ඇත්තටම අපි ජීවත් වන චක්රවටයේ තරු බිලියන 200ක් පමණ තියෙන්න පුළුවන් නමුත් මේවට අපේ සුර්යයා වගේ ජීවයේ පැවැත්මක් ලබාදෙන්න පුළුවන්ද? මෙම තරු බිලියන 200 සියයට 90වක්ම දුඹුරු වාමනයන්(brown drafts) ඉතින් මේවාට නම් කිසිම විදිහට ජීවයක් ලබාදෙන්න හැකියාවක් නැහැ. ඉතුරු සියයට 10නුත් බහුතරයක් රතු යෝධයින්. එතකොට මේවයේ තියෙන අධික ගුරුත්වාකර්ෂණ බලය නිසා මේ තරු අවට තියෙන ඒක ග්රහලෝකයවත් ජීවයක් හටගන්න හැකියාව නැහැ. මේ වගේ ජීවයක් ලබාදෙන්න පුළුවන් තාරකා වෙනම් ඒවා අපේ සුර්යයා වගේ මැදි වයසේ තාරකා වෙන්න අවශ්‍යයි. එතකොට අපේ චක්රවටයේ මේ වගේ තරු ලක්ෂයක් පමණ තිබෙනවා. මේවගේ තරු වල වටේ තියෙන තරු වල තිබෙන ග්‍රහලෝක වල ජීවයක් තියෙනවා කියලා හිතන්න පුළුවන්. (ඉහත සදහන් කලේ පෘතුවියේ වැනි ජීවයක් හට ගැනීමට අවශ්‍ය දේයි.)
ජීවියෙක් ඉන්නවා කියලා හිතන්න පුළුවන් ග්‍රහලෝක තියෙනවාද?
ජීවියෙක් ඉන්නව කියලා සැක කරන්න පුළුවන් ග්‍රහලෝක දැනටමත් හොයාගෙන තියෙනවා කියලා මම නැවත අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. එ වගේ ග්‍රහලෝක කිහිපයක් තමයි අපි හොදින්ම දන්න යුරෝපා, අගහරු, සිකුරු කියන්නේ. ඉතින් අද article එකෙන් අගහරු පිළිබද.
මැකී ගිය ජනාවාසය අගහරු
“අගහරු ” නැත්තම් “Mars” කියන්නේ යුද්ධයට අධිපති දෙවියන් කියලා ඔබ මේවනවිටත් හොදින්ම දන්නවා. පසුගිය දිනවල perseverance හින්දා අගහරු ගැන ගොඩක් අහන්න දැනගන්න ලැබුනා. ඇත්තටම perseverance යානයේ ප්‍රධාන අරමුණ වුණෙත් අගහරු වල අතීතයේ ජීවයක් තිබුනද කියලා සොයාගන්න එකයි. මෙහි අතීතයේ ජීවයක් තිබුනා කියලා සහතික කරන්න නොහැකිවුනත් තිබුනා කියලා හිතන්න පුළුවන් විදිමත් සාධක තිබෙනවා. ප්‍රධානම සාධකයක් වන ජලය එහි අඩංගු වෙනවා. නමුත් එම ජලය පවතින්නේ අයිස් නැත්තම් ඝන අවස්ථාවේ. මේකට බොහෝ සෙයින් හේතු වෙලා තිබෙන්නේ අගහරු මතුපිට ඇති අධික ශීතල කාලගුණයයි. තවද මෙහි අතීතයේ සීදී ගිය ගංගා වල සලකුණු තිබීමද ජීවයක් පැවති බවට කදිම සාක්ෂියක්.
අගහරු මතුපිට
අගහරු මතුපිට ඇති මේ පස රතු පැහැයක් ගන්නවා. එකට හේතුව අයන් ඔක්සයිඩ් නැත්තම් යකඩ ඔක්සයිඩ් එහි අඩංගු වීමයි. තවද මේ පසෙහි අගහරු පාෂාණ වන බැසෝල්ට් පාෂාණ වලට වඩා සිලිකන් ප්‍රතිශතයක් තිබෙනවා.
අගහරුගේ පරිසරය
අගහරු ගේ මතුපිට සිට ඉහල බැලුවොත් අපිට පෙන්නේ අපේ හුරුපුරුදු අහස නම් නොවේ. එයට හේතුව අගහරු ගේ වායුගෝලයෙ ඇති අධික දුවිලි අංශුයි.
අනාගත අගහරු
ඇත්ත වශයෙන්ම අඟහරු වල ජනාවාස බිහි කිරීම සඳහා Spacex ආයතනය මේ වන විටත් කටයුතු කරමින් පවතිනවා. මේ වන විට ඔවුන් starship නැමැති යානයක් අත්හදා බලමින් පවතින බව ඔබ දන්නවා ඇති. මේ පරීක්ෂණවල අරමුණ අනාගතයේ අඟහරු වල මිලියන ගණනක් ජනාවාස බිහි කිරීමයි. ඉතින් මෙය අනාගත පෘථිවියේ ජනාවාස ගැටළුවට පිළිතුරක් සපයනු ඇත. පවසන අන්දමට 2050 වන විට ඔවුන්ට ජනාවාස යම් තාක් දුරකට පවත්වා ගැනීමට හැකිවනු ඇත. එහිදී පළ වන ගැටලු සම්බන්ධයෙන් ඉදිරි දවසකදී කතා කරමු.
- Playboi Carti’s Unreleased Documentary Footage: Behind-the-Scenes of “Over” Music Video and More
- Breaking Down the Meaning and Themes of Jay-Z and Kanye West’s ‘No Church in the Wild’
- The Top 10 Best Madison Beer Songs of All-Time
- Top 10 Cartoons To Watch If You Like Ben 10
- Jenna Ortega: We Need More Gore! ‘Wednesday’ Season 2 Should be Scarier, Less Romantic