Wonder woman 1984 HBO max මගින් විකාශනයට ගත් තීරනය හොද තීරනයක්ද ?

More like this

Covid-19 virus එක මේ වන විටත් ඇමරිකාව සම්පුර්ණයෙන්ම ගිල ගෙන අවසන් මේ හේතුව නිසා සිනමාකර්මාන්තයටත් විශාල පහරක් එල්ල වී තිබේ.උදාහරනයක් විදිහට වසරකට සැරයක් fillm එකක් මුදාහැරි marvel ආයතනය මේ වසරේදී තමන්ගේ කිසිදු නිර්මානයක් ප්‍රේක්ෂකයන්ට මූදා නොහැරීමට කටයුතූ කරලා තියනවා.

නමුත් DC ආයතනය මීට හාත්පසින්ම වෙනස් තිරනයක් අරන් තියනවා.ඒ තමයි wonder woman 1984 fillm එක HBO streaming මගින්  බෙදා දෙන්න

Wonder woman fillm එක ප්‍රතමයෙන් නිකුත් වීමට තිබුනේ අගෝස්තු මාසයේදි.එත් කොරෝනා වෛරස් එක නිසා මේක තෙවරක් කල් ගියා.ගොඩක් ප්‍රේක්ෂකයෝ හිතුවේ මේක ලබන අවුරුද්දට ඒ කියන්නේ 2022 කට කල් යයි කියලා ඒත් ඒකට හොද විසදුමක් warner brothers ආයතනය පසුගිය දින ලබා දුන්නා.ඒ තමයි wonder woman 1984 fillm එක HBO max වලින් විකාශය කරන්න ඔවුන් එකග වෙලා තියනවා.hbo කියන්නෙත් හොද platform එකක් ගොඩක් අය කියන්නේ මේක streaming වලට දැම්මේ hbo max එකට මේ වෙද්දි තියන Netflix ,Amazon prime ,disney + වගේ අනිත් streaming platform  එක්ක හොද කරට කර සටනක් දෙන්න කියලා

ඒත් එක්කම තවත් පිරිසක් කියන දෙයක් තමයි HBO වලින් මේක release කරන එක මේ fillm එකට කරන ලොකු අසාදාරනක් කියලා. ඒ වගේම තවත් කට්ටියක් කියන දෙයක් තමයි wonder woman  stream කලොත් fillm එකේ budget එක තරම් ආදයමක්වත් ලබා ගන්න බැරි වෙයි කියලා.

කොහොම වුනත් මේ හේතුව නිසා අපිට fillm hall එකකට ගිහින් හොදට ඉදගෙන popcorn එකක් කකා, cocacola එකක් බොන ගමන් fillm එක්   බලන්න වෙන්නේ නෑ.අපිටත් HBO max වලින් තමයි බලන්න වෙන්නෙ.ඒත් ගහෙන් වැටුනු මිනිහට ගොනා ඇන්නා වගේ HBO max තාම ලංකාවට available නෑ.ඒක නිසා අපිට ෆිල්ම් එක download කරන්න release වෙනකම් බලන් ඉන්න වෙනවා.

කොහොම වුනත් streaming service වලට fillm එකක් release වෙනවා කියන්නේ release වෙලා පැයක් ඇතුලත් full HD වලින්, fillm Download sites වල ඕක download කරන්න පහසුකම තියනවා.මේ හේතුව නිසා අපිටත් මේක release වෙන නත්තල් දවසෙම බලන්න පුලුවන් වෙයි.

කොහොම වුනත් මේ හරහා HBO max වලට හොද ප්‍රසිද්ධියකුයි ආදායමකුයි ලබාගන්න හැකි වෙයි.ලංකාව වගේ දකුනු ඉන්දීය රටවල් වල streaming කියන එකට ප්‍රසිද්ධියක් නැති වුනාට යුරෝපීය රටවල් වල tv බලන්වට වඩා steaming ප්‍රසිද්ධියි.එම නිසා මෙය fillm industry එකේ නව පිම්මක් බව warner brothers ආයතනය පවසනවා.

කෙසේ වෙතත් ලබන අවුරුද්දෙත් කොරෝනා ප්‍රශ්නේ විසදුනේ නැත්තම් fillms streaming කියන එක අපිටත් සාමාන්‍ය දෙයක් බවට පත් වෙයි.

You may also like :