Windows 11 වල ඇත්ත නැත්ත!

More like this

Microsoft ආයතන මේ වෙද්දීත් windows 11 නවතම සංස්කරණය unofficially නිකුත් කරලා තියනවා. ඒත් මේ news එකත් එක්කම අපිට එන ප්‍රශ්නය කීපයක් තියනවා. “ඇයි මේ windows 11 එකක් නිකුත් කරන්නේ?, Microsoft ආයතනය මීට කලින් windows 11 නිකුත් කරන්නේ නෑ කිව්වා නේද?, මොකද්ද මේ ලීක් වෙලා කියන windows 11 එක, එතකොට මොකද්ද ජුනි 24 එන්න තියෙන්නෙ” මේ වගේ ප්‍රශ්නය කීපයක්ම අපිට හිතෙන්න පුලුවන්.ඉතින් මේ සියල්ලටම පිලිතුරක් ඔයාට හොයාගන්න පුලුවන් මේ ලිපිය අවසානය වෙනකන්ම කියෙව්වොත්.

මොකද්ද මේ windows 11 ?

Microsoft සමාගම 2015 ඔවුන්ගේ windows 10 සංස්කරණය නිකුත් කිරීමත් සමග පැවසූ දෙයක් තමයි. මෙම windows 10 සංස්කරණයෙන් පසු ඔවුන් නැවතත් නව windows සංස්කරණ නිකුත් නොකරන බවත් නව features හා නව සංස්කරණයන් windows 10 වලම update එකක් ලෙස ලබා දෙන බවත් ඔවුන් සදහන් කර තිබුනා. එහෙත් මෙම මස තුල Microsoft ආයතනයේ ප්‍රදාන අද්‍යක්ශක වන සත්‍යා නදෙල්ලා මහතා කර තිබූ ප්‍රකාශන් හා windows 10 support වෙබ් පිටුවේ සදහන් කර තිබූ windows 10 හි retirement date එසේ නොමැතිනම් බාවිතය අවසන් වන දිනයක් එක් කර තිබීම නිසා මේ වන විට අන්තර්ජාලය තුල මෙම windows 11 සංස්කරණයක් නිකුත් වන බවට කටකතා විශාල වශයෙන් නිර්මානය වී තිබෙනවා.

මේ පිලිබදව අන්තර්ජාලය පුරා සියලු දෙනා කතා වෙන දේවල් හා මේ windows නවතම සංස්කරණයේ කටකතා වලට අනුව අපිට මෙම වසර තුල නවතම windows සංස්කරණයක් දැක බලා ගනීමට හැකි වනු ඇත.

නවතම windows සංස්කරණය මොන වගේ නමකින් නිකුත් වෙයිද ?

මේ වන විට මේ windows නව සංස්කරණයට නම්ක් micrsost ආයතනයෙන් නිල වශයෙන් ප්‍රකාශකරලා නෑ. ඒත් පසුගිය දිනක micrsost ආයතනය මගින් windows සදහා නිකුත් කරපු නවතම wallpaper එක තුලින් මේ windows මීලග සංස්කරණය පිලිබදව යම් teaser එකක් එසේ නොමැතිනම් ඉගියක් ලබා දෙන බව අන්තර්ජාලය තුල වාර්තා වුනා. ඒ තමයි මෙම wallpaper එකේ තිබෙන කවුලු හතරකින් පැමිනෙන ආලෝකය 11 ඉලක්කම ලෙස සෙවනැල්ලක් ආකාරයෙන් පරිවර්තනය වීමයි.

ඒ වගේම මේ windows 11 නම පිලිබදව තිබෙන තවත් එක rumors එකක් තමයි. Microsoft සමාගම විසින් ඔවුන්ගේ YouTube channel එක වෙත නිකුත් කල නවතම video එක..මේ video එකේ අන්තර්ගත වෙන්නේ windows ආයතනයේ මේ වෙද්දි නිකුත් කරලා තියන සියලුම windows සංස්කරණයන් වල තියන windows start sound එකට එක් කරලා නිර්මානය කරපු video එකක්.video එකේ විශේෂත්වය වෙන්නේ මේ video එක හරියටම විනාඩි 11 කින් අවසාන වෙන එක.

