අනාගතයට සුදානම් වෙන Space X නවතම starlink චන්ද්‍රිකා 58 අභ්‍යවකාශ ගතකරයි.

More like this

Space X සිය නවතම starlink චන්ද්‍රිකා සමූහයක පසුගිය මස දියත් කල අතර එය දියත් කර දින 10 වැනි කෙටි කාලයක් තුල තවත් starlink චන්ද්‍රිකා 58 අභ්‍යවකාශගතකර තම චන්ද්‍රිකා ජාලය පුළුල්කර තිබේ. එමගින් කක්ෂයේ ඇති සමස්ථ ක්‍රියාකාරී ස්ටාර්ලින්ක් බ්‍රෝඩ්බැන්ඩ් අන්තර්ජාල චන්ද්‍රිකා සංඛ්‍යාව 538 කි.

මෙම space X හී මෙම starlink ව්‍යාපෘතිය මගින් කැනඩාව,ඇමරිකාව වැනි රටවල් වලට බ්‍රෝඩ්බැන්ඩ් අන්තර්ජාල සේවාව ක්‍රියාත්මක කලහැකි අතර මෙමගින් අනාගත අභ්‍යවකාශ මෙහෙයුම් තුලදී පෘථිවිය සමග සන්නිවේදන කටයුතු කාර්යක්ෂමව පවත්වා ගත හැක.

මෙම නවතම starlink චන්ද්‍රිකා වල විශේෂත්වය වන්නේ  තාරකා-විද්‍යා හිතකාමී ලෙස නිපදවා ඇති නිසය. space X හී මෙම starlink චන්ද්‍රිකා ව්‍යාපෘතිය නිසාවෙන් Nasa ආයතනයෙන් හා තාරකාවිද්‍යායන්ගෙන් මෙම space X ආයතනයට දැඩි විරෝධතා එක් විය. මක්නිසාදයත් මෙම starlink චන්ද්‍රිකාවල විශාලත්වය ,දීප්තිය,සාපේක්ෂව අඩු උන්නතාංශ කක්ශය නිසාවෙන් රාත්‍රි කාලයේ අභ්‍යවකාශ නිරික්ෂණ කටයුතු වලදි ඒවා ඉහලින් ගමන් කරන විට එහි ඇති දීප්තිය නිසා අවධානය වෙනතකට යොමු වන බැවිනි.

මෙම නව චන්ද්‍රිකා නිර්මාණය කර ඇත්තේ චන්ද්‍රිකාවට ශක්තිය ලබා ගන්නා සූර්ය ඇන්ටනා පෘෂ්ඨයෙන් ආලෝකය පරාවර්තනය නොවන ලෙසිනි.මෙමගින් චන්ද්‍රිකාවට උපරිම ශක්තියක් ලබා ගත හැකි අතර එමගින් පිටවන ආලෝක ශක්තිය අවමකරගත හැක.

මෙම මෙහෙයුම ස්පේස්එක්ස් හි Smalsat ride share නම් වැඩසටහන යටතේ කල පලමු අවස්තාව වන අතර මෙහි ප්‍රධානම අරමුණ වන්නේ අනාගතයේ space X දියත් කිරීම් වලදී
පෘථිවිය සමග කාර්යක්ෂම සන්නිවේදනයක් පවත්වා ගැනීමයි. 

You may also like :