උපාලි විජේවර්ධන – 𝗘𝗻𝘁𝗿𝗲𝗽𝗿𝗲𝗻𝗲𝘂𝗿

More like this

උපාලි විජේවර්ධන

1938 පෙබරවාරි 17 උපත ලද පිලිප් උපාලි විජේවර්දන කියන නම අහල නැත්තන් ලංකාවෙ ව්‍යාපාරික ඉතිහාසයෙ පෙරලියක් කරපු චරිතයක් මග ඇරිල කියල තමා කියන්න වෙන්නෙ.. 
මෙයා කුඩා කාලයෙ ජීවත් උනේ දෙමාපියන්ට උරුම වෙලා තිබුන කැලනියේ තිබ්බ “සේදවත්ත වලව්වෙ” .. සරලවම කිව්වොත් උපාලිගෙ පවුලෙ අය නැති බැරි කට්ටිය නෙමෙ.. J.R ජයවර්දන පවා මෙයාගෙ නෑදෑයෙක් වෙනව.. ඉතින් ඒ නිසාම කොළබ රජකීය විදුහලේ ඉගනුම ලබලා එතනින් එහාට කේම්බ්‍රිජ් සරසවියෙ වරම් ලබන්නත් එතනිනුත් උපාදිලාබියෙක් විදියට පිදුම් ලබන්න උපාලි මහත්මයට එදා හැකියාව ලැබෙනව.. .. ඉහලටම ඉගනගන්න උපාලි විජේවර්දනගෙ හිතේ කුඩා කාලෙ ඉදන්ම ව්‍යාපාර වලට තිබ්බ ඇල්ම නිසාම ඉගනිම් කටයුතු ඉවර කරල කෙලින්ම ඉල්ලුම් කරනව ලීවර් බ්‍රදස් ආයතනයේ කලමනාකාර තනතුරකට .. එදා ලිවර් බ්‍රදස් විදියට තිබ්බ ආයතනය තමා අද යුනිලිවර්ස් විදියට රටවල් කීපයක්ම ආක්‍රමනය කරගන ඉන්නෙ.. 

ඉතින් ලීවර් බ්‍රදස් එකට ඉල්ලුම් කරපු උපාලිට පුහුනු කලමනාකාර තනතුරක් ලැබෙනව ..හැබැයි ඉතින් අයදුම්කරුවො සෑහෙන ප්‍රමානයකින් තෝරලා බේරලා අරන් තමා උපාලි විජේවර්දනට එදා මේ රැකියාව ලැබෙන්නෙ .. හැබැයි ඉතින් මේ තනතුර නෙවෙයි උපාලිට අවශ්‍ය උනේ.. උපාලිට වුවමනා උනේ ලීවර් බ්‍රදස් වගේම ව්‍යාපාරික ලෝකයක් ගොඩනගන්න .. ඉතින් කාලය ගෙවෙනව එක්කම මෙයා තමන්ගෙම ව්‍යාපාරයක් ගොඩනගන්න මහන්සි වෙන්න ගන්නව..පොඩි පොඩි හේතු ටිකක් නිසා තමන්ගෙ ගමන යන්න උදව්වක් වශයෙන් පොඩි ප්‍රශ්නයක් මතු වෙලා ලීවර් බ්‍රදස් එකේ රැකියාවත් මෙයාට අහිමි වෙනව.. හැබැයි ඉතින් ඒ රැකියාව අහිමි වීමෙන් උපාලිට තමන්ගෙ හීනෙට යන්න ලොකු උදව්වක් උනා

ලීවර් බ්‍රදස් ආයතනයෙ රැකියාවෙන් එලියට ආවට පස්සෙ තමන්ගෙම ව්‍යාපාරයක් විදියට මෙයා මුලින්ම ආරම්බ කරන්නෙ රසකැවිලි නිශ්පාදනයයි.. අතෙ තිබ්බ අන්තිම සල්ලි ටිකත් වියදම් කරල රසකැවිලි හදන්න ගත්ත උපාලිට ටික කාලයක් යනකොට ව්‍යාපාරික සහයකයෙක් හම්බ වෙනව . මුරුගයියා කියල.. ඉතින් එදා උපාලි ආරම්බ කරපු මේ රසකැවිලි ව්‍යාපාරය මුරුගයියාගෙ සහයත් ඇතුව ටික ටික දියුනු කරගන්නව.. 

