කවුද මේ Ben 10 ගේ Alien X

More like this

මුලින් කියන්න ඔනෙ Ben 10 කතා මාලාවෙ Alien x කියන චරිතය අපිට මුලින් හම්බෙන්නෙ Alien force එකෙ X = Ben + 2 එපිසොර්ඩ් එකෙ. ඔයාලට මතක ඇතිනෙ අර මිනිස් ගෙම්බො වගෙ සෙට් එකක් ඇත්තටම උන් ගෙම්බො තමා හැබැයි පිටසකවල ගෙම්බො කොහොමහරි ඔතනදි වෙන පොඩි සීන් එකක් නිසා වෙල්ල කැඩිලා වතුර එද්දි බෙන් අලුත් පිටසක්වලෙක්ව try කරනවා ඊටපස්සෙ අත රවුමක් කරකොලා 
” ඉන්න… මම හැමදේම තිබුන විදියට හරිගස්සන්නම්… ” 
හැමදේම කිව්වා වගෙ හරි ගස්සනවා එ කියන්නෙ එතන කාලය, time එක රිවර්ස් කරනවා කියන එක Flash කරෙ ZSJL  අන්න එ වගෙ.
දැන් ඔයාලට හිතෙනවා ඇති ඔච්චරයි ද මෙයාට කරන්න පුලුවන් කියලා නැහැ ඇත්තටම අපි මෙ දැක්කෙ මෙයාට කරන්න පුලුවන් දේවල් වලින් බොහොම පොඩ්ඩයි මොකද අපි මෙ කතා කරන්නෙ මෙ විශ්වයෙ ඉන්න බලවත්ම ජීවීන් කොට්ටාසය ගැනයි️ 
ඇත්තටම Alien x කවුද ?  ඔකනෙ හැමෝටම තියෙන ප්‍රශ්නය හරි අපි කතා කරමු එ ගැන 

ben 10 Sinhala review

Alien x කියන්නෙ ඇත්තටම Celestialsapien කෙනෙක්ගෙ DNA සාම්පලයක්. Celestialsapien ලා ජීවත් වෙන්නෙ මෙ යුනියෙන් පිට තැනක ඒ ප්ලෙස් එක හදුන්වන්නෙ Forge of Creation සරල විදිහට විශ්වයට පිටින්විශ්වයෙ වෙන සෑම දෙයක්ම බැලන්ස් කරන්නෙ තීරණය කරන්නෙ මෙහෙයවන්නෙ මෙන්න මෙතනින්. ඉතින් එකෙන්ම තෙරෙනවානෙ Ben ගෙ Omnitrix එක ඇතුලෙත් ඉන්නෙ එහෙම හැකියාවක් තියෙන කෙනෙක්මයි ️ එ වගෙමයි Celestialsapiens ලා කියන්නෙ හැමදේම තාර්කීකව හිතලා බලලා තීන්දු තීරණ ගන්න කොටසක් මෙකට මෙයාලට Personality දෙකක් තියෙනවා ආදරය කරුණාව කියන Personality එකට කියන්නෙ Serena ඒ වගෙම කලහකාරි සහා ප්‍රචන්ඩත්වයේ Personality එකට කියන්නෙ Bellicus. ඉතින් celestialsapien ලා මොනම දෙයක් කරන්න ගියත් අනිවාර්යයෙන්ම මෙ දෙන්නාගෙන් අවසරය ගන්න ඔනෙ. මෙ දෙන්නාව ඔයලා දැකලා තියෙනවා  මතකනෙ අර බෙන් Alien x උන ගමන් යන්නෙ මෙන්න මෙ දෙන්න ගාවට නෙ අර මුනවල් දෙක අන්න එ දෙන්නා තමා Celestialsapienලාගෙ Personalities දෙක. හැබැයි ඔතන අනිත් Celestialsapien ලාට වඩා වෙනස්ම දෙයක් උනා එ තමා Ben , සාමාන්‍යයෙන් Personalities දෙකයි නෙ තියෙන්නෙ හැබැයි Alien x ට තුනක් ඉන්නවා 

එ කියන්නෙ? 

