අද article එකෙන් අපි කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ බොහෝ දෙනෙක් නොදන්න කළු කුහර ගැන වැදගත් කරුණු කිහිපයක්. ඇත්තටම මේ කළු කුහරයක් කියලා කියන්නේ විශ්වයන් දෙකක් හෝ එකම විශ්වයේ ස්ථාන දෙකක් යා කරන පාලමක් කියලා සමහර විද්වතුන් මත පල කරනවා. නමුත් ඇත්තටම කළු කුහරයකයකින් ආලෝකයට වුවත් ගැලවුමක් නැ. කොටින්ම කිවොත් කළු කුහරයකින් බේරී ඉවතට යාමට ආලෝකයේ ප්‍රවේගය අවශ්‍ය වෙනවා. සාමාන්‍යයෙන් කළු කුහරයක් ඇති වෙන්න අපේ සුර්යයා මෙන් තුන් ගුණයක විතර ස්කන්දයක් සහිත තරුවක් විය යුතුයි. ආරම්භයක් තිබෙන සෑම වස්තුවකටම අවසානය්කුත් තිබෙන බව ඔබ හැමෝම දාන්න කරුණක්. ඉතින් මේ කළු කුහර කියන්නෙත් තරුවක අවසානය වෙන්න පුළුවන් තවත් එක් අවස්ථාවක්. නමුත් සෑම තරුවක්ම මේ වගේ අවසානයකට මුහුණ දෙන්න වන්නේ නැහැ. අපි ඒ පිලිබදව වෙනත් ලිපියකින් එකකදී කතා කරමු.
තාරකාවක අවසානය වන්නේ කෙසේද?
ඇත්ත වශයෙන්ම අපේ සුර්යයා හා ඒ හා සමාන ස්කන්ධ ඇති තාරකාවන්ගේ අවසානය කළු කුහරයක් නොවන බව ඔබට කවුරුත් දාන්න කරුණක්. මෙවැනි තාරකා අවසානයේ සුදු වාමන තාරකාවක් බවට පත් වනවා. මෙම සුදු වාමන තාරකාවන් ගේ උපරිම ස්කන්දය සුර්ය ස්කන්ද 1.44 කි. මෙය චන්ද්‍රසේකර සීමාව ලෙසද හදුන්වන අතර මෙම සීමාව ඉකමවන ඕනෑම තරුවක් සුපර්නෝවා පිපිරීමකට ලක්වී නියුට්‍රෝන තාරකාවක් හෝ කළු කුහරයක් බවට පත්වනවා.
කළු කුහරයක් යනු කුමක් ද?
කළු කුහරයක් යනු ආලෝකයට පවා ගැළවී යා නොහැකි අවකාශයකි. එය අධික ගුරුත්වාකර්ෂණ බලයකින් යුක්ත වූ හිස් නොවූ අවකාශයකි. කළු කුහරයට ඔබ්බෙන් පිහිටි අවකාශය “යළි පැමිණිය නොහැකි” අවකාශයක් ලෙස සැලකේ. කළු කුහරයේ පවතින අධික ගුරුත්ව බලය නිසා ඉන් කිසිවකට ගැළවීමක් නොමැත
දුරේක්ෂ 8ක ජාලයක්
කළු කුහරය ඡායාරූපයට නැගීමට හැකි ප්‍රබල තනි දුරේක්ෂයක් ලෝකයේ නොමැත. එහෙයින් ප්‍රබල දුරේක්ෂ 8ක් එක් කර තැනූ දුරේක්ෂ ජාලයක් මේ සඳහා යොදා ගැනිණි. එම දුරේක්ෂ විවිධ ස්ථාන 8ක ස්ථානගත කර තිබිණි. හවායි සහ මෙක්සිකෝහි ගිනි කඳු, ඇරිසෝනා සහ සියෙරා නවාඩාහි කඳු, චිලීහි ඇටකාමා කාන්තාරය මෙන් ම ඇන්ටාක්ටිකාව ද එම දුරේක්ෂ ස්ථානගත කළ ස්ථාන අතර විය.