මොකද්ද මේ leak වෙලා කියන windows 11 එක මේක ඇත්තක්ද?

ඔව්, මේ වෙද්දි windows 11 test build නිකුත් වෙලා තියනවා. හැබැයි මේක නිකුත් වෙලා තියෙන්නේ නිළනොලත් විදිහට. ඔබටත් අවශ්‍යනම් මෙම windows 11 test build එක අත්හදා බලන්න පුලුවන්. ඒත් geeks.lk අපි මේක recommend කරන්නේ නෑ මොකද මේ නිකුත් වෙලා තියෙන්නේ test build එකක් ඒ නිසා මේ version එක තුල bugs සහා glitches වගේ දේවල් ගොඩක් තියෙන්න පුලුවන්.මෙම සංස්කරණය ඔයගේ දිනපතා බාවිතා කරන පරිගණකයකට install කිරිමෙන් ඔබගේ පරිගණකය තුල තිබෙන පෞද්ගලික දත්ත වලට හානියක් වෙන්න පුලුවන්.

Windows 11 සංස්කරණයේ නව පහසුකම් මොනාද?

මේ වන විට නිකුත් වී තිබෙන test version එකට අනුව මෙම windows 11 හී ප්‍රදානම වෙනසක් වෙන්නේ Task Bar එක. මෙම task bar එක apple Mac os ආකාරයට Microsoft ආයතන නිර්මාණය කර තියෙනවා. එසේම ඔබට අවශ්‍යනම් පෙර පැවති ලෙස start menu එක වම් පසට එක් කර ගන්න පුලුවන්. තවත් පැහැදිලි වෙනසක් වන්නේ මෙම නවතම windows 11 සංස්කරණය තුල multitasking සදහා විශේෂයෙන්ම වෙන්වූ features විශාල ප්‍රමානයක් දැක ගත හැකි වීම.

ඒ වගේම මෙම නවතම මෙහෙයුම් පද්ධතිය තුල round corners හා dark mode පහසුකම බලාගන්න පුලුවන්.snap control ලෙසින් maximize button එකට නව feature එකක් එක්වනු ඇත.ඒ තුලින් අපට අවශය ලෙස windows හා menus custermize කර ගත හැක. ඒ වගේම windows 11 සදහා නවතම wallpaper මාලාවක් මේ සමග නිකුත් වී ඇත.

Windows 11 නිලවශයෙන් නිකුත් වෙන්නේ කවදද?

Micrsost ආයතනය ජුනි මස 24 වන දින online event එකක් සංවිධානය කර තිබෙනවා, බොහෝ දුරට මෙම event තුලින් pre-release windows 11 version එකක් හෝ අවම වශයෙන් නවතම windows සංස්කරණක් පිලිබදව teaser එකක් හෝ දැක බලා ගැනීමට හැකි වේවි. ජුනි මස event එක මහින් windows මෙහෙයුම් පද්ධතියක් නිකුත් වුනොත් එය බොහො දුරට windows insidesලා වෙනුවෙන් තමයි නිකුත් වෙන්නේ. ඉන් පසුව මහජනතාව වෙනුවෙන් නව windows මෙහෙයුම් පද්ධතිය නිකුත් වෙවි.

Micrsost ආයතනයට අනුව ඔවුන්ගේ ඉදිරියට පැමිනිමට නියමිත් මෙහෙයුම් පද්ධතිය. Windows 95 නිකුත් වූ පසු විශාලම වෙනසක් ඇති කිරිමට නියමිත පද්ධතිය බව ප්‍රකාශ කර තිබේ.