අහ් ඔව් Benනුත් Alien x ගෙ personalities වලින් එකක්. එයා තමා “voice of reason ” එ කියන්නෙ හේතුඵලයෙ හඩ. බෙන්ට කරන්න තියෙන්නෙ Alien x කරන්න ඔනෙ දෙ ගැන කියලා එ ගැන ඇයි එහෙම කරන්නෙ කියලා හෙතු දක්වන එක 
උදා : ඔන්න පෘථිවිය විනාස වෙන්න යන්නෙ, මෙ දෙට බෙන් එක්ක අර දෙන්නත් තර්ක කරනවා මොකක්ද කරන්න ඔනෙ කියලා පෘථිවිය බෙරගන්න හේතු කියන්නේ බෙන් 
ඔන්න ඔහොමයි Alien x ක්‍රියා කරන්නෙ හැබැයි අර දෙන්නාම එ එ වැඩෙට එකග වෙනකන් Alien x ගෙන් වැඩක් නැ කොටින්ම Benටවත් පාලනය කරන්න බැ 

මෙතන කතා නොවුන තව දෙයක් තියෙනවා එ තමා Alien X කියලා නම් තියෙන්නෙ ඇයි කියන එක 
   • ඇත්තටම ‘ Alien ‘ කියන නම විතරයි බෙන්ගෙ Celestialsapien DNA එකට තිබුනු නම. හැබැයි X එන්න හෙතුන් දෙකක් තිබුනා……
             1.රෝමන් ඉලක්කම් වලින් X = 10 එතකොට Alien Force එකෙ Ben ගෙ දහවෙනි ජීවියා මෙ Alien ඉතින් Alien X කියලා නම වැටුනා 
               2. අනිත් දෙ නම් හැබැයි ඊටවෙනස් අපි ගණිතයෙ දි පවා නොදන්න හෝ කෙනෙකුව හෝ යම් දෙයක්  හදුන්වන්න X කියන ස‍ංඛේතය පාවිච්චි කරනවානෙ ඉතින් Alien X කියන්නෙත් අපි කවුරුත් අඩුම Azmuth වත් Professor Paradox වත් හරිහැටි විස්තර නොදන්න ජීවීන් කොට්ටාසකය ඉතින් එ නොදන්න දේ , නොදන්න පුද්ගලයා හදුන්වන්න මෙ X කියන සංඛේතය Alien X ට ආවා කියලා කියන්න පුලුවන් 
    එලියන් X නැත්තං බල තරුවා ගැන කතා කරනවා අනිවාර්යයෙන්ම එයාගෙ වර්ගයා ගැන කතා කරන්නෙ නැතුවම බෑනෙ ️ 
             • මුලින් කියලා තියෙනවා වගෙ මෙයලා තමා විශ්වයේ සෑම ක්‍රියාවලියක්ම සිද්ද කරන්නෙ දෙවල් ඇති කරන්න විනාස කරන්න අලුතින් නිර්මාණය කරන්නත් මෙයලට පුලුවන්. එ වගෙ මෙයලා ඉන්නෙ අපෙ යුනියෙ නම් නෙවෙයි ඊට ගොඩක් එහායින් එ කියන්නෙ අපෙ යුනියෙන් පිට තමා මෙයලා ඉන්නෙ. කාල රේඛාන් එක්ක එක හැදුන පාරක් එක්ක තම්මා මෙයලාට මෙ Forge of Creation කියන ප්ලෙස් එකට යන්න පුලුවන් මෙතන තමා මෙයාලාගෙ බලකොටුව වගෙ එකට ඉදලා එක එක්කෙනා මෙ විශ්වයන් වලට අදාලාව තීන්දු තීරණ ගන්නෙ. Forge of Creation කියන ප්ලෙස් එක ලෙසියෙන් කෙනෙකුට හොයන් යන්න බෑ එ වගෙම ලෙසියෙන් කෙනුකට ඇතුලු වෙන්නත් බැ හැබැයි යනවා නම් ලෙසීම විදිහ තමා map of infinity එක use කරන එක 


Map Of Infinity?

