Byte dance හී තවත් යෙදවුමක් වන Vigo video ඉන්දීයාවේ අත්හිටුවයි.

More like this

චීන අන්තර්ජාලයෙ හා චීන software සහා apps වල දැවැන්තයා සහා Tiktok හී මව් ආයතනය වන Byte dance සාමාගම එහි විශාලතම විදේශීය වෙලදපොල වන ඉන්දියාවේ සිය යෙදවුම් දෙකක් අත්හිටුවීමට සැලසුම් කර ඇති බව තම tiktok පරිශීලකයන්ට පවසා ඇත.

එම යෙදවුම් දෙක වන්නේ ගීත සදහා කෙටි කාලීන රූප සටහන් සහ lip syncing පහසු කම ලබා දෙන Vigo video හා vigo video lite ය.එම රටෙහි දේශිය වෙලාවෙන් පාන්දර 5.00 පමණ පණිවිඩයක් යවමින් මෙම වසරේ ඔක්තෝබර් මස අවසානයේ අත්හිටුවන බව නිවේදනය කලේය.මෙම පුවත ඉන්දීයනු මාද්‍ය ආයතනක් වන එන්ට්‍රකර් ප්‍රථමයෙන් මාද්‍ය වෙත නිකුත් කලේය.

Tiktok මෙන් නොව bytedance හී වඩාත් ජනප්‍රියම යෙදවුම වන්නේ vigo video වේ.එය ලොව දෙවනියට විශාලතම අන්තර්ජාලය වෙලදපොල වන ඉන්දියාව තුලට පිවිසීමට මහත් පරිශ්‍රමයක් දැරීය.tiktok සදහා ඉන්දීය පරිශීලකයන් පමනක් මිලියන 200 ඉක්මවා ඇති අතර Vigo video සදහා මාසිකව මිලියන 4 ක පමණ ක්‍රියාකාරි පරිශීලකයන් සිටි අතර vigo video light සදහා මාසිකව මිලියන 1.5 පමණ පරිශීලකයන් ඉන්දීයාව තුල පමණක් සිටීයි.

Vigo video හී විශාලතම වෙලදපොල ඉන්දියාව වන අතර ඉන්දීයවෙහි අසල්වැසි රටක් වන බංග්ලාදේශය හා තවත් ඉන්දීයාවට ආසන්න රටවල් කීපයක්  vigo video යෙදවුම බහුලව භාවිතා කරයි.එහෙත් මෙම යෙදවුම අනෙකුත් දකුණු ආසියාතික රට වලද අත්හිටුවනවාදැය මෙම bytedance සමාගම පවසා නැත.

Vigo video ඉන්දීයාවේ අත්හිටුවීමට  ප්‍රධාන හේතුවක් ලෙස bytedance දක්වා සිටින්නේ vigo video යෙදවුමට සිටින පරිශීලකයන් පිරිස tiktok වෙත සංක්‍රමණය කරවීමට බව ඔවුන් මාද්‍ය වෙත නිකුත් කල ලිපියේ සදහන් කර ඇත. 

You may also like :