Space shuttles ගැන හැමදේම

More like this

Space Shuttles නැත්තම් අභ්‍යාවකාශ ෂටල ගැන ඔබ‍ සැවොම දන්නවා ඇති. මලකඩ පැහැති ලොකු බාහිර ටැංකියක් එක්ක දෙපැත්තේ ලොකු සුදු බුස්ටර් දෙකක් හා තවත් කුඩා යානයක් අභ්‍යාවකාශ ගත වනවා ඔබ දැකලා ඇති. මෙන්න මේකට තමා space shuttle එකක් කියලා සාමාන්‍යයෙන් කියන්නේ. ඉතින් මේවගේ යානයක්‌ මුලින්ම අභ්‍යාවකාශ බලා ගමන් කරන්නේ 1981 දී එන්ටප්‍රයිස් යානයයි. මේ යානය යොදා ගන්නේ පරීක්ෂණ සදහායි. ඉන්පසු කොළොම්බියා, චැලේන්ජ්ර්,ඩ්ස්කවරි, අට්ලාන්ට්ස් හා එන්ඩ්වර් යන යානා බිහිවෙනවා.

නමුත් ඉතාමත් අවාසනාවන්ත විදිහට මින් යානා දෙකක් අනතුරු වලට භාජනය වෙනවා. 1986 දී ගුවන් ගත කළ චැලේන්ජ්ර් යානය ගුවන් ගත කර සුළු මොහොතකට පසු පුපුරා යන්නේ එහි සිටි ගගනගාමින් සියළුම දෙනාගේ දිවි අහිමි කරමින්. මේ සියළුම අභ්‍යාවකාශ ෂටල දියත් කරන්නේ කෙනඩි අභ්‍යාවකාශ මධ්‍යස්තානයෙන්(KSC). ඉතින් මේ Space Shuttle වර්තමානයේ දකින්න ලැබෙන්න හම්බෙන්නේ නැහැ. එ වෙනුවට දැන් දකින්න ලැබෙන්නේ ඔරියන් නැමැති නව යානාවයි. එ 2014 වසරේදී. මේ Space shuttle භාවිතය නවත්තන්න නසා 2010 දී තීරණය කරනවා. එකට ප්‍රධාන හේතු දෙකක් තියනවා පළවෙනි හේතුව වුණේ මේ Space shuttle වලට ලොකු වියදමක්‌  දරන්න වෙනවා. දෙවැනි හේතුව තමයි මේ ගොඩක් යානා අසාර්ථක වීමයි. ඉතින් මේ නිසා නසා හිතන්න ඇති ලොකු වියදමකුත් දරා අසාර්ථක පියවර තියෙන්නේ මොකොටද කියලා. 2003 දි කොළොම්බියා ෂටලය තම ගමන අවසානය පෙනෙන මානයේ සිටියදී අවාසනාවන්ත අනතුරකට පත් වනවා. මේ අනතුරේන් එහි  සිටි ගගනගමින් සියළුම දෙනාට දිවි අහිමි වෙනවා. ඉතින් මේ Space shuttle ආපසු පැමිණීමේදී සේල්සියස් අංශක 1500 ක්‌ පමණක් රත් වෙන්න ගන්නවා. මේ ෂටල වල බොහෝ දේ සිදුවන්නේ පරිගණක පාලනයකට යටතේයි. ඉතින් මෙහි සාමාන්‍යයෙන් මගීන් 6-7 ප්‍රමාණයක් රැගෙන යන්න හැකියාව තියනවා. මේ සියළුම මගින් නැත්තම් ගගනගමින් ගමන් ගන්නේ orbiter එකක් නැත්තම් සුදු පැහැති තටු සහිත යානයකයි. මේ යානයෙන් 23000Kg ක පමණ ස්කන්දයක්‌ ඉහළට ගෙනියන්න පුළුවන්කම තියෙනවා. මේ space shuttle පෘතුවි කක්ෂයට භාණ්ඩ ගෙන යාම, අලුත්වැඩියා කාර්ය හා ISS වෙත මගින් රැගෙන යාම සිදුකරනවා. මේ නිර්මාණය සොයාගන්න පුද්ගලයා ලෙස හැදින්වෙන්නේ මැක්සිම් ෆෑජට්ය.

ඉතින් space shuttle ගැන ප්‍රධාන කරුණු කිහිපයක් අද  බැලුවා. ඔබේ දැනුම් පොතට අලුත් යමක් අද article එකෙන් ලබාගත්තා කියලා සිතනවා. රොකට් තාක්ෂණය පිලිබඳ තවත් ඉල්ලීම් හො ගැටළු ඇත්නම් පහතින් සටහන් කරන්නත් අමතක කරන්න එපා.

You may also like :