What is a singularity?

More like this

මහා පිපිරුම් න්‍යායට අනුව විශ්වය ආරම්භයේදී අපගේ අසල්වැසි මණ්දාකිණින් අතර දුර ශුන්‍යව පැවැත තිබෙන්නට ඇත. අප මහා විදාරණය ලෙස හදුන්වන එම අවස්ථාවේ දී කාලයේ හා අවකාශයේ වර්තනය අපරිමිත වී තිබෙන්නට ඇත. මේවැනි ස්ථාන ගණිතයේදී  අප හඳුන්වනු ලබන්නේ singularity කියන නමින්.

singularity

ඇත්තෙන්ම singularity එකක් කියලා කියන්නේ උත්තරයක් නැති ප්‍රශ්නයක් වගේ දෙයක් . අයින්ස්ටයින්ගේ පොදු සාපේක්ෂතාවාදයට අනුව ගුරුත්වය කියලා කියන්නේ කාලාවකාශයේ සිදුවන වර්තනයක්, නැත්නම් වක්‍රවීමක්. Black holes (කලු කුහරයක්) වගේ ස්කන්ධය අධික වස්තූන් මගින් කාලාවකාශයේ සිදුවන වර්තනය  අසීමිතයි. මේ නිසා  Black hole එකක් සතුව ඉතා ප්‍රබල ගුරුත්වයක් තියෙනවා. ගුරුත්වය කොපමණ ප්‍රබල ද කීවොත් ආලෝකයේ වේගයෙන් ගමන් කරන වස්තුවකට වුවත් black hole එකක ගුරුත්වයෙන් මිදීමට නොහැකි වෙනවා. උදාහරණයකට මෙහෙම හිතන්න, ඔයා black hole එකකට වැටුනොත් ඔයාට එකෙන් එලියට එන්න නම් ආලෝකයේ වේගයට වඩා වැඩි වේගයකින් ගමන් කරන්න සිද්ධ වෙනවා. නමුත් කිසිවකට. කවරදාකවත් ආලෝකයේ වේගයට වඩා වැඩි වේගයකින් ගමන් කරන්නට නොහැකි වේ. අනිත් අතට ඔයා black hole එකේ මායිම (event horizon සීමාව) පසු කරන විටත් ඔයාගේ ශරීරයේ කොටස් රබර් පටියක් වගේ black hole එකේ මධ්‍යට ඇදී යන නිසා ඔයා ඉක්මනින් ම මරණයට පත් වෙනවා.

 Black hole එකක මධ්‍යයේත් singularity එකක් තියෙනවා මෙය 1-dimension point (1D),එහෙම නැත්නම් එක් මානයක් පමණක් ඇති ලක්ෂ්‍යයක්. (අපි ජීවත් වන්නේ 3D, මාන 3 ක් ඇති අවකාශයක් තුලය ) අසීමිත කුඩා අවකාශයක් තුල  අපිරිමිත ස්කන්ධයක් අන්තර්ගත වන නිසා කාලාවකාශයේ වක්‍රතාව අපිරිමිතයි. අපිරිමිත, අසීමිත සංඛ්‍යාවන් ගණනයට ගණිතය සමත් නොවන නිසා singularity එකක් තුල අප දන්නා සියලු න්‍යායන් හා සිද්ධාන්තයන් බිඳවැටෙනවා. පොදු සාපේක්ෂතාවාදය පවා බිඳ වැටෙනවා. 

මේ නිසාම මහා විදාරණයට පෙර වූ කිසිදු සංසිද්ධියක්  නිර්ණයට අපට නොහැකි වී තිබෙනවා. මොකද මහා විදාරණයේදී සියලු ප්‍රක්ෂේපණ බිඳවැටෙනවා. එහෙයින් අපගේ විශ්ව ආකෘතියෙන් ඒ සියල්ල ඉවත් කර මහා විදාරණයේදී කාලය ආරම්භ වී ඇති බව නිගමනය කිරීම ට අපට සිදුවෙනවා. මම කලින් කිව්වා වගේ සෑම සිද්ධාන්තයක්ම බිඳ වැටෙන singularity අවස්ථාවේ දී පොදු සාපේක්ෂතාවාදයත් අසම්පූර්ණ සිද්ධාන්තයක් වෙනවා. මොකද ඒසිද්ධාන්තයත් සියලු ම සිද්ධාන්තයනුත් විශ්වය ප්‍රභවයේදී බිඳවැටෙනවා.

Singularity පිළිබඳ අපගේ දැනුම ඉතා අල්පයි. නමුත් singularity  අපෙන් සගවනා දේ බොහෝයි. Singularity එකක් ගැන අපට සාර්ථක න්‍යායක් නිර්මාණය කර ගත හැකි වුවොත් අපට ඉතා වැදගත් ප්‍රශ්න රැසකට පිලිතුරු දෙන්න පුළුවන් වෙනවා. කලු කුහරයක අභ්‍යන්තරයත්, මහා පිපිරුමට පෙර පැවැති විශ්වයේ ස්වභාවයත් පැහැදිලි කිරීමට අපට හැකි වෙනවා. 

You may also like :