මන් කෙටියෙන් කියන්නම්කො MOI කියන්නෙ Forge of Creation කියන හයිඩන් එ කියන්නෙ සැගවුනු ලෝකයට ( කියලා කියමු ) යන්න තියෙන ප්ලෙස් එකට යතුර වගෙ වැඩ කරන්නෙත් මග පෙන්නන්නෙත් පුලුවන් එකෙන් ඉතින් ඕක පලු 4 කට වෙන් කරලා ප්‍රොෆෙසර් පැරඩොක්ස් එක එක ප්ලෙසස් වල හැංගුවා මොකද 4 එකට තිබුනොත් ඇස්මෝසියන්ස්ලාට , ඩාර්ක් ස්ටාර්ලා වගෙ අයට මෙ Forge of creation එකට ඇතුළු වෙලා එයලාගෙ පවර් කොර් එකෙන් ශක්තින් උරාගෙන අසීමාන්තික ශක්තියක් ලබාගන්න පුලුවන් නිසා මෙක ලෙසියෙන් කරන්න පුලුවන් වෙන්නෙ Baby Alien X කෙනෙක්ගෙන් තමයි 

මෙක ගැන මෙහෙම කතා කරොත් ටොපික් එකෙන් පිට යන නිසා මෙතනින් නවත්තනවා Ben 10 ultimate aliens Season 2 බලලා නැත්තං අනිවාර්යයෙන්ම බලන්න මෙ ගැන පැහැදිලි කිරිමක් සිරිස් එකෙම කරනවා ️ 
ඉතින් කලින් කියලා තියෙනවා වගෙ MOI එක හැරුනාම තව කෙනෙක්ගෙ මග පෙන්වීමකින් හො Celestialsapien කෙනෙකුගෙ උදව්වෙන් යන්න පුලුවන් හැබැයි මෙතට අන්න අවසර නැති කිහිපයකුත් ඉන්නවා එ අතරින් Celestialsapienලා අකමැති කෙනා Professor Paradox තමා. මෙකනෙ celestialsapien ලා කරන්නෙ විශ්වයන් තුල තියෙන හැමදෙම සමබරව පාලයන කරන එකනෙ කාලය කියන දේ පවා හැබැයි මෙ හැමදේකටම පිටින්නෙ අපෙ Paradox වැඩ කරන්නෙ එයා කාලය එක්කමනෙ එ කියන්නෙ සමහර සිදුවීම් වෙනස් කරන්නත් මෙයාට පුලුවන්කම තියෙනවා ඉතින් එ නිසාම Celestialsapien ලා මෙයා එක්ක ඇරියස් 
 එතකොට අනිත් celestialsapien ලාත් Alien x වගෙ ද කියලා ඔයාලට ප්‍රශ්නයක් එයි 

  • ඔව් ඇත්තටම මෙයාලා එක එක ප්‍රමාණයෙන් උස් මහත් කෙට්ටු මෙ මෙ විදිහට ගැහැණු පිරිමි විදිහට ඉන්නවා. එ වගේම මෙයාලාටත් තියෙන්නෙ මනුස්ස හැඩරුවක්මයි. එ කියන්නෙ පිරිමි Celestialsapien ලා හොද හැඩි දැඩි පිරිමින් වගෙම ගැහැණු Celestialsapien ලා කෙට්ටු හැඩ කාන්තාවගෙ හැඩය තියෙනවා. මෙ කියපු දේ නම් Ultimate aliens season 2 බලපු අය දන්නවා ️ 
  • අනිත් දෙ තමා මෙයාලාව අපි දකින විදිහට හරියට අපෙ විදිහට කිව්වොත් මෙයාලා ඉන්නෙ හෙලුවෙන්  ඔව් ඔව් සිරාවටම කියන්නෙ Im not joking guys  මෙයාලට ඉතින් ඇදුම් තිබ්බත් මොකො නැතා මොකො නෙද මොකද මෙයලාගෙ හැඩරුවත් Alien x ගෙ හැඩරුවම පාටම තමා. කලු පාට body එකට පුරාම රෑ අහසෙ තරු පායලා ගෙ සුදු පාට ඩොට් ඩොට් තියෙනවා ඇත්තටම ඒ තියෙන්නෙ තරු . බෙන්ට කොල ඇස් තිබුනාට මෙයලාගෙ ඇස් නම් සුදු පාටයි එවගෙ ඉතින් මීට අමතර තව Celestialsapiens ලා වර්ග දෙකක් ඉන්නවා මෙයලා නම් ඇදුම් ඇදන් ඉන්නෙ එවගෙමයි මෙයලාගෙ personalities ගත්තාම අනිත් Celestialsapien ලාට වඩා වෙනස් එ  තමා Starbeard ලා සහා  the Galactic Gladiator ලා
  • Starbeard ලා කියන්නෙ ආර්මර් එකක් ඇදන් ඉන්න ලොකු දිග රැවුලක් තියෙන Alien X  කෙනෙකුට 
  • Galactic Gladiator ලා කියන්නෙත් විශිෂ්ඨ ගනයේ රණශූරයන් කිව්වොත් හරි මෙයාටත් ආමර් එකක් තියෙන Gladiator Alien x කෙනෙක් කිව්වොත් හරියට හරි 

