නැත්තටම නැති වෙලා යන්න හදන Tiktok. #BanTikTok

More like this

මේ වෙද්දී tiktok app එක අයින් කරලා දාන්න අන්තර්ජාලය තුල හා ජ්‍යාත්‍යන්තර වශයෙන් බොහෝ කටයුතු සිද්ද වෙනවා. මේ tiktok නිසා සමාජයට වගේම මිනිස්සුන්ගේ පෞද්ගලිකත්වයට සිදුවන හානිය නවත්තන්න තමා මේ වගේ තිරණයක් අරන් තියෙන්නේ.
මේකට සහය දෙන්න මේ වෙද්දී විශාල පිරිසක් මේ වෙද්දී එක් වෙලා තියනවා. මේ නිසා සමාජමාද්‍යන් වල tiktok අයින් කරමු කියලා මේ විදියට ‘#BanTikTok‘ හෑෂ්ටැග් එකක් පවා ප්‍රසිද්ධ වෙලා තියනවා .

මේ tiktok අයින් කරන්න යන වැඩේ කොච්චර ලොකුවට යනවද කිව්වොත් Google playstore එකේ මේ tiktok app එකේ rating1.3 දක්වා අඩුකරන්න තීරනය කරලා තියනවා. මේ app එකට මිලියන 25 පමණ පිරිසක් rate කරලා තියනවා ඒ හැමෝම කියන්නේ මේක කිසි වැඩකට නැති app එකක් කියලා. මෙහෙම rating අඩු වෙන එක මේ වගේ app එකකට ලොකු පාඩුවක්.ඒ වගේම tiktok තමන්ගේ phone එකෙන් uninstall කරලා දාන්න ගොඩක් අය පෙලබිලා තියනවා.

Tiktok

මේ tiktok කියන්නේ entertainment කියන කාණ්ඩයට අයිතී app එකක් 2018 ඉදලා මේ tiktok app එක ඉතාමත් විශාල ලෙස ප්‍රසිද්ධ වෙන්න පටන් ගත්තා. මේ tiktok app එක පාවිච්චි කරන පිරිස අතරින් මේක වැඩිපුරම පාවිච්චි කරන්නේ තරුණ පිරිසයි ඒ කියන්නේ අවුරුදු 14 – 23 අතර කට්ටිය.

මේකේ ප්‍රශ්නේ තමයි මේ පිරිස අතරින් කවුරුහරි යම් දෙයක් එලියට දානකොට මේ තරුණ පිරිසට සමාජය ගැන දැනුමක් වගේම සමාජයට කියන්න ඔනේ මොනාද නොකියන්න ඔනේ මොනාද කියලා විශේෂ දැනුමක් නැති කමයි. මේ හේතුව නිසා මේ තරුණ පිරිස tiktok app එක හරහා සමාජයට නොගැලපෙන දේවල් පවා එලියට දාන්න පෙලබිලා තියනවා.

මේ tiktok හරහා මේවගේ අනවශ්‍ය දෑ පැමිනීමට විශේෂම හේතුව තමා මෙහි ඇති නීති පද්ධතිය ලිහිල් වීමයි. facebook,instagram,twitter,tiktok වගේ සෑම සමාජමාධ්‍ය ජාලයක් සදහාම private policy යනුවෙන් විශේෂ නීති පද්ධතියක් ඇත. එහෙත් tiktok සදහා වන නීති පද්ධතිය ඉතාමත් ලිහිල් එකකි. මේක නිසා tiktok වල මොන දේ දැම්මත් tiktok ආයතනයෙන් ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ඔයා වැරදී දෙයක් tiktok හරහා ප්‍රසිද්ද කලොත් සමාජයෙන් තමයි ඔයාට ප්‍රශ්නය වලට මුහුණ පාන්න සිද්ද වෙන්න.
ඉන්දීයා තුල tiktok අයින් කරලා දාන්න ප්‍රධාන හේතුවක් තමයි මේක. පරිනත නැති වගේම tiktok ගැන අවබෝධයක්  නැති මිනිස්සු මේක පාවිච්චි කරනවා කියන එක. මේ නිසා ඉන්දීයාව තුල tiktok නැති කරන්න විශේෂ පෙලබීමක් ඇතිවෙලා තියනවා.

