න. (මේ දහන කුටිරය ගැන වෙනම article එකක් පසු දවසක කථාකරන්නම්). සරලවම කිව්වොත් Turbopump එකක් කියන්නේ කොටස් දෙකකින් සමන්විත ඉන්ධන පොම්පයක්. එතකොට මේ කොටස් දෙක මොක්කක්ද?  Rotodynamic pump සහ Gas turbine කියලා කොටස් දෙකක් තියෙනවා. තවත් මේ Turbopump එකක ආකාර දෙකකක් තියනවා. එ තමයි Centrifugal pump  සහ Axial flow pump.
( මේ ඉහත ඉංග්‍රීසියෙන් සදහන් කරලා තියෙන කොටස් ටික පසුව වැඩි දුරටත් කථා කරනවා.)

එතකොට මොකක්ද මේ Centrifugal pump එක සහ Axial flow pump කියන්නේ?

මේ Centrifugal pump එක මගින් අධික වේගයෙන්  ඉන්ධන වැනි දියර පිටතට විසි කිරීම මගින් පොම්ප කිරීම සිදු කරනවා. එතකොට මේ Axial flow pump මගින් ප්‍රත්‍යවර්ත භ්‍රමණය සහ ස්ථිතික තල මගින් ක්‍රමයෙන් මේ පීඩනය වැඩි කරනවා. ඉතින් මේ Axial flow pump එකට තියෙන්නේ කුඩා විශ්කම්භයක් වුනත් මේකෙන් සාපේක්ෂව වැඩිවෙන මධ්‍යස්ත පීඩනයක් ලබාදෙනවා. 

අද article එක මෙතනින් අවසන්. 
ඉතින් සාමාන්‍යයෙන් මේවගේ article එකක් ගේද්දී ටික්කක් පොඩියට ගෙන එක තමා වඩාත් හොද මොකද කියනවානම් ගොඩක් ලොකුවට මේ වගේ article එකක් ගෙනාවොත් මේක කියවන ඔබට කම්මැලි හිතෙන්න පුළුවන්. ඉතින් මේ ගැන වැඩිදුර තොරතුරු ඉදිරියට කථා කරමු.