ආවුරුදූ 400 කට වරක් පෙනේන අභිරහස් නත්තල් තාරකාව

More like this

මේ මස 21 වනදා නැත්තම් අද දින යනු තාරකා විද්‍යාවට ආදරය කරන සෑම කෙනෙකුටම ඉතාමත් සුවිශේෂී වගේම අමතක නොවන දිනයක්. අද දවසේ විශේෂත්වය ඔබ මේ වෙන විටත් දන්නවා ඇති.නත්තල් තාරකාව නැවත අහසේ දිස් වන දිනයක් කියලා අද දින බොහෝ අය හදුන්වනවා. නත්තල් තාරකාවේ අබිරහස ගැන පෙර article එකකින් කතා කලා. සැබෑවටම අද දිනයේත් සිදුවන්නේ එදා නත්තල් දා සිදු වූ සංසිද්ධියට තරමක් සමාන සංසිද්ධියකි. මෙලෙස බ්‍රහස්පති හා සෙනසුරු එක එල්ලයක පිහිටන්නේ වසර 397පමණ පසුවයි. මෙය ඉතාමත් දුර්ලභ සංසිද්ධියක් විදිහට හැදින්වුවත් වරදක් නැහැ.

නිරීක්ෂණය කරන්නේ කෙසේද ?

රාත්‍රී 6ත් 7.30 අතර වෙලාවක බස්නාහිර දිශාවට ආසන්නව දීප්තිමත් තරුවක් නිරීක්ෂණය කලහැකි. ඔබ නිරීක්ෂණ තාරකා විද්‍යාවේ ප්‍රවිනයෙකුනම් මෙය කිසිදු ගැටලුවකින් තොරව නිරීක්ෂණය කරන්න පුළුවන්. පළමු වරට නිරීක්ෂණය කරන නිරීක්ෂකයෙකුට වුවත් ඉතාමත් පහසුවෙන් නිරීක්ෂණය කරන්න හැකියාව තියනවා. හිරු බැස ගිය විගස මෙය දිස්වන්නට පටන් ගන්නවා. රාත්‍රී 8 පමණ පසු මෙය දිස් නොවන්නේ ඇයි දැයි දැන් ඔබ‍ට ගැටළුවක් ඇති පෘතුවියේ භ්‍රමණය නිසා මෙම ග්‍රහලෝක දෙක ක්ෂිතිජයෙන් පහලට ගියවිට එය අපිට නොපෙනී යනවා. මෙම තරු දෙකේ මෙම දුර්ලභ පිහිටීම නිසා තරමක විශාල ආලෝකයක් දිස්වන බව පැවසෙනවා. නමුත් අවාසනාවකට අද දිනයේ කාලගුණය හරස් වුවහොත් මෙම අගනා අවස්ථාව මගහැරී යනු ඇත. පුද්ගලිකව මා සිටින ප්‍රදේශයට මෙම සංසිද්ධිය කාලගුණික හේතුන් නිසා  නොපෙනේ. මෙයට ආසන්න සංසිද්ධියක් 2080 සිදුවීමට නියමිත බවත් පැවසෙනවා. නමුත් මෙවන් උච්චතම අවස්තාවක් සිදුවන්නේ අද දිනයේයි. සමහරවිට මෙවැනි අවස්තාවක් නැවත  ඔබේ ජිවිත කාලය තුළ නොපැමිණීමට පුළුවන් ඒම නිසා මෙවැනි අවස්ථාවක් මගහැරීම මහත් අනුවණ ක්‍රියාවකි. මේ සංසිද්ධිය ඔබ නිරීක්ෂණය කල ආකාරය පහතින් අදහසක් ලෙස ප්‍රකාශ කරන්නටත් අමතක නොකරන්න.