රසකැවිලි වලින් ආරම්බය ගත්ත උපාලි රසකැවිලි හදන අතරතුර ටොෆි බ්‍රෑන්ඩ් එකක් හදුන්වලා දෙනව “Delta” කියන නමින්.. ඉතින් අදටත් අපි කන්න ආස ඩෙල්ටා ටොෆිය හැදුනෙ අන්න එහෙමයි.. පස්සෙ කාලෙක උපාලිගෙ සහයකයා වෙච්ච R.මුරුගයියා තමා උපාලි සමූහ ව්‍යාපාරයෙ කළමනාකාර අද්‍යක්ශය දූරයට පිදුම් ලබන්නෙ.. 
ඉතින් එදා ඩෙල්ටා ටොපියෙන් ආරම්බය ගත්ත උපාලි මහත්මයාගෙ ව්‍යාපාරය ටොෆියට එහා යන්න ගත්තා.. මොකද ඩෙල්ටා ටොෆියට ලැබුන ඉල්ලුම ඉතාම ඉහල ගිය නිසා උපාලිගෙ වත්කම වැඩි වෙන්න ගත්ත නිසා Tv, රේඩියො, ඔරලෝසු එකලස් කිරීම ආරම්බ කලා.. හැබැයි පොඩි ප්‍රශ්නයක් ආවා.. මොකද මේ කාලය වෙනකොට විවෘත ආර්තිකයක් නෙමෙයි තිබුනේ.. ඒ නිසා ව්‍යාපාරය හරිම අමාරුවෙන් ගොඩ දාගත්ත උපාලි රේඩියො ,tv ,ඔරලොසු එකලස් කරලා විකුනලා ලොකු ලාබයක් ලැබුවා.. මේ සිදුවීම නිසා තමා UNIC නමින් රේඩියො බ්‍රැන්ඩ් එකක් ලංකාවෙ නිශ්පාදනය වීම ආරම්බ උනේ.. UNIC රේඩියෝව ඒ කාලෙ කා අතරත් ජනප්‍රියම රේඩියො බ්‍රෑන්ඩ් එකක් බවට පත් කරගන්න උපාලි විජේවර්දනට හැකියාව ලැබුනා..
රේඩියො ,tv එකලස් කිරීමෙන් පස්සෙ උපාලි විජේවර්දන ඊලගට අත තියන්නෙ මෝටර් රථ පැත්තට.. කවුරුත් දන්නවනෙ Honda , yamaha , suzuki බයික් එහෙම දැන් එකලස් කරන්නෙ ඉන්දියාවෙ කියල.. ඉතින් ඉන්දියාව වාහන එකලස් කිරීම හිතලවත් නැති කාලෙක .. ඒ කියන්නෙ 1969 වර්ශයේදි උපාලි මහතා හෝමාගම කර්මාන්තශාලා සංකීර්නයක් ඉදි කරලා Mazda සහ Fiat මෝටර් රථ එකලස් කිරීම ආරම්බ කරනව.. ජපන් කාර් අස්සෙ Mazda , Fiat වාහන එකලස් කරල විකුනපු චරිතයක් තමා උපාලි කියන්නෙ.. 
ඉතින් උපාලි කාර් එකෙන් නැවතුනේ නෑ.. උපාලි එතනිමුත් එහාට ඇදිලා ගියා.. ඒ තමා දේශිය ගුවන් සේවා සමාගමක් ප්‍රතම වරට ආරම්බ කිරීම.. පුද්ගලික ගුවන් යානා කිහිපයක්ම මිලට ගත්ත උපාලි විජේවර්දන තමන්ගෙ බලවත්කම තව තවත් වැඩි කරගනිමින් ශ්‍රී ලංකාවෙ ව්‍යාපාර අතින් තවත් ඉහලට ඔසවලා තබන්න සමත් උනා.. ඒ වගේම මේ දේශිය ගුවන් සේවා සමාගම පැවතුන කාලයේ රට තුල ගමන් වලට පවා ගුවන් යානා යොදාගන තියනව.. 
හිතුවද පුද්ගලික ගුවන් යානා ගත්ත කියල උපාලි වැඩෙ අත අරී කියල.. එහෙම උනේ නෑ.. උපාලිගෙ ඊලග ව්‍යාපාරය තමා චොකලට් නිශ්පාදනය..තමන්ගෙ නෑදැ කෙනෙක් විසින් පවත්වගන ගියපු මේ චොකලට් නිශ්පාදනය මහ ලොකු ජනප්‍රියත්වයක් දිනා ගන්න බැරි වෙලයි තිබුනේ ඉතින් උපාලි මේ ව්‍යාපාරය අතට ගත්තට පස්සෙ තමන්ගෙම විදියකට මේක දියුනු කරන්න ගත්තා .. ඒ 1970 දශකයේදි.. ඉතාමත් කුඩා කාලයක් ඇතුලත මේ චොකලට් නිශ්පාදනය සීග්‍රයෙන් ජනප්‍රිය වෙන්න ගත්තා.. උපාලිගෙ ආදායම් මාර්ග වලින් වැඩිම ආදායමක් උපයගන්න මේ චොකලට් නිශ්පාදනය සෑහෙන උපකාර උනා.. මොකද මැද පෙරදිග රටවල් සහ සිංගප්පුරුව , මැලේසියා මාකට් වල පවා උපාලි නිශ්පාදනය කල මේ චොකලට් දකින්න ලැබුනා.. ඒ වෙන මොකක්වත් නෙමෙ අදටත් අපි රස කරලා කන කැන්ඩොස් චොකලට්  .. .. ලෙල්ලටම වැටිලා තිබ්බ චොකලට් නිශ්පාදනය ලංකාවෙන් පිටතටත් ගෙනිච්චෙ අන්න ඒ විදියටයි

