Spoiler free review of peaky blinders mastermind

More like this

මනඃකල්පිත කතා බලලා ඇති වෙලා ද? සත්‍ය සිදුවීම් ඇසුරින් ගෙතුනු අපූරු TV series එකක් බලන්න කැමතිද?එහෙනම් මේ article එක ඔබටමයි.

18 වන සියවසේ අග භාගයේ සහ 19 වන සියවසේ මුල් භාගයේ එක්සත් රාජධානිය තුල තමාට උරුම තැන ලබා ගැනීමට උත්සහ කරන තෝමස් ෂෙල්බි(Thomas Shelby) ගැන කියන The Peaky Blinders ඇත්තෙන්ම සුපිරිම ගනයේ Tv Series එකක්.

සති ගනන් රබර් වගේ ඇදෙන episode 20-30 තියෙන Tv Series එකකට වඩා එක් Season එකකට මිනි.45 විතර  Episodes 6 ගානේ තියෙන Peaky Blinders ඔයාලව අනිවාර්‍යෙන්ම ඇද බැද ගනී.

මම හිතන විදිහට Peaky Blinders හි කතාව දිගහැරෙන්නේ හරිම interesting විදිහකට.හැම Season එකකදිම පලවෙනි episode 3 විතර කතාව peak එකටම ඇවිල්ලා අන්තිම episodes 3දි වලියක් ගිහින් Tommy සහ එයාගේ පවුලෙ අය තවත් ඉහලටම යද්දි කතාව බලන අපිටත් මාර happy.

මම කියන්නේ ඔබ fighting scenes වලට කැමතිනම් මීටත් වඩා හොද තවත් Tv series එකක් නම් නැති තරම්.ඒ වගේම මේ කතාවේ technology දියුනු වුන විදිහ හරිම ලස්සන විදිහකට පෙන්නල තියෙනව.මේ හැම දේකටම වඩා පවුලක තියෙන්න ඕනෙ සමගිය,පවුලක හැම කෙනෙක්ටම අයිති රාජකාරි හරියට කරන විදිහත් මේ කතාවේ ලස්සනට පෙන්නලා තියෙනවා.

ඉතිහාසය ගැන යම් දැනුමක් ලබාගන්නත් ඔයාලට Peaky Blinders උදව්වක් වෙයි.ඉතින් ඔබත් Tv series වලට ආස නම් Breaking Bad,Money Heist වගේ තාත්වික TV series වලට කැමැත්තක් දක්වනව නම් Peaky Blinders අනිවාර්යෙන්ම බලන්න.

අන්තිමට කියන්න හොද ආරන්චියකුත් තියෙනවා.ඔයාලා හැමෝම කමති Mr.bean චරිතයට පණ පොවපු Sir.Rowan Atkinson , Peaky Blinders Season 6 එකේදි හිට්ලර් විදිහට එනවලු.ඒ Season එක release වෙන්න කලින් අනිත් season ටික බලලම ඉන්න.