[ මෙ දෙන්නාව හරියටම දැක ගන්න පුලුවන් ominverse එකෙදී ]
එ වගෙම කියන්න ඔනෙ Starbeard සහා the Galactic Gladiator ගේ personalities ඉක්මනින් තීන්දු තීරණ දෙන අය  එ කියන්නෙ උඩ කියලා තියෙනවා වගෙ Celestialsapiens ලාට personalities 2 සින් එක මතකනෙ අන්න එ සිද්දිය සාමාන්‍යය Celestialsapiens ලාට නම් එක තීරණයක් තර්ක කරලා එක උත්තරයකට එන්න අවුරුදු දහස්ගණනක් යනවා 
ඔයාලට මතක ඇතිනෙ බෙන් පලවෙනි පාර Alien x වෙලා ගිහාම Serena සහා Bellicus ලා තවම ඩයිනෝසරයන්ගෙ ප්‍රශ්නය ගැනවත් තර්ක කරලා තිබුනෙ නෑ  මට මතක විදියට මිලියන 80 ගැටලුව ද කොහෙද  කොහොමහරි මෙහෙම ප්‍රශ්න ගොඩාක් එක්ක මෙයාලා හැමදාම තර්ක කර කර ජීවත් වෙන්නෙ ඒක නිසාම Celestialsapiens කියන්නෙ විනෝදකාමි ජීවීන් කොටසක් නම් නෙවෙයි. මෙ දේම අර Celestialsapiensලාගෙත් ඒ කියන්නෙ  Starbeard සහා the Galactic Gladiator  තිබුනාත් මෙයලා හදිසි අවස්ථාවලදි ඉක්මන් තීරණ ගන්නත් ගොඩාක් එවා දැඩි තීන්දු තීරණ විදිහට සලකනවා සාමාන්‍යය Celestialsapiens ලාගෙ personalities එක්ක බැලුවාම 

•  මෙච්චර වෙලා අපි Alien x ගැන වගෙම Celestialsapiens ලා ගැන කතා කරාට අපිට බැරි උනානෙ මෙයාලගෙ හැකියාවන් ගැන කතා කරන්න එහෙනම් අපි බලමු නෙද මෙ සුපිරිම බලවත් ජීවියාගෙ powers abilities මොනාද කියලා ️ 
Serena ට අනුව නම් Alien X කියන්නෙ බලගතුම ජීවියෙක් මෙ ජීවියාට කරන්න බැරි දෙයක් නැ කියලා කියනවා  එහෙනම් අපි යමු කෙලින්ම මොනාද කරන්න පුලුවන් කියලා බලන්න

Ben 10 Sinhala Cartoon alien x

 Infinite/Unlimited රියැලටීස් සෙරම නැති කරලා දාන්න – • Alien x ට නැත්තං celestialsapiens ලාට පුලුවන් කමක් තියෙනවා කාලය , සියලුම විශ්වයන් , සියලුම රියැලටීස් , කාල රෙඛා මෙ එකි මෙකි නොකි හැමදේම එකම එකම පොඩි සිතුවිල්ලකින් නැත්තටම නැති කරලා දාන්න.


