ලෝකෙම කලබමින් ලබන මාසෙ නිකුත් වෙන Cyberpunk 2077

More like this

Gaming ලෝකයේ news පිලිබද ඔබත් අවධානයෙන් සිටින අයෙකු නම් මේ වන විටත් Cyberpunk 2077 ගැන මේ වන විටත් අසා ඇති.Sony PlayStation 5 console එක එලිදැක්වීමත් සමග කැලඹුනු Gaming World එකේ මේ වන විට Trending News එක බවට පත්වී ඇත්තේ මෙම Cyberpunk 2077 video game එකයි.

ඇයි මේ හැමෝම Cyberpunk 2077 ගැනම කතා වෙන්නේ?මොකක්ද මේ game එකේ විශේෂත්වය?

ඔබ Gaming ගැන නිරන්තර අවදානයෙන් සිටින්නෙක් නම් CD Projekt ගැනත් ඔබ අසා ඇති.ඔව්,2019 වර්ශයේ Game of the year (GOTY) සම්මානය දිනාගත් The Witcher : Wild Hunt game එක නිපැදවූ CD Projekt තමයි Cyberpunk 2077 අප වෙත අරන් එන්නේ.ඉතින් මේ game එක ගැන කට්ටිය මෙච්චර උනන්දු වෙන එක පුදුමයක් නෙමෙයි නේද?

Action-Adventure category එකට වැටෙන මෙම game එක සුපිරිම ඝනයේ gaming අත්දැකීමක් වේවි.ගොඩාක් අලුත් games 2020 release වුනා.එම games සමගත් සටන් කරන්න පුලුවන් විදිහේ සුපිරිම Graphics අපිට මෙම Cyberpunk 2077 game එකෙන් බලාගන්න පුලුවන් බවයි CD Projekt නම් කියන්නේ.

Regions 6 කින් යුත් අතිවිශාල night city හි  V නමින් හදුන්වන කුලී මිනීමරුවෙකු ලෙසට තමයි අපිඅට මෙම Game එක play කරන්න ලැබෙන්නේ.First Person Perspective view එකකින් අප වෙත එන Cyberpunk 2077 අතිවිශාල Free – roaming open world game එකක්. 

2020 දෙසැම්බර් 10 වෙනිදා Playstation 5,Playstation 4,Xbox One,Xbox Series X/S සහ Stadia යන platforms වලට මෙම game එක නිකුත් කරන්න කටයුතු ලෑස්ති කරල ඉවරයි.කෙසේ වුනත් මෙම game එක play කරන්න නම් ඔබට අනිවාර්යෙන්ම gaming console එකක් හරි හොද පරිගණයක් හෝ උවමනා වෙයි.

You may also like :