𝐏𝐑𝐈𝐕𝐀𝐓𝐄 𝐂𝐇𝐀𝐓 කරන්න හොඳම 𝐀𝐩𝐩 එක 𝐒𝐈𝐆𝐍𝐀𝐋 ද?

More like this

Signal එක කියන්නේ අලුත් Whatsapp Policy update එකෙන් පස්සේ සෑහෙන්න ප්‍රසිද්ධ වුනු App එකක්. Telegram, Whatsapp වගේ chat app අතුරින් ගොඩක්ම Safe app එකක් තමයි මේ Signal app එක. මේ app එක Privacy වලට ලොකු තැනක් දීලා තියෙනවා. ඒ නිසා තමයි Elon Musk වැනි ලොව සුපිරි ධනවතුන් පවා මේ App එක Use කරන්න කියලා recommend කරේ.ඉතින් එහෙනම් අපි බලමු මොන හේතු නිසාද මේ app එක ගොඩක් අය පාවිච්චි කරන්නේ කියලා..

best whatsapp alternative app
signal app

𝗡𝗢𝗡-𝗣𝗥𝗢𝗙𝗜𝗧𝗔𝗕𝗟𝗘 & 𝗢𝗣𝗘𝗡-𝗦𝗢𝗨𝗥𝗖𝗘

ලංකාවේ අය ගොඩක් තමන්ගේ privacy තොරතුරු ගැන වැඩි අවධානයක් යොමු නොකලත් ලෝකේ ගොඩක් අය තමන්ගේ privacy security එක ගැන ඉතා තදින් ප්‍රවේශම් සහගත වෙනවා. ඉතින් හැමදාම update වෙන මේ chat app එක security අතින් ඉහලම තැනකයි ඉන්නේ. ඒවගේම මේක non – profitable නිසා මේකේ කිසිම තොරතුරක් කාටවත් විකිණීමක් වෙන්නේ නෑ. open-source නිසා ඕන කෙනෙකුට app එක වැඩ කරන හැටි source code වලින් බලන්න පුළුවන්. ඒක නිසා කාටවත් බොරුවක් වංචාවක් කරන්නනම් බෑ 

𝗕𝗟𝗨𝗥 𝗙𝗔𝗖𝗘 𝗘𝗗𝗜𝗧

ඔයා යවන ඔයාගේ photo එකක auto face blur කරන්න හරි ඔයාටම manually ඔයාගේ මුහුණ blur කරන්න මේ feature එක උදව් වෙනවා.

𝗗𝗜𝗦𝗔𝗣𝗣𝗘𝗔𝗥𝗜𝗡𝗚 𝗠𝗘𝗦𝗦𝗔𝗚𝗘𝗦

ඔයා යවන messages තත්පර 5 ඉදන් දවස් 7ක් වෙනකන් automatically Dissapear වෙන්න activate කරන්න පුළුවන්.

S𝗖𝗥𝗘𝗘𝗡𝗦𝗛𝗢𝗧 𝗕𝗟𝗢𝗖𝗞𝗜𝗡𝗚

මේ feature එකත් whatsapp,facebook වල නැති signal වල තියෙන තවත් වටින feature එකක්. ඉතින් මේකෙදි ඔයාගේ චැට් එකේ screenshots ගන්න එක signal app එකෙන් බ්ලොක් කරනවා.


𝗜𝗡𝗖𝗢𝗚𝗡𝗜𝗧𝗢 𝗞𝗘𝗬𝗕𝗢𝗔𝗥𝗗

Android වල තියෙන keyboard එකේ ඔයා type කරන දේවල් save වෙනවා. එකයි අපි එක පාරක් type කරපු දෙයක් අයෙත් අපිට suggestions විදිහට පෙන්නන්නේ. ඉතින් ඔයා මේකට අකමැතිනම් signal app එකෙන්ම දෙන incognito keyboard එක use කරන්න පුළුවන්. එතකොට ඔයා type කරන කිසිම දෙයක් කොහෙවත් save වෙන්නේ නෑ.

𝗢𝗡𝗘 𝗧𝗜𝗠𝗘 𝗩𝗜𝗘𝗪 𝗠𝗘𝗗𝗜𝗔

මේ feature එකටනම් ගොඩක් අය කැමති වෙයි.ඒ මොකද ඔයාට පුළුවන් ඔයා යවන image එකක් අනිත් කෙනාට එක පාරක් විතරක් පෙන්නන්න.ඉතින් whatsapp, facebook වල වගේ chat එකේ image එක save වෙලා තියෙන්නේ නෑ. මේකනම් ගොඩක් වටින security feature එකක්.

𝗜𝗡𝗕𝗨𝗜𝗟𝗧 𝗦𝗖𝗥𝗘𝗘𝗡 𝗟𝗢𝗖𝗞

Whatsapp වල නම්,ඔයාට ඔයාගේ phone එකෙන් තමයි whatsapp app එකට lock එකක් දාගන්න වෙන්නේ. එත් මේ signal app එකේ ඇතුලෙම ඒගොල්ලන්ගෙම in built screen lock එකක් තියෙන හින්ද security එක උපරිමයි.


𝗚𝗥𝗢𝗨𝗣 𝗜𝗡𝗩𝗜𝗧𝗔𝗧𝗜𝗢𝗡 𝗣𝗥𝗜𝗩𝗔𝗖𝗬

Signal app එකේ groups වලට අලුත් කෙනෙක් join කරනවනම් Whatsapp වගේ කෙලින්ම contact එක add කරන්න බෑ.මේකෙදි add කරනවනම් අදාල contact එකට invitation එකක් යනවා. මේ invitation එක accept කරොත් විතරයි එයාට ඒ group එකට join වෙන්න පුළුවන්.ඉතින් මේ feature එක හින්දා ඔයාලා අකමැති groups වලට කිසිම කෙනෙක්ට ඔයාව add කරන්න බෑ.