Creation/Recreation – 
                 • universe එකක් අලුතින් නිර්මාණය කරන්න වගේම ප්‍රතිනිර්මාණය කරන්න හැකියාවක් පවා Alien x ට තියෙනවා.


 Infinite Strength –
                • ප්‍රමාණයෙන් හිතාගන්නවත් බැරි තරම් විශාල ග්‍රහලෝකයන් පවා දූවිලි ගානට දාලා විනාශ කිරිමෙ හැකියාව තියෙනවා.


 Mind Control – 
                  • මෙ පවර් එකත් තියෙනවා කියන්නේ හිතාගන්න පුලුවන් නෙ Alien x කියන්නේ මොනගෙද කියලා  ඔව් omniverse බලපු කෙනෙක් නම් දන්නවා Alien x ට අනිත් අගයගෙ  මයින්ඩ් පාලනය කිරිමේ හැකියාව සුපිරියට තියෙනවා කියලා ️ 
 Fighting Skills 
                 • Alien X කියන්නෙ infinite speed එකකින් flying කරන ගමන් ෆයිට් fight කරන්න පුලුවන් කෙනෙක් එ කියන්නෙ Dc universe එකෙ සුපර් මැන් fight කරන්නෙ අන්න එ වගෙ පියාබන ගමන් එ වගෙමයි හිතාගන්න බැරි තරම් ස්පීඩ් එකකින් ෆයිට් කරන්න පුලුවන් හැකියාව තියෙනවා. 
                       • එ වගේමයි Hand-to-Hand Combatant. මෙ අතිනුත් තමන් සමග සටන් කරන ප්‍රතිවාදියා ගෙ fighting style ඉතා වෙගයෙන් කොපි කිරිමෙ හැකියාවත් එ අනුව ප්‍රතිප්‍රහාර එල්ල කිරිමෙ හැකියාවත් තියෙනවා.


[ මෙ කියපු දෙත් omniverse බලපු කෙනෙක් නම් දන්නවා Alien x vs Galactic Gladiator සටනෙ දී ️ ]

  Self-Duplication

• Alien x පුලුවන්කමක් තියෙනවා තමන්වම ක්ලෝන් කරගන්න හරියට Echo Echo වගෙ 
        [ omniverse එකෙ මෙ හැකියාවත් පෙන්නනවා  ]
 Regeneration
                     • Alien X ට හැකියාව තියෙනවා හානි උන භෞතික ඔනෑම නැවත පිරිසකල කිරිමට හැකියාවක් තියෙනවා
 [ TIME REVERSE නෙවෙයි මෙත එක හරියට ඇනඩයිට් පවර් එකක් වගෙ ]
Time Manipulation: 
                        • කාලය පාලනය කිරිමෙ හැකියාව. මෙ හැකියාව ඔයාලා දැක්කා මතකනෙ වෙල්ල හදපු විදිහ time reverse කරලා. 
Space Manipulation:
                        • එක මානෙක ඉදන් තවත් මානෙක සිද්ද වෙන දෙවල් බලන්නත් එක මානෙක ඉදන් අනිත් මානෙ සිද්ද වෙන දේවල් පාලනය කිරිමෙ හැකියාවක් Alien X ට තියෙනවා.

Erasure
  • Celestialsapiens ලාට හැකියාවක් තියෙනවා දේවල් ඇති කරන්න වගේම මකා දමන්නත් ° උදා : කලු කුහර 


බුද්ධිය :   IQ  1^30 nonillion. විශ්වයෙ ඔවුන් එකියන්නෙ Alien x සහා ඔහුගෙ වර්ගයා Celestialsapiens ලා  නොදන්න දෙයක් නෑ 




ඉතින් ඔයාලාට පැහැදිලි වෙන්න ඇති කියලා හිතනවා Alien x කියන්නේ කවුද Celestialsapiens ලා කියන්නේ කවුද මොනාද එයාලාගෙ හැකියාවන් අරවා මෙව්වා සේරම ඉතින් මෙ ලිපියෙන් මොනාහරි දෙයක් ඔයලා Alien x ගැන දැනගන්න ඇති කියලා හිතනවා

hype zone

article by : – Sudumal de silva , hype Community