කවුරුත් නොදන්න SSD ගැන ඇත්ත කතාව

More like this

මේ දවස් වල  computers use කරන බොහෝ දෙනා කථා වෙන මාතෘකාවක් බවට SSD පත්ව ඇත. SSD එකක් තමාගේ පරිඝණකයට සවිකරගත් පසු තමාගේ පරිඝණකය බොහෝ සෙයින් වේගවත් වන බව ඔවුන් විශ්වාස කරයි. බොහෝ දෙනා SSD පිළිබදව එසේ පැවසුවද අවම වශයෙන් SSD යනු කුමක්ද කියා වත් නොදනී.   SSD යනු කුමක්ද? , එයින් සිදුවන්නේ කුමක්ද ? , එය භාවිතා කාර්‍යක්ෂමව භාවිතා  කරන්නේ කෙසේද? යන්න මෙහිදී සාකච්ඡා කරමු.

SSD යන්නෙහි සැබෑ අර්ථය නම් SOLID STATE DRIVE වේ . ඉතින් මෙම SOLID STATE යන වචනය ඔබට යම් තාක් දුරකට හුරුපුරුදු ඇති. අප සාමාන්‍ය ජීවිතයේ භාවිතා කරන USB , SD CARD වැනි උපකරණ වල DATA ගබඩා කිරීම සදහා යොදා ගන්නේ මෙම SOLID STATE නැමති තාක්ශනයයි . මෙහිදී සිදුවන්නේ SILICON  CHIP තුල DATA ගබඩා කිරීමයි. මෙම ක්‍රමය ඉතා කාර්යක්ෂම  මෙන්ම වේගවත් ක්‍රමයකි. එමෙන්ම මේ සදහා වැය වන්නේ ඉතාම අඩු ඉඩ ප්‍රමාණයකි.

අප පරිඝණක තුල මේ වන විට DATA STORE කිරීම සදහා භාවිතා වන්නේ MAGNATIC HARD DRIVE නැමති උපකරණයයි. එනම් අප කව්රුත් දන්නා HARD DISK එකයි. එහි data ගබඩා කරනු ලබන්නේ magnetic plate  එකක් තුල ය. අප hard disc එකට power ලබා දුන් පසු එම plate එක ඉතාමත් අධික වේගයකින් කරකැවීමට පටන් ගනියි . මෙය motor එකක් මගින් සිදුකරයි. මෙහි ඇති දත්ත කියවනු හා ලියනු ලබන්නේ චලනය වන head එකක් මගිනි . මෙයටද තවත් motor එකක් භාවිතා කරයි. මේ හේතුව නිසා මෙම hard disc ක්‍රියා කරවීමට විශාල විදුලි බලයක්ද අවශ්‍ය වෙයි. එමෙන්ම මෙහි ඇති electornic machanisem එක නිසා දත්ත කියවීමට හා ලිවීමට ද සාපේක්ශව විශාල කාලයක් ගතවෙයි. එහි දතත කියවීමේදී හා ලිවීමෙදී මෙහි ඇති කොටස් motor මගින් චලනය වීමට සිදුවීම මීට හේතුවයි. 

SSD තුල මෙලෙස magnetic plate , motor කිසිවක් නැත . මෙ තුල ඇත්තේ silicon chip පමණි. මේ නිසා මේවායේ දත්ත කියවීමට හා ලිවීමට ගත වන කාලය ඉතාමත් අඩු වේ . එමෙන්ම මේ සදහා වැයවන්නේ ඉතා අඩු විදුලි බලයකි. මේ හේතුව නිසා ඔබගේ laptop එකෙහි battery එක වැඩි කලක් භාවිතා කිරීමටද ඔබට හැකිවනු ඇත. සාමාන්‍යෙන් මෙමෙ SSD එකක් අප භාවිතා කරන සාමාන්‍ය hard drive එකක් මෙන් 25% පමණ වේගවත් වේ.

SSD මෙතරම් ප්‍රයෝජනවත් වූවත් මෙය බොහෝ දෙනා භාවිතා කිරීමට අතපසු කිරීමට ඇති ප්‍රධාන හේතුව නම් මෙහි මිල ඉතා අධික වීමයි. සාමාන්‍යයෙන් SSD එකක් මිලදීගන්නා මුදලින් එමෙන් 6 ගුණයක් පමණ storage ඇති සාමාන්‍ය HARD DRIVE එකක් මිලදීගත හැක. නමුත් වර්ථමානයේ ADOBE වැනි සමාගම් වලින් නිපදවන SOFTWARE  භාවිතා කිරීම GAMES play කිරීම වැනි කාර්යයන් SSD නොමැතිව සිදුකිරීම ඉතාමත් අපහසුය. 

SSD වල ඇති මෙම මිල අධික බව නිසාම 1 TB , 500 GB වැනි SSD මිලදී ගැනීම ඉතාමත් අපහසු කරුණකි. එබැවින් අපට ප්‍රායෝගිකව මිලදී ගත හැකි වන්නේ 100 – 250 GB පමණ වන SSD වේ . 

මේවා භාවිතා කිරීමට ඉතාමත් ප්‍රායෝගික ක්‍රමය නම් තමාගේ OS එක හා SOFTWARS INSTALL කර තිබෙන C DRIVE එක ලෙස පමණක් SSD භාවිතා කර ඉතිරි DATA ගබඩා කිරීම සදහා සාමාන්‍ය HARD DRIVE එකක් භාවිතා කිරීමයි. මෙය වර්ථමානයේ බොහෝ දෙනා භාවිතා කරන වඩාත්ම කාර්යක්ශම ක්‍රමයයි.