මන්දාකිණියක කළු කුහරයක් පළමු වරට ඡායාරූපයට නැගූ හැටි
මන්දාකිණියක පිහිටි කළු කුහරයක ඡායාරූපයක් පළමු වරට කැමරාවක සටහන් කර ගැනීමට තාරකා විද්‍යාඥයින් පිරිසක් සමත් විය. එහි විෂ්කම්භය කිලෝමීටර් බිලියන 40ක් පමණ වන අතර, පෘථිවිය මෙන් මිලියන තුන් ගුණයක විශාලත්වයෙන් යුක්ත වේ. විද්‍යාඥයන් එය හඳුන්වන්නේ, “රාක්ෂයෙකු” ලෙසය. කිලෝමීටර් ටිලියන මිලියන 500ක් තරම් දුරින් පිහිටි එම කළු කුහරය ඡායාරූපයට හසු කරගෙන ඇත්තේ, ලෝකයේ ස්ථාන කිහිපයක රැඳවූ දුරේක්ෂ 8ක කැමරා ජාලයක් ආධාරයෙනි. මේ සම්බන්ධ තොරතුරු ‘Astrophysical Journal Letters‘ හි පළ කර තිබේ.
කළු කුහරය ඡායාරූපයට නගා ඇත්තේ, ‘Event Horizon Telescope'(EHT) නමැති දුරේක්ෂ 8ක ජාලයක් මගිනි.
අත්හදා බැලීම යෝජනා කළ නෙදර්ලන්තයේ රැඩ්බවුඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය හෙයිනෝ ෆැල්කේ බීබීසී පුවත් සේවයට පැවසුවේ, එම් 87 නමැති මන්දාකිණියෙන් එම කළු කුහරය සොයා ගැනුණු බවය. “අපි මේ දකින කළු කුහරය අපේ මුළු සෞරග්‍රහ මණ්ඩලයටත් වඩා විශාලයි,” ඔහු පැවසීය.
“එය සූර්යයාගේ ස්කන්ධයට වඩා බිලියන 6.5 ගුණයකින් වැඩියි. ඒ වගේ ම ඒක විශ්වයේ පවතින බව විශ්වාස කරන විශාලතම කළු කුහර අතරින් එකක්. ඒක ඇත්තෙන්ම රාක්ෂයෙක්. විශ්වයේ කළු කුහර අතරින් හෙවිවේට්(heavyweight) ශූරයා වන්නේ මෙයයි.”
ඡායාරූපයෙන් පෙනී යන්නේ අතිශය දීප්තිමත් “අග්නි වළල්ලක්”, බව පවසන මහාචාර්ය ෆැල්කේ සඳහන් කළේ, එම අග්නි වළල්ල වෘත්තාකාර කළු කුහරය වටා දක්නට ලැබෙන බවය. එම දීප්තිමත් රැස් වළල්ල ඇති වීමට හේතුව අධික ලෙස දහනය වූ වායු කුහරය තුළට පතිත වීමය. එතරම් දුරක පැවතිය ද, පෘථිවියේ සිට එය දැකගත හැකි වන්නේ, මන්දාකිණියේ ඇති බිලියන ගණනක් තාරකාවන්ට වඩා ඉන් වැඩි ආලෝකයක් නික්මෙන හෙයිනි. එම කළු කුහරයට වායු ඇතුළු වන්නේ අඳුරු පැහැති වෘත්තයේ දාරය තුළිනි. එය අධික ගුරුත්වාකර්ෂණ බලයකින් යුක්ත වන අතර, ඉන් ආලෝකයට පවා ගැළවීමක් නොලැබේ.
මෙම ඡායාරූපය ලබා ගැනීම සඳහා දුරේක්ෂ ජාලය ඉදි කළ කණ්ඩායමේ සාමාජිකයෙකු වූ යුනිවර්සිටි කොලේජ් ලන්ඩන්හි ආචාර්ය සිරි යවුන්සි පැවසුවේ, න්‍යායාත්මක භෞතික විද්‍යාඥයින් සහ හොලිවුඩ් සිනමා අධ්යක්ෂවරුන් කළු කුහර සම්බන්ධයෙන් නිර්මාණය කළ චිත්ත රූප මෙම ඡායාරූපය සමග සැසඳෙන බවය.
“න්‍යායාත්මක ගණනය කිරීම් අනුව සකස් කළ ඡායාරූප මේ ඡායාරූපයට බෙහෙවින් සමාන වීම විශේෂත්වයක්. මේ මගින් යළිත් වරක් පෙනෙන්නේ අයින්ස්ටයින් නිවැරදි බවයි,” ඔහු පැවසීය.
කළු කුහරයේ පළමු ඡායාරූපය හරහා මෙවැනි අද්භූත ආකාශ වස්තු පිළිබඳව අධ්‍යයනය කිරීමට පර්යේෂකයින්ට අවස්ථාව හිමි වනු ඇත. කළු කුහරය වටා ඇති දීප්තිමත් රශ්මි මාලාව නිර්මාණය වූයේ කෙසේ ද යන්න කිසිවෙකු නිවැරදිව නොදනී.