පොලාරිස් සහ විචල්‍ය තාරකා

More like this

“Alpha Ursae Minoris” නැත්තම් පොලාරිස්  තාරකාව යනු අහසේ නිශ්චිත    ස්ථානයක පවතින එකම තාරකාවයි. මෙය කුඩා වලසා තරු රටාව අග පිහිටා තිබෙනවා. ශතක ගණනාවක් තිස්සේ එය නාවිකයන්ට මග පෙන්වා ඇති බව නොරහසක්. මෙය කහ පැහැයෙන් යුතු තරුවකි. මෙම තාරකාව ඇල්ෆා උර්සා මයිනොරිස් ලේසද හදුන්වනවා.

වාර්තමානයේ මෙම තාරකාව  ඛගෝලීය උත්තර  ධ්‍රැවයට ඉතා ආසන්නව පිහිටා තිබෙනවා. මෙම ස්ථානයේ තාරකාවක් කිසිදා නොබසින තාරකාවක් ලෙස අපට පෙනෙනවා. නමුත් එම පිහිටීම තාවකාලිකයි. ඒ ඇයිද කිවොත් පෘතුවියේ භ්‍රමණයේ පූර්යාවනය නැමති සංසිද්දිය නිසා පෘතුවියේ  භ්‍රමණ අක්ෂය වෙනස් වීම ඊට හේතුවයි. මෙය නිසා පෘතුවි  භ්‍රමණ අක්ෂය විවිධ තරු වලට එල්ල වෙනවා. මෙම සංසිද්දිය නිසා ක්‍රි.පූ  3000 දී පමණ පෘතුවියේ භ්‍රමණ අක්ෂය  එල්ල වී තිබී ඇත්තේ තුබාන් නැමති තාරකාවකටයි. කෙටියෙන් කිවොත් ක්‍රි. පූ 3000 පමණ දැන් පොලාරිස්ට හිමි ස්ථානය  හිමිකරගෙන ඇත්තේ තුබාන් නැමති තාරකාවයි. තවත් කිවොත් ක්‍රි.පූ 14000 පමණ  භ්‍රමණ අක්ෂය යොමුවන්නේ වේගා තරුවටයි. එවිට අහසේ නිශ්චිත ස්ථානයක පවතින එකම තරුව වේගා වනු ඇත.

පොලාරිස් 

පොලාරිස් තාරකාව ත්‍රිත්ව තරු පද්ධතියකට අයත් තාරකාවක්. තරු තුනක් තමන්ට පොදු ගුරුත්වයක්  යටතේ  භ්‍රමණ වීම ත්‍රිත්ව තරු පද්දතියක්‌ ලෙස හදුන්වනවා. පොලාරිස් සිටින  තරු පද්දතිය  පොලාරිස් A,  පොලාරිස් B, පොලාරිස් AB නැමති තරු වලින් සමන්විත වේ. පොලාරිස්  A තරුව යනු පොලාරිස් තාරකාවට‍යි. දීප්තිය අනුව පිළිවෙලින් පොලාරිස්  A, පොලාරිස්  AB, පොලාරිස් B වේ. මේ අතරින් පොලාරිස් තරුවේ දීප්තිය +2 කි. එය පෘතුවියට ආලෝක වර්ෂ 445 දුරින් පිහිටා ඇත.

විචල්‍ය තාරකා

විචල්‍ය තාරකා යනු,  වරින් වර තමාගේ දීප්තිය වෙනස් කරගන්නා තාරකාවන්ය. ලොව ප්‍රථම වරට විචල්‍ය තාරකාවක් නිරීක්ෂණය කරන්නේ ජොහන්සන් හෝල් නම් නිරීක්ෂකයෙකු විසිනි.  ඒ 1638 දීය.ඉන්පසු 1669 දී දෙවන වරට    විචල්‍ය තාරකාවක් හඳුනා ගත් බව සදහන්ය.  විචල්‍ය තාරකා වර්ග 6 තිබෙනවා. ඒ විදාරන  විචල්‍ය තරු,  භ්‍රමණ විචල්‍ය තරු, ස්පන්දන විචල්‍ය තරු, ග්‍රහණ විචල්‍ය තරු, කැළබිලි සහිත විචල්‍ය තරු වේ. 
දැන් ඒ කිහිපයක් ගැන බලමු, විදාරණ විචල්‍ය තරු චලනයේදී ඒකාකාර බවක් නොපෙන්වයි. මෙම තාරකා වර්ග වලට නිදසුනක් ලෙස කැරිනා තාරකා රාශියේ පිහිටා ඇති කැරීනා තාරකාව හැදින්විය හැක. භ්‍රමණ විචල්‍ය තරු යනු,  හිරු මතුපිට ඇති තරු මෙන් මෙම තාරකා වලද ඇති තරු නිසා දීප්තිය වෙනස් වීමකට ලක්වන තරු වේ. ස්පන්දන තරු වල දීප්තිය, උෂ්ණත්වය විශාලත්වය වෙනස් වේ. බොහෝ රතු යෝධ තරු මේ ගණයට අයත් බව හඳුනා ගෙන ඇත.