මැලේසියාව සහ සිංගප්පුරුව තුල ඔහුට ව්‍යාපාර කොටස් හිමිකම් කීපයක්ම තිබුනා ඒ නිසා ඔහුගෙ නම ඒ රටවල් වල පවා ප්‍රචාරය වීම අරම්බ උනා.. සරලවම කිව්වොත් නිව් යෝක් වල පවා මූල්‍ය සමාගමක් උපාලිට තිබුනා.. 1980 පහු වෙනව එක්කම ඉතින් ආරම්බ උනේ ඉලෙක්ට්‍රොනික යුගයක්.. ඉලෙක්ට්‍රොනික් යුගයේ පෙරමුනෙ හිටපු Motrola සමාගම එක්ක හවුල් වෙලා ඔවුන්ගෙ ව්‍යාපාර වල කොටස් හිමිකරගන ලංකාව තුල ඉලෙක්ට්‍රොනික යුගයක ආරම්බයක් ගන්න උපාලි පියවර තැබුවත්  එ කාලෙ තිබුන කලබලකාරි පසුබිම ඒකට හරස් උනා.. ඒ නිසාඒ ව්‍යාපාරය පවත්වගන යන්න උපාලිට හැකියාවක් ලැබුනෙ නෑ ඒත් 1981 වර්ශයේදි උපාලි මහතා පුවත්පත් කලාවට ප්‍රවිශ්ට වෙනවත් එක්කම දිවයින සහ අයිලන්ඩ් යන පුවත්පත් දෙක ආරම්බ කලා.. ඒ වගේම ලෝකය පුරා ඔහුගෙ සේවකයන් 30,000කට අධික ප්‍රමානයක් සේවය කලා

ඒ විතරක් නෙමෙයි පිටරටවල් වල මැගසින් වල පවා ඔහුගෙ විස්තර ඒ කාලෙ පල උනා.. ඒ තරමට කීර්තියක් අත් කරගත් පුද්ගලයෙක් ඒත් අවසනාවකට වගෙ 1983 පෙබරවාරි13 වන දින මලක්කා සමුද්‍ර සන්දියේ ඉහල අහසෙ පියාසර කරමින් ඉද්දි ඔහුගෙ ගුවන් යානය ඉබේම අතුරුදහන් වෙලා තියනව.. ඒ ගැන කිසිම හෝඩුවාවක් අදටත් හමු නොවීම අවසනාවක්.. ඔහු මිය ගියාද නැතිනම් කවුරු හරි විසින් පැහරගත්තද කියන එක ගැන ලොකු විස්තරයක් කිරීමට සමත් වෙන කෙනෙක් ඉන්නව නම් ඒ උපාලි විතරයි.. 
“මම බොහෝ අවස්ථා වල පවතින නීතිය යටතේ කරන්න පුළුවන් දේවල් වල උපරිම සීමාවට ගිහින් තියෙනවා. ඒත් කවදාවත් නීතියේ සීමාවෙන් පිට නොයන්න මම වග බලා ගත්තා”
         මේ උපාලි විජේවර්දනයන්ගෙ වචන.. උපාලි කවදාවත් නීතියට පිටින් ගියේ නෑ .. මොකද ඒ කාලෙ විවෘත ආර්තිකයකුත් නැතුව ධනවාදි ප්‍රතිපත්තිත් නැතුව උපාලි ඒ තරම් ගේමක් ගහල ගොඩ ගියා නම් අද ඔහු ජීවත් වෙලා හිටියා නම් උපාලි සමූහ ව්‍යාපාරය කොයි තත්වෙක තියෙයිද ? 
කොරියාව වගෙ රටවල් දියුනුවෙ ආරම්බය ගත්තෙ 1980 වගෙ කාලයේදි තාක්ශනික දියුනුව සමග.. ඒත් ලංකාව ඒ ආරම්බය ගත්තෙ 1969දි .. 1969 වෙනකොට අපෙ රටේ Mazda ,Fiat පවා එකලස් කරල විකිනුවා.. උපාලි UNIC රේඩියෝ නමින් බ්‍රෑන්ඩ් එකක් තිබ්බා.. ඉතින් කියන්න තියෙන්නෙ උපාලිගෙ මරණය පිටුපස දේශපාලනය තියනවමයි.. මොකද උපාලිට රටෙ පාලකයෙක් වෙන්නැතුවම රටේ ව්‍යාපාර වෙනස් කිරීමට තරම් බලයක් තිබුනා.. 

ලංකාවෙ බිහි උන ව්‍යවසායකයන්ගෙන් ඉහලටම ගියපු චරිතයක් තමා උපාලි විජේවර්දන.. ඔහුට අලුත් අදහස් වලින් කිසිම අඩුවක් තිබුනෙ නෑ.. ඔහුගෙ අහිමි වීම ලොකු පාඩුවක්