ඉන්දීයාව තුල tiktok අයින් කරන්න අනෙක් විශේෂ හේතුව තමයි. tiktok හරහා ඉන්දීයාව තුල මුදල් ඉපයීමට හැකි වීමයි. මේ නිසා tiktok හරහා නිරුවත් හා අඩනිරුවත් දෑ විශාල ලෙස ප්‍රසිද්ධියට පත් වෙන්න පටන් අරන් තියනවා. මේ නිසා මේක ඉන්දීයානු සංස්කෘතියට වගේම සමාජයට විශාල ලෙස බලපෑමක් ඇතිවෙන නිසා මේක අයින් කරන්න විශේෂ බලපෑමක් ඇතිවෙලා තියනවා.

Data privacy

මේ tiktok app එක අයිති වෙන්නේ bytedance කියන චීන සමාගමකට. චීනය තුල තියන සමාජමාධ්‍ය වලට කිසිම පුද්ගලික භාවයක් නෑ ,මොකද චීනය තුල තියන සෑම සමාගමකම වගේම සමාජමාධ්‍ය ජාල වල දත්ත චීන රජයට කෙලින්න බලන්න පුලුවන්. මේ tiktok app එකේ දත්තත් සියල්ලම තැම්පත් වෙලා තියෙන්නේ චීනය තුල තියන internet servers වල නිසා ඔයාගේ දත්තත් මේ tiktok app එක හරහා චීනයට බලන්න පුලුවන්.

අපේ මොන දත්තද tiktok හරහා එකතු කරගෙන තියාගෙන ඉන්නේ :
• Tiktok එකට පුලුවන් අපේ camera එක ඕන වෙලාවක access කරන්න.
• Mic එක access කරන්න පුලුවන් .
• ඒ වගේම ඔයාගේ photo gallery එකේ තියන photos හා videos ඕන වෙලාවක tiktok සමාගමට  බලන්න පුලුවන්.
• අපිට එන හා ආපු calls,massages බලන්න පුලුවන්.
• ඒ වගේම tiktok එකට පුළුවන් අපේ gps එක හරහා අපි ගියපු තැන් හා ඉන්න තැන් බලන්නත්.
( මේ දේවල ඔයාගේ phone එකේ settings වල තියන app permission වලට ගියොත් ඔයාටම බාලා ගන්න පුලුවන් )

ශ්‍රී ලංකාව,ඉන්දීයාව වගේ රටවල් වල මේ data privacy එක ගැන එච්චර කතාබහා කරන්නෙවත් නෑ. මේ වගේ රටවල මේ  data privacy එකට නීති පද්ධතියක් වත් නෑ.
ඒත් ඇමරිකාව,සිංගප්පූරුව ඔස්ට්‍රේලියාව වගේ දියුණු රටවල් තමන්ගේ රටේ data තවත් රටක් එකතුකරනවට කැමති නෑ. මොකද මේ වගේ පොඩි app එකක් හරහා යම් රටක් පිලිබඳව ගොඩක් රහසිගත දත්ත එකතු කරන්න පුලුවන්. මේ හේතුන් නිසා මේ වගේ රටවල data privacy එකට මේගොල්ලෝ ගොඩක් නීති දාගෙන ඉන්නවා.
2019 දී ඇමරිකාවේ තරුණ ළමයින්ගේ දත්ත අනවසරයෙන් එකතුකිරීම නිසා ඇති වූ නඩුවකට tiktok ආයතනයට ඩොලර් මිලියන 5.7 ක වන්දි මුදලක් ඇමරිකාවට ගෙවන්න සිද්දවෙලා තියනවා.

මේ හේතුව නිසා ඇමරිකාව තුල tiktok app එක සීමා කරන්න ගොඩක් නීති දාලා තියනවා.ඒ වගේම ඇමරිකාවේ රජයේ රැකියා කරන පිරිසට විශේෂයෙන් ඇමරිකානු හමුදාවට මේ tiktok app එක සම්පූර්ණයෙන්ම තහනම් කරලා තියනවා. මොකද මේ tiktok app එක හරහා ජාතියක ආරක්ෂාවට විශාල බලපෑමක් ඇතිවෙලා තියන නිසා.

මේ හේතුන් නිසා මේ වෙද්දී ජ්‍යාත්‍යන්තරව tiktok app එක තහනම් කරන්න බොහෝ කටයුතු සුදානම් වෙලා තියනවා